Saturday, November 7, 2015

මෛත‍්‍රී - රනිල් මධු සමය අවසානය හා සිවිල් සමාජය නන්නත්තාර වීම !

 සිවිල් සමාජයේ පිරිසක්, සිවිල් යුද්ධය අවසානයෙන් පසුව, රාජපක්ෂ පාලනය අවසන් කළ යුතු බවට වන නිගමනයට තනි තනිවත් සාමූහිකවත් එළඹීය. තනි තනිව, තමන්ට හැකි පමණින් තම ශක්ති ප‍්‍රමාණයට මෙම මතය රටවැසියන් තුළ තහවුරු කිරීමට ද, එ් මතය වටා සංවිධාන ගතවීමට තවත් පිරිසක්  ද පියවර ගනු ලැබීය විය.

මෙම සංවිධාන ගත වූ පිරිස පොදු තේමාවන් ඉදිරිපත් කරමින් ජන මතය ගොඩ ගැනීමට කථිකා කර, එ් සඳහා සංවිධානය විය. මෙම පිරිස එකම වේදිකාවට පොදු තේමාව යටතේ ගොඩ වුව ද, අරමුණු, ඉලක්ක න්‍යාය පත‍්‍ර වෙනස්වූ එ්වා විය.

ජනාධිපතිවරණය ප‍්‍රකාශයට පත් කිරීමත් සමග සංවිධානාත්මකව පෙරට ආ මෙම පිරිස වටා, පෙර සඳහන් කළ තනි තනිව, රාජපක්ෂ පාලනය නිමා කළ යුතුය යන නිගමනයට පැමිණි සිවිල් රට වැසියන් ද එ්කරාශී විය. එ් අතරම, ඊට ප‍්‍රතිවිරුද්ධව රාජපක්ෂ පාලනය රැුක ගැනීම සඳහා ඉදිරිපත් වූ සිවිල් රට වැසියන් ද, සංවිධාන ද විය. ඔවුන් ද වේදිකා තනාගෙන එ් සඳහා පෙනී සිටියේය.

රාජපක්ෂ පාලනය අවසන් කිරීමෙන්  පසුව ප‍්‍රසිද්ධ වේදිකාවල ප‍්‍රකාශවූ සහ ප‍්‍රතිපත්ති මාලාවලින් ඉදිරිපත් කළාවූ ද කරුණු ඉටු වේ යැයි එසේ නැති නම් ඉටු කරාවිය යයි යන විශ්වාසය තිබූ කිසිවකු සිටියා ද යන්න ගැන නම් ඇත්තේ සැකයකි. 

නමුත් රාජපක්ෂ පාලනය අවසානය සමග ඇති වූ නිදහස් අවකාශය උපරිම ලෙසට ප‍්‍රයෝජන ගනිමින්, එම නිදහස් අවකාශය අවකාශය රැුක ගැනීම බහුතරයේ අරමුණ වූ බවට නම් සැකයක් නැත. 

ජනාධිපතිවරණයෙන් පසුව හා මහ මැතිවරණය අතර කාලය තුළ රාජපක්ෂ පාලනය අවසන් කිරීමට දැක්වූ උනන්දුව, අධිෂ්ඨානය එ් සඳහා කැප වූ සිවිල් සමාජයෙන් ඈත් වන්්නට පටන් ගත්තේ සීඝ‍්‍රයෙනි. එ් බවට හොඳම උදාහරණය, ජනාධිපතිවරණය සමයේ සිවිල් සංවිධාන එකතුවන්ගේ ක‍්‍රියාකාරකම්වලට, එක් වූ පිරිස හීන වීමෙන් මනාව ඔප්පු කර සිටියේය. ඔවුන්ට විද්්‍යුත් මාධ්‍යය හරහා ජනතාව ඇමතීමට හැර ජනතාව අතරට ගොස් ජනතාව ඇමතීමට තිබූ හැකියාව ඇහිරිණ.

මහ මැතිවරණයෙන් පසුව ගත වූ සිව් මාසය තුළ සිවිල් සමාජ ක‍්‍රියාකාරිත්වය අවම මට්ටමකට පත්ව තිබේ. එ් බව පෙන්නුම් කරන සාධකයකි, සිවිල් සමාජ ක‍්‍රියාකාරීන් කිහිප දෙනෙකුට සීමා වී ඇති විද්්‍යුත් මාධ්‍යය සාකච්ඡුාවන්. රාජපක්ෂ පාලනය අවසන් කිරීමට පෙරමුණ ගත් සිවිල් සමාජයේ කළකිරිම සැම තැනකදීම ප‍්‍රකාශ වේ. ජනාධිපතිවරණයේ කැපී පෙනුණු සිවිල් සමාජ චරිත හා සංවිධාන බෙදී ඇති බවක් පෙන්නුම් කරයි.

ජනාධිපතිවරණයේදී පෙරට ආ සිවිල් සමාජය, සිවිල් සමාජ සංවිධාන, රාජපක්ෂ පාලනයට එරෙහිව ජනතාව අතරට පිවිසියේ ජීවිත පවා පරදුවට තබමින් බව කිව යුතුයි. අද එ් ප‍්‍රමුඛත්වය ගත් සිවිල් සංවිධාන නායකයන් සමහරක ගේ ක‍්‍රියාකලාපය වී ඇත්තේ පොදු අරමුණ හා ඉලක්කය සපුරා ගැනීම නොව තම තමන්ගේ අරමුණු, ඉලක්ක හා න්‍යාය පත‍්‍ර අනුව ඉදිරියට යෑමටය. මධ්‍යස්ථ පිරිස නිහඬව පසෙකට වී ඇත. බහුතරය කාලයට ඉඩ දී සිටිනවා වෙන්නට පු`ඵවන.

දැනට රටේ ආණ්ඩු දෙකක් පවතින බව පිළිගැනීමයි. එක රජයක්, ආණ්ඩු දෙකක්. ආණ්ඩු දෙක අතර පවතින බල අරගලය කරලියට එමින් පවතී. ජනතා අපේක්ෂාවන්ට විස`දුම් පෙනෙන තෙක් මානයක නැත. එ් අතර ආණ්ඩු දෙක තරඟයට මාධ්‍ය සංදර්ශන පවත්වාගෙන ගියත් එ් පිළිබඳ බහුතර සිවිල් සමාජය අවධානය යොමු කරන්නට කාලය මිඩංගු නොකරයි.

ආණ්ඩු දෙකේම මැති ඇමතිවරු සුපුරුදු සොරකමට, ජනතාව රැුවටීමට ¥ෂණයට යොමුව තිබේ. නිලධාරී පැළැන්තිය තම සුපුරුදු සෙල්ලම බාධාවකින් තොරව කරගෙන යයි. ආණ්ඩු දෙකේම නායක දෙපළ ද ඇතු`ඵව ද`ඵලා එන ‘‘කෙරුම්’’  නොබෝ දිනකින් මහා පරිමාණ ¥ෂණ අක‍්‍රමිකතා බවට පරිවර්තනය වනු නිසැකය. එවිට එල්ලූම් ගහේ එල්ලූනා සේම සුදු වෑන් ද යළිත් පාරට දැමීමට ද සිදු වුවහොත් පුදුම විය යුතු නැත.

එ් නිසා ”මධු සමය” පවතින මේ සමයේ සිවිල් සමාජය, තම පුද්ගලික ලාබ ප‍්‍රයෝජනවලින් මිදී පොදුවේ දිනා ගත් නිදහස රැුකගෙන, නිදහස තිරසාර එකක් බවට පත් කිරීමට දුන් පොරොන්දු අනුව අත්‍යාවශ්‍ය අණ පනත් සංශෝධනය සඳහා ක‍්‍රියාවට නැංවීම පෙරමුණට ආ යුතුයි. මහා දේපළ ඇතු`ඵ ආණ්ඩු දෙකෙන් කවරෙකු හෝ සිදුකරන වංචා ¥ෂණ අක‍්‍රමිකතා පළමුව හෙළිදරව් කර එය වැළැක්වීමට උපරිම ක‍්‍රියා මාර්ගවලට යා යුතුයි.

එ් තුළ රාජපක්ෂ පාලනය අවසන් කළ සිවිල් සමාජයට අනාගතයක්, එනම් රටට අනාගතයක් හිමි කර දීමට ශක්තිය ලැබෙනු ඇත.

ආණ්ඩු දෙකේම සිටින්නන් සුපිලිපන්න අය නොවේ. හුණු ඇත්තේ කිල්ලෝටවල නොව කන්ටේනර්වලය. ආණ්ඩු සැදීමට වඩා බොහෝ අසීරු දෙයකි පවත්වාගෙන යෑම. එ් බව රාජපක්ෂ පාලනය පෙරළීමට මුල් වූ ජීවිත පරදුවට තබා පෙරට ආ සිවිල් සමාජ ක‍්‍රියාකාරින්, තනිව හා සංවිධාන වශයෙන් නොබෙදී, නිසි පියවර ගනු නොලැබුව හොත් වසර දෙකේ මෛත‍්‍රී -  රනිල් මධු සමය අවසානය සමග, දීගය කැඞීම හා සමාන්තරව රාජපක්ෂ පාලනය අවසන් කිරීමට පෙරමුණ ගත් සිවිල් සමාජය ද නන්නත්තාර වීම වැළැක්විය නොහැකිවනු ඇත.  

1 comment: