Monday, September 14, 2020

කුඩු ජාවාරම කරන්නේ ගම් බට්ටගේ මස්සිනා, බොන්න පුරුදු වූ අයට හයිකෝට් දානවා.






 ඔහු පුහුණු කම්කරුවෙක්, කරන්නේ සුවිශේෂ දක්ෂතා තිබිය යුතු අසීරු භයානක රැුකියාවක්. 

මොහු මීට වසර 4 කට පමණ පෙර සිට, මත්ද්‍රව්‍යය වලට ඇබ්බැහිව තිබේ. එක් දරු පියෙක් වන මොහු, පවුලේ අට දෙනෙකු නඩත්තු කරන්නෙක්.

බණ්ඩාරගම ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු වන 26 හැවරිදි මොහු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවකු බව හා සිල්ලරට විකුණූ බව පොලීසියට රහසක් නොවීය.

වරක් අත්අඩංගුවට ගෙන, ”කුඩු” ආදේශ කර පවරන ලද නඩුවට වරදකරු බව පිළිගෙන රු: 10,000/- දඩයක් ගෙවා තිබේ.

වත්මන, මත්ද්‍රව්‍යය මර්දන වැඩ පිළිවෙල යටතේ, ප‍්‍රදේශයේ ප‍්‍රමුඛ පෙළේ මත්ද්‍රව්‍යය ජාවාරම් කරුවෙකු වූ, කාවින්ද නැමැත්තා අත්අඩංගුවට ගන්නේ විශේෂ කාර්ය බලකාය විසින්ය.

මේ අතර, මතට ඇබ්බැහි වූවන්, මොහුට නිරන්තරයෙන් බලකර සිටින්නේ පොලීසියට බය නොවී, ‘‘කුඩු’’ ගෙනත් දෙන ලෙසටය. ඔහුගෙන් කුඩු ඉල්ලන්නන් පිළිබඳව, බණ්ඩාරගම පොලීසියේ, ඔහුව ඇසුරු කරන නිලධාරියාට, දැනුම් දුන් විට, ඔහු පවසන්නේ, දැඟලූවොත් හයිකෝට් එකක් දානවා යැයි කියාය.

මොහු මේ වන විට, කුඩු වෙනුවට ඖෂධ ලබාගෙන භාවිතා කරයි. එ් ”සික්” එක මර්දනය කර ගන්නටය. එ් සඳහා සතියකට රුපියල් දස දහසක් පමණ වැය කරන්නට සිදුවෙනවාලූ.

තවමත් කුඩු ජාවාරම පවතින බව පවසන, මොහු දැනට බණ්ඩාරගම ප‍්‍රධාන අලෙවිකරු බවට පත්ව සිටින්නේ සනත් නැමති බණ්ඩාරගම පොලීසියට අනුයුක්ත ගම්බට්ටෙකුගේ මස්සිනා කෙනෙක් බව කියා සිටී.

මොහු මෑතකදී සියලූ තොරතුරු ආරක්ෂක ලේකම්ට දැනුම් දී ඇත. තම ”රහස්‍යය භාවය” හා තම ආරක්ෂා කරන ලෙසට ද ඔහු අරක්ෂක ලේකම්ගෙන් ඉල්ලා තිබේ. 



No comments:

Post a Comment