Wednesday, September 23, 2020

ස්වාධීනත්වය නැති වීම ගැන දුකට පත්ව, අඬන ජාත්‍යන්තරය ගැන



පොලීසිය, අධිකරණයට බොරු වාර්තා ඉදරිපත් කර, පුද්ගලයින් ගේ නිදහස අහිමි කිරීම, එමගින් වධ හිංසාවට පාත‍්‍ර කිරීම මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමකි.නමුත්, මේ පිළිබඳව ශ‍්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිෂන් සභාව අනුගමනය කරන්නේ කුමන පිළිවෙතක්ද?

මේ වන විටත් පවතින්නේ, ස්වාධීන මානව හිමිකම් කොමිෂන් සභාවක් හැටියටය.මොවුන්ගේ ස්වාධීනත්වය කා සඳහාද?

52 හැවිරිදි, ආරියරත්නව, අත්අඩංගුවට ගන්නා කොස්ගම පොලීසිය, ඔහුව අධිකරණයට ඉදිරිපත් කරන්නේ, ගංජා ප‍්‍රවාහනය කිරීමේ චෝදනාවටය.

ඔහුට, ඇප ලබාගැනීමට පොලීසිය විරුද්ධ වන්නේ, අධිකරණයට, මුළුමණින්ම ගොතන ලද ව්‍යාජ චෝදනා, ව්‍යාජ කරුණු ඉදරිපත් කරමින්ය.

එම පසුබිම යටතේ, ඔහුට ඇප ලබාගැනීමට මහාධිකරණයේ පිහිට පතන්නට සිදුවිය. ඇප ලබාගැනීම සඳහා ඔහු දින 730 ක් ගතවිය.

අධිකරණයට, බොරු වාර්තා ඉදිරිපත් කර, නිදහස අහිමි කිරීම ගැන, ආරියරත්න, මානව හිමිකම කොමිෂමට, ගයේ එමගින් තමාගේ මූලික අයිතීන් උල්ලංඝණය වි ඇති බවට. ප‍්‍රකාශයක් ලබා ගැනීමටය.

ඔහුගේ පැමිණිල්ල HRC/1230/18 යටතේ ලියාපදිංචි කරන ලද බවට දැනුම් දීමක් ඔහුට ලැබින.එපමණයි. දැනට වසර 02 ක් ගතව තිබේ. සිහි කැඳවීම් 02 ක් සිදුකර ඇත.

ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂමේ ස්වාධීනත්වය ගැන කිඹුල් කඳුලූ සලන ජාත්‍යන්තරයට මේවා පේන්නේ නැත. ඇහෙන්නේ නැත. ඒ ආරියරත්න, ඌවේ හේන් ගොවිතැන් කරන්නෙක් නිසා. කථා කරන්නේ සිංහල පමණක් නිසාය.

මේ එක් අයෙක්. මේ, කොමිෂමට ගිය, දස දහස් ගණනකට සිදුවූයේ මෙ දේ බව පවසයි. එ් බලාගෙන සිටීමට.
හැමදාමත් තැලෙන, පොඩිවෙන, හිමිකම් අහිමි වෙන, මිනිසුන්ට ”ස්වාධීනත්වයෙන්” ඇති වැඩය කුමක්ද?


 

No comments:

Post a Comment