Friday, September 11, 2020

”තැඹිලි” සමග කුඩු ජාවාරම් කරන්නෙකු පොලීසිය පාවිච්චි කරයි. දැන් පුතා හා ලේලි, රිමාන්ඞ් එකේ

 



ම පුතාව හා ලේලිය, පළමුවෙනිදා පාන්දර අත්අඩංගුවට ගන්න පොලීසිය මෙහෙයවා ඇත්තේ, ප‍්‍රදේශයේ ප‍්‍රකට ”කුඩු” වෙළෙන්දෙකු වන රමේෂ් නැමැත්තා බව ප‍්‍රකාශ කරන, 56 හැවිරිදි සිව් දරු මවක්, තමන් කුඩු මර්දනයට කැමති නමුත්, පොලිස් අපරාධ වලට ඉඩ නොදිය යුතු බව ප‍්‍රකාශ කරයි.

ඇගේ පුතා, අවු: 31 වයස, ප‍්‍රකට සමාගමක රැුකියව කරන බවත්, ලේලිය අවු: 24 යි, නිවස ඉදරිපිට, කඩයක් පවත්වාගෙන යන බවත්, පවසන ඇය, පළමුවෙනිදා අලූයම එකට පමණ, පානදර පොලිස් අධිකාරී කාර්යාලයට සම්බන්ධ, නිලධාරීන් පිරිසක්, රමේෂ් නැමති, කුඩු වෙළෙන්දා සමග පැමිණ, තම පුතාව හා ලේලියව අත්අඩංගුවට ගෙන, කුඩු ආදේශ කරනු ලැබූ බව අවධාරණය කරයි.

ඇය මෙම පොලිස් අපරාධය පිළිබඳව, ආරක්ෂක ලේකම් වරයාට, සියලූ කරුණු ඇතුළත් කර, පැමිණිල්ලක් යවා තිබේ.

පොලිස්පති                  
පොලිස් මූලස්ථානය         
කොළඹ 01

මත්ද්‍රව්‍යය ජාවාරම් කරුවෙකුගේ මෙහෙයවීම යටතේ 
පුතාව හා ලේලියව අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටීම.

**** පුෂ්පාවතී, අවු: 56 යි, ජා.හැ.අ. ******460V විවාහක, දරුවන් 04 යි, 62/1, තිස්ස මාවත, පමුණුගම, *****.  දු.අ. 071 ****87

2020.09.03 වන දින දීය.

1. කුරුප්පු ආරච්චිගේ සංජය ප‍්‍රියංකර, අවු: 31 යි, ජා.හැ.අ. 881114127  විවාහක, දරුවන් 02 යි, රැුකියාව: සිංගර් ශ‍්‍රී ලංකා ආයතනය. (පිළියන්දල කර්මාන්ත ශාලාවේ*  

2. ඩබ්.එ්. ****** ප‍්‍රනාන්දු, අවු: 24 යි, (ස්වයං රැුකියාවක නිරත වේ) ලේලිය වේ.

පුතා *** සමාගමේ වැඩ කරන අතර, දැනට ඔවුන්, ****, හොරණ පාරේ, පවත්වාගෙන යන ව්‍යාපාරික ස්ථානයේම, පදිංචිව සිටී. ඔවුන්ගේ කඩයේ ප්ලාස්ටික් බඩු, ත‍්‍රී රෝද වලට අවශ්‍ය උපාංග, ඇති අතර, තැඹිලි කපා, විකිණීම ද කරයි. කඩයේ වැඩ බලාගන්නේ ලේලියයි.

2020.09.01 අලූයම 1.00 ට පමණ, ඔවුන් සමග තැඹිලි අදාලව ගණුදෙනු කරන දන්නා හඳුනන රමේෂ් නැමති පුද්ගලයා පැමිණ, කථා කර ඇත.

එවිට ලේලිය, දොර ඇර තිබේ. එසේ ෙදාර අරිනවාත් සමග, රමේෂ් නැමති පුද්ගලයා පිටුපසින්, පොලීසියේ කට්ටියක් ගෙට ඇතු`ඵව තිබේ.

ඔවුන්ට ෙදාර ඇරීමට කථා කළ පුද්ගලයා, එ සමගම පිටව ගොස් තිබේ.

එම පොලිස් නිලධාරීන්, යට ඇඳුම පිටින් සිටි පුතාව, එළියට ඇදගෙන ඇවිත් තිබේ. ඔවුන් පුතාව, ජීප් එකට නංවා ගන්නට හදව විට, ලේලිය, ඇයි ගෙනියන්නේ අසමින්, පුතාව බදාගෙන ඇත.

එවිට, එහි සිටි එක් නිලධාරියෙක්, ලේලියට පහරක් ගසා, ඇය ඇඳ සිටි ටී ෂර්ට් එකෙන් ඇද ඇත. එවිට ටී ෂර්ට් එක ඉරී ගොස් තිබේ.

එ් අවස්ථාවේ, පුතා එයට විරුද්ධ වී තිබේ. එවිට පුතාට මාංචු දමා, එම නිලධාරීන් පුතාට පහර දී ඇත. ඉන්පසු පුතාව උස්සා ජීප් එකට දමා ඇත. ඉන්පසු ලේලියගේ කොන්ඩෙන් අල්ලා ඇදගෙන ඇවිත්, උස්සා ජීප් එකට දමා තිබේ.

ඔවුන් දෙදෙනාව, පොලිස් අධිකාරී කාර්යාලයේ පවත්වාගෙන යන, යුනිට් එකට ගෙනවිත්, එහිදී, කොච්චි, මිරිස් කුඩු කලවම් කර, ඇස්වලට, ඇඟ පුරාම ගල්වා පහර දී ඇත.

එදින දහවල් 11.00 ට පමණ, ඔවුන් දෙදෙනාව, රැුගෙන විත්, පානදුර දකුණ පොලීසියට බාර දී තිබේ.

පානදුර දකුණ පොලීසිය විසින් දහවල් 2.00 ට පමණ, මහේස්ත‍්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කරන ලදි.

එ් අවස්ථාවේ පුතා හා ලේලිය වෙනුවෙන් ඉදිරිපත් වූ නීතිඥ **** මහත්මිය, පුතාට හා ලේලියට පහර දී ඇති බව, ගරු අධිකරණයට ප‍්‍රකාශ කර සිටින ලදි.

පානදුර දකුණ පොලීසියේ ඉල්ලීම මත, පුතාව, දින 07 ක් ර`දවා ගැනීමට නියෝග කළා. ඔවුන් දෙදෙනා වෛද්‍යවරයා හමුවට ඉදරිපත් කිරීමට නියෝග කරනු ලැබීය.

එ් අනුව, ඔවුන්ව පානදුර මූලික රෝහලට ඉදිරිපත් කර, වෛද්‍ය වාර්තා ලබාගෙන ඇත.

දැනට පුතා, පානදුර දකුණ පොලිස් ස්ථානයේ සිටී. ලේලියව, රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදි.
අද දින උදේ (2020.08.03* පොලිස් අධිකාරී කාර්යාලයේ, අත්අඩංගුවට ගත් ප‍්‍රධානියා වන නිශාන්ත කුමාර නැමති නිලධාරියා, පුතා ළඟට ඇවිත්, උඹ ඉන්නේ මගේ බාරයේ, මට  ඕනෑ දෙයක් කරන්න පු`ඵවන් කියා, තර්ජනය කර, ගොස් තිබේ. 
මෙම නිශාන්ත කුමාර කියන නිලධාරියා, පුතාට, හෙරොයින් මි.ග‍්‍රෑම් 7400 ක් ද, ලේලියට, මි.ග‍්‍රෑම් 1300 ක් දමා ඇත.
පසුබිම
මෙම ප‍්‍රදේශයේ, තැඹිලි ව්‍යාපාරයේ යෙදෙන, කෝට්ටෙගොඩ, (බණ්ඩාරගම* රමේෂ් නැමැත්තාගේ ප‍්‍රධාන ව්‍යාපාරය හෙරොයින් අලෙවි කිරීමය.
ඔහුගේ හෙරොයින් මිලයට ගන්නේ, සුනන්ද නැමැත්තෙකි.
තැඹිලි බාන සම්පත් යන අය, හෙරොයින් ගන්නේ, රමේෂ් ගෙන්ය.
රමේෂ් හා සුනන්ද, පොලීසිය හොඳින් හඳුනන අයය.
2020.08.31 වන දින, පුතා, රමේෂ් හමුවට ගොස්, රු: 74,500/- ක් වන හිඟ මුදල ඉල්ලා ඇත.
මෙම සිද්ධිය මුල් කරගෙන, රමේෂ් හා සුනන්ද එකතු වී, පානදුර පොලිස් අධිකාරී කාර්යාලයේ, යුනිට් එකේ, නිශාන්ත කුමාර සමග එක්ව, මාගේ පුතා හා ලේලිය අත්අඩංගුවට ගෙන ”කුඩු” ආදේශ කර, රැුඳවුම් නියෝග ගෙන, නීතිය උපයෝගී කරගෙන පළි ගනී.

අපි කුඩු මර්දනයට කැමතිය. නමුත් මෙම ක‍්‍රියාවන්ට ඉඩ දෙන්න එපා. 

මේ ගැන විධිමත් පරීක්ෂණයක් පවත්වන මෙන් හා පුතාව හා ලේලියව, මුදාහැරීමට කටයුතු කරන මෙන් ඉල්ලමි.

මෙයට,

***** පුෂ්පාවතී

පොලීසිය, කුඩු ජාවාරමට සම්බන්ධ තරම ගැන අටුවා ටීකා අවශ්‍ය නැත. පොලීසිය තම කුණු වහ ගන්නටත් එක්ක, බොරු නඩු දමමින්, අසරණයින්ව, රිමාන්ඞ් කරවමින් කරන්නේ, ආණ්ඩුව කෙරෙහි ජනතාව කලකිරවීමය.

කුඩු තුරන් කළ යුතු බව පවසන මව්වරු, බිරින්ඳෑවරු, සහෝදර සහෝදරයින් හා දුදරුවන් පොලීසිය කරන අපරාධ වැළැක්වීමට පියවර නොගැනීම තුළ ඇති කරන්නේ දැඩි කළකිරිමකි.


No comments:

Post a Comment