Friday, July 23, 2021

නඩු තුනක්! එක් අයෙක් නිදහස්!! දෙදෙනෙකුට ඇප!!! අභියාචනාධිකරණයේ තීන්දු!!!!

 

'කුඩු' අදාල නඩු තුනක් සම්බන්ධයෙන් මේ මස, 2021 ජුලි 13, 10 හා 20 දින වල අභියාචනාධිකරණය ලබාදුන් තීන්දුව 3කින් එක් අයෙකු නිදහස් කර, දෙදෙනෙකුට ඇප ලබා දී තිබේ.

එම නඩු පිළිබඳ සංෂිප්ත සටහනකි.

කුඩු ජාවාරම මර්දනය කිරීමට ආණ්ඩුව දරන විශේෂ ප්‍රයත්නය හමුවේ ලබාදී තිබෙන මෙම නඩු තීන්දු කෙරෙහි ජනතාවගේ අවධානය යොමු වූ යොමු විය යුතුය.

ජාවාරම නවත්වන්න අවංක අවශ්‍යතාවයක් ඇති සියලු දෙනාගේ ද අවධානය යොමු විය යුතුයි.

 

·          බෙනඩික් සෙල්වරාජ් විජය බාස්කරන් හෙවත් 'විජි'

 නීතිපතිවරයා විසින් 2014 ජනවාරි 29 වැනි දින කොළඹ මහාධිකරණය ඉදිරියේ මොහුට විරුද්ධව නඩු පැවරුවේ හෙරොයින් ග්‍රෑම් 7.93ක් ළඟ තබාගැනීම හා ප්‍රවාහනය කිරීම චොදනා යටතේය. කොළඹ මහාධිකරණ විනිසුරු වරයා 2018 ජූලි 18 වන දින සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මොහුට ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් නියම කරන ලදී.

 මෙම තීන්දුවට එරෙහිව ඔහු එම වසරේම, අංක CA 228/ 2018 යටතේ අභියාචනයක්, අභියාචනාධිකරණය ඉදිරියේ ගොනු කරන ලදී.

 අදාළ නඩු විභාගය 02/02/2021 හා 30/04/2021පැවති අතර එහි තීන්දුව 16/07/ 2021වන දින ප්‍රකාශයට පත් කරන ලදී.

අභියාචනාධිකරණය, මහාධිකරණ විනිසුරුවරයාගේ තීන්දුව ඉවතලා ඔහුව නිදොස් කොට නිදහස් කරනු ලැබීය.

 ඔහුව නිදහස් කිරීමට හේතුව වශයෙන් සඳහන් කරන්නේ පොලිසිය නිසි අයුරින් ක්‍රියා කර නොමැති බවය. එමෙන්ම නිශ්චිත පැහැදිලි සාක්ෂි ඉදිරිපත් කර නැති බවය.

 ·          වන්නි ආරච්චිගේ දිනේෂ් පෙරේරා හෙවත් 'සනා'. 

 'සනා' වෙනුවෙන් ඔහුගේ බිරිඳ අසංගි මදුමාලි  අභියාචනාධිකරණය ඉදිරියට යන්නේ, පානදුර මහාධිකරණයෙන් ඔහුට ඇප ලබාදෙන ලෙසට ඉදිරිපත් කරන ලද අයදුම් පත්‍රය ප්‍රතික්ෂේප කිරීමට එරෙහිවය.

 මෙම ප්‍රතිශෝධන ඉල්ලුම් පත්‍රය 2021 ජුනි 22 වැනි දින විභාගයට ගෙන 2021 ජූලි 13 දින තීන්දුව ලබාදෙමින්, මහාධිකරණ විනිසුරුවරයාගේ ක්‍රියාව වැරදි සහගත බවට තීරණය කර, ඔහුට ඇප ලබා දෙන ලෙසට නියෝග කරන ලදී.

 මොහුට විරුද්ධව අඟුලාන පොලීසිය නගා තිබූ චෝදනාව වූයේ හෙරොයින් මිලිග්‍රෑම් 5200 ක් හා 69930 ළඟ තබා ගැනීමය. රස පරික්ෂක වාර්තාවට අනුව තිබු හෙරොයින් ප්‍රමාණය පිළිවෙලින් ග්‍රෑම් 3.249 ක් හා ග්‍රෑම් 6.735කි.

 2018. 11. 04 දින අත්අඩංගුවට ගෙන 2018. 11.14 වන දින මොහුව රිමාන්ඩ් භාරයට පත් කරන ලදි. රක්ෂිත බන්ධනාගාරයේ සිටි කාලය වසර දෙකකට වඩා වැඩි බවත්, 2019.05.30 දින ලැබූ රස පරීක්ෂක පරීක්ෂක වාර්තාව ලැබීමෙන් පසුවද වසර දෙකක් ගත වී ඇති බවත්, පැහැදිලිව පෙනෙන්නට තිබෙන බව සඳහන් කරන අභියාචනාධිකරණය, මෙම තත්ත්වය තුළ අධි චෝදනා නැගීමට අපහසු අපෝසත් වීම නිසා ඔහුට ඇප ලබා දීම අභියාචනාධිකරණය තීරණය කරන බව ප්‍රකාශ කරළේය. ප්‍රමාද නොකර නඩු විභාග විය යුතු බව මෙම තීන්දුවේ වැඩිදුරටත් අවධාරණය කර තිබේ.

 අභියාචනාධිකරණය සැකකරු ව රුපියල් ලක්ෂ 2 ක මුදල් ඇපයක්, රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක්, සෑම ඉරිදාවකම පෙරවරු 8:30 හා පස්වරු 12:30 තර අඟුලාන පොලිසියේ පෙනී සිටීම හා විදේශ ගමන් තහනම යන ඇප කොන්දේසි මත මුදා හැරීමට නියම කරන ලදී.

 

·          කුලසූරිය දිලීප බෙලන සුමේධ


මොහු වෙනුවෙන් ප්‍රතිශෝධන අයදුම්පතක් අභියාචනාධිකරණයට ඉදිරිපත් කරන්නේ 2020 දිය.

2021 ජුනි 29 වන දින විභාගයට ගන්නා මෙම නඩුවේ තීන්දුව 2021 ජූලි 20 ලබාදෙමින්, මොහුව ඇප මත මුදාහැරීමට නියෝග කරනු ලැබිය.

 2018. 11. 06 වන දින මාරවිල පොලීසිය මොහු අත්අඩංගුවට ගන්නේ ඔහු සන්තකයේ හෙරොයින් ග්‍රෑම් 04ක් තිබූ බවට චෝදනා කරමින් ය. ඉන් අනතුරුව ඔහුගේ නිවසේ පිටුපස මිදුලේ තිබි හෙරොයින් ග්‍රෑම් 18ක් සොයාගත් බව පොලිසිය කියා සිටියා.

2018.11.06 රස පරික්ෂක වරයාගේ වාර්තාවට අනුව පොලිසිය ඉදිරිපත් කර තිබු 'හෙරොයින්' වල තිබු සුද්ධ හෙරොයින් ප්‍රමාණ ග්‍රෑම් 01.192 හා ග්‍රෑම් 05.181කි.

 රස පරීක්ෂක වාර්තාව ඉදිරිපත් කර වසර දෙකක් ගතවී ඇතත් අධිචෝදනා ඉදිරිපත් කිරීමට අතපසු වීම යන පදනම මත මොහුව ඇප මත මුදා හැරීමට අභියාචනාධිකරණය නියෝග කළේය.

 මොහුගේ ඇප ඉල්ලුම් පත්‍රය හලාවත මහාධිකරණය ප්‍රතික්ෂේප කිරීම අත්තනෝමතික ක්‍රියාවක් ලෙසට ද අභියාචනාධිකරණය සඳහන් කරයි.

 ඇප මත මුදා හැරීම සඳහා වන විශේෂ කරුණු වලට නඩු ප්‍රමාදය ද ඇතුලත් වන බව සඳහන් කරයි.

 රුපියල් ලක්ෂ 2 ක මුදල් ඇපයක්, රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක්, සෑම ඉරිදාවකම පෙරවරු 8:30 12.00 අතර මාරවිල පොලිසියේ පෙනී සිටිය යුතු බවටත්, මොහුගේ විදේශ ගමන් තහනම් කළ යුතු බවටත් යන ඇප කොන්දේසි යටතේ මොහුව මුදා හැරෙනු ඇත.

 ඉතා දීර්ඝ ලෙස කරුණු සටහන් කර තිබෙන මෙම නඩු තීන්දු සාමාන්‍ය ජනතාවට කියවීමට හෝ සලකා බැලීමට අවස්ථාවක් නැත. ඒ මෙම නඩු තීන්දුව ප්‍රකාශයට පත් කර  ඇත්තේ ඉංග්‍රීසි බසින් වන නිසාය.

  ඉහළයින්ට මෙවන් ප්‍රශ්න, ප්‍රශ්න නොවේ. රටේ අස්සක් මුල්ලක් නෑර පැතිරෙන හා පැතිර පවතින 'කුඩු' - මත්ද්‍රව්‍ය ජාවාරම හා නීති විරෝධී මත්පැන් ජාවාරම  සම්බන්ධයෙන් වගකිව යුත්තේ දේශපාලකයින් බවට හඬ නගන මේ ඉහළියින් යුක්තිය පසිඳලන පද්ධතිය තුළ පවතින කරුණු ඉදිරියේ අ ගොලුවන් ලෙසට හැසිරෙයි.

 මෙම නඩු තීන්දුවල ප්‍රකාශිත දේ සාකච්ඡාවට ගන්නේ නැත.

මේ කරුණු කෙරෙහි ආණ්ඩුව අවධානය යොමු නොකරන්නේ නම්, මත්ද්‍රව්‍යය හා නීති විරෝධී මත්පැන් ජාවාරම් මැඩපැවැත්වීමට නොහැකි වනු ඇත.

මෙම ජාවාරම පිටුපස සිටින්නේ ඉහළයින්ය.

විශේෂයෙන් යුක්තිය පසලීමේ පද්ධතියට සම්බන්ධ නිල හා නිල නො වන යන දෙපාර්ශ්වයම නොසිටින්නේ යයි කිව හැකිද?

 ·          නඩු පමාව නතර කරනු!

·          කුඩු ජාවාරමට තිත තියනු!!

                යනුවෙන් පෝස්ටර් නොගසන්නේ ඇයි?

 

1 comment:

  1. Here the judgments are very correct. Drugs has to be eradicated. But courts is not their to punish all brought before them. Think of a conviction of one innocent.

    ReplyDelete