Sunday, September 16, 2018

පෙත්ත බිලිගත්ත .......... මාගේ කතාව


මම පානදුරේ. මාගේ සැමියාත් පානදුරේ. අ.පො.ස. උ/පෙළ විභාගයට වාඩි වී, විෂයන් දෙකකින් සමත්වුණ කෙනෙක්.

ඉගෙන ගත්තෙ ශාන්තුවරයෙකුගේ නමට පුදනු ලැබූ ප‍්‍රකට බෞද්ධ කාන්තා විද්‍යාලයක. සැමියා, ඉගෙනුම ලැබූයේ බෞද්ධ එකම ජතික පාසලේ. ඔහු ඉතා දක්ෂ බොක්සිං ක‍්‍රීඩකයෙක්. 

අවුරුදු 1 1/2 ක සම්බන්ධයක් පවත්වලා එක දවසක වූ දෛවෝපගත සිද්ධියකින් මට එයත් එක්ක විවාහ වන්නට වුණා. 

අපි හිටියේ සැමියාගේ නිවසේ. ඔහුට වටිනා යතුරුපැදියක්, රට ඉන්න පියා විසින් අරන් දී තිබුණා. සතියක් වත් සතුටින් ඉන්න ලැබුණේ නැහැ. එ් ඔහුගේ බඳිනකොටත් පුරුදු වී තිබුන පෙති බොන එක, ගංජා බොන එක නවත්වන්න සූදානම් වුනේ නැති නිසා. 

උදේ ගෙදරින් ගියාම එන්නේ පහුවදා අ`ඵයම. කරපු රැකියාව අහිමි වුණා. ඉට පස්සෙ මොකක් හරි වැරැද්දක් අරගෙන මට පහර දෙනවා. කොසු කැඩෙනකං ගහනවා. එ්ත් මම පොලීසි ගියේ නැහැ. හොඳ මිනිහෙක් වෙනකන් එන්නේ නෑ කියා මම ආයෙත් අම්මා තාත්තා ළඟට ආවා. 

ඔවුන් මාව පිළිගත්තා. එ්ත් මා සමග සම්බන්ධය අතහරින්නේ නැහැ. පොරොන්දු දෙනවා. නැවත නැවත හිරහැර කරනවා. සුව`ද විලවුන් ප‍්‍රචාරක සමාගමක, ප‍්‍රචාරක සේවිකාවක් ලෙසට මට වැඩ කළා. 

පසුගියදා, මා වැඩ කරන තැනට ඇවිත් මට පහර දුන්නා. මාව මරා දමන බවට තර්ජනය කළා. මාගේ ජීවිත ආරක්ෂාව සඳහා මම නීතියේ පිහිට පතන්න තීරණය කළා. 

එ් මාගේ සැමියා අපරාධවලට සම්බන්ධ නිසා. මම ලිඛිත පැමිණිල්ලක් පානදුර පොලීසියට කළා.

පහත දැක්වෙන්නේ එ් ලිඛිත පැමිණිල්ල.

මූලස්ථාන පොලිස් පරීක්ෂක
පොලිස් ස්ථානය
පානදුර දකුණ

ලිඛිත පැමිණිල්ල

ඩිල්ෂා-, අවු: 20 යි, ජා.හැ.අ. ----V, විවාහක, ලපිනය : ------  පානදුර. දු.අ. 075 --

ඉසුරු, අවු: 22 යි, මාගේ සැමියා වේ.

2018.03.07 වන දින, මා ඔහු සමග විවාහ විය. 

2018.03.05 වන දින දවල් කෑම ගැනීමට, පානදුර, ------ හි පදිංචි එවකට මා මිත‍්‍රව සිටි, ඉසුරු ගේ නිවසට ගියා. 

එ් අවස්ථාවේ ඔහු මාව, බලයෙන් නවත්වා ගත්තා. මාගේ දෙමාපියන් එ් බව දැනගෙන, එදින රාත‍්‍රියේ පානදුර දකුණ පොලීසියේ පැමිණිල්ලක් කරණු ලැබුවා. (පැමිණිලි අංකය: --------)

එම පැමිණිල්ලට පානදුර දකුණ පොලීසිය, රාත‍්‍රී 9.00 ට පමණ එම නිවසට පැමිණියා. එ් අවස්ථාවේ ඉදිරිපිට නිවසට ගොස් මාව තබා, පොලිස් නිලධාරීන්ට යම් යම් දේ පවසා, ඔවුන්ව පිටත් කර හැරියා.

එදින රාත‍්‍රියේ සිට ඔහු හා මා අඹු සැමියන් වශයෙන් සිටියා.

2018.03.07 වන දින, මා ඔහු සමග විවාහ වුණා. දින දෙකක් යන විට මා දැන්ගත්තා ඔහු මත් පෙති හා ගංජා බොන කෙනෙකු බව.

ඔහු රැකියාවක් කරන්නේ නැහැ. එ් අතර මා හා ප‍්‍රශ්න හදාගෙන, මට අතින් පයින් හා කොසුවලින් පහර දෙන්නට පන් ගන්නවා. මාව මරන්න පිහිය අරන් එන අවස්ථා ද තියෙනවා.

මෙම පසුබිම යටතේ මාගේ ආරක්ෂාව හා වද වේදනා විඳීමට නොහැකිව, 2018.08.15 වන දින, ඔහුගෙන් ඉවත්ව, මා මාගේ අම්මා හා තාත්තා ළඟට යළිත් ආවා.

එහි සිට මා, වැඩට ගියා. එ් අතර ඔහු නිරන්තරයෙන් පැමිණ මට බලපෑම් කරන්නට පටන් ගත්තා. මම ඔහු සමග ආවාම, ”රිටන්” දෙන බව කියා යනවා.

නමුත් මා ඔහු සමග, ඔහුගේ නිවසට යෑම ප‍්‍රතික්ෂේප කළා. මා හට අවශ්‍ය වුනේ රැකියාවක් සොයාගෙන, මත්පෙති, ගංජා වලින් මිදෙනකන් සිටින්න.

2018.09.15 වන දින දවල් 12.00 ට පමණ මා එදින වැඩ කළ, පානදුර, ------- මාවතේ, ”------ ෆාමසිය” වෙත පැමිණ මට එළියට අඬගසා. මම ගෙදර ආවේ නෑ කියා මට පහර දුන්නා.
මා ඔහුගෙන් මිදී, ෆාමසිය තුළට ගියා. ඔහු මට ආයෙත් නිවසට එන්න කියා තර්ජනය කර යන්න ගියා. මා ෆාමාසිය තුළට ගොස්, අම්මාට කතා කර කිව්වා.

මේ වන විට, මොහුගෙන් මා හට බරපතල අනතුරක් ඇතිවේය යන සාධාරණ බියක් පවතී.

පෙර සඳහන් කළ පරිදි, මාගේ වැටුපෙන් ජීවත්වීම, දිනපතාම මත්පෙති හා ගංජා භාවිතා කරන අතර උදේ නිවසින් පිටත්ව නැවත පැමිණෙන්නේ අ`ඵයම වේ.

තවද, ඔහු ගංජා ළඟ තබාගෙන අසුවී, දඩ ගෙවා ඇති අයෙකි. මෙමම දඩ මුදල ගෙව්වේද මාගේ මුදලින්ය. නඩු අංකය : -- 24, දිනය : 2018.05.24, ම/උ පානදුර.

මා පසුව දැනගත් පරිදි මොහුගේ ප‍්‍රචන්ඩ ක‍්‍රියා ගැන, ඔහුගේ මව හා සොහොයුරියන් ඔබ පොලිසයේ පැමිණිලි කර ඇත.

ඉහත පසුබිම යටතේ, මා ඉල්ලා සිටින්නේ, මොහුගෙන් මාගේ ජිවිත ආරක්ෂාව සලසා දෙන ලෙසටය.

මෙය ලිඛිත පැමිණිල්ලක ලෙස බාරගන්නා ලෙසට ඉල්ලමි.
ඉහත කරුණු සත්‍ය හා නිවැරදි බවද ප‍්‍රකාශ කර සිටිමි.

-------- ඩිල්ෂා- 

පිටපත:- පොලිස්පති




Tuesday, September 11, 2018

පයාගල පොලීසිය අවරුදු 16 ක දරුවෙකු තියාගෙන වධ දෙයි.


අවුරුදු  16 ක් වන නදීශව, ඊයේ, (2018.09.10) සවස 6.00 ට පමණ, පාරේ සිටියදී, අත්අඩංගුවට ගනන් පොලීසිය, සියලූ නීති උල්ලංඝණය කරමින්, දස වධ දෙමින් මේ මොහොත දක්වාම (2018.09.11) රඳවාගෙන සිටී.

ඔහුගේ පියා, ධීවරයෙකි. මව මිය ගොස්ය. දුප්පත්කම නිසාම පාසල හැර ගොස් කුලී වැඩ කර පවුලම ගොඩ ගන්න උරදෙන්නෙකි.

පයාගල පොලිසියේ අත්අඩංගුවට ගත් මේ බලා වයස්කාරයාව, පවුලේ උදවියට නොපෙන්නුවා පමණක් නොව, අත්අඩංගුවට නොගත් බව පවසමින් අවට පොලීසිවලට රෑ පුරාම යවා තිබේ.

පුසදින උදේ දරුණු ලෙස වධයට පාත‍්‍ර කර සිටි, මේ දරුවාව පවුලේ උදවියට පෙන්වා ඇත.

එ් පොලීසියේ පසුපස කාමරයක සිට, අපරාධ අංශයට ගෙනවිත්ය.

පවුලේ උදවිය අසල සිටියදීත්, ඔහුට වධ දීමට, පයාගල පොලිස් වධකයින් පසුබට වී නැත.

පයාගල පොලීසියේ, අපරාධ අංශයේ, හිටපු ස්ථානාධිපති වික‍්‍රමරත්න අත්අඩංගුවට ගත් රණවිරුවකුට, වධ දී මරා දමන ලද්දේ 2000 වසර දිය.

ඔහුට විරුද්ධව මිනීමැරම් චෝදනා යටතේ නඩුව ක`ඵතර මහාධිකරණයේ විභාග වෙමින් පවතී.

වසර 18 ක් පුරාම මෙම පොලිස් පරීක්ෂක වික‍්‍රමරත්න උසාවියට ඉදිරිපත් නොවී කට්ටි පනිමින් සිටී. ඔහුව පොලීසිය අත්අඩංගුවට ගන්නේ නැත.

වත්මන් යහපාලනය, පොලීසි බාර ඇමතිවරුන් ලෙසට පත් කළේ, පට්ට හොරුන්ය. ඔවුන් කළේ පොලිසිය හා එක්ව, මහා හොරු බේරීමය. වධ දීම දිරිගැන්වීමය.

යහපාලනය යටතේ, වධ දීම් අඩුවී ඇති බවට, පෙන්වීමට ගන්නා උත්සාහයට සිවිල් සමාජ බැලයින්ද, එක්ව සිටින බව සිහිපත් කළ යුතුය.

    

Friday, August 24, 2018

පුරුෂ ලිඟුව හා වෘෂණ කෝෂ දෙක ලාච්චුවට දමා වසා, මඩු වලිගයෙන් ගැහුව්වා. නීතිඥයා වචනයක් කතා කළේ නෑ, අවු: 10 කට හිරේ දැම්මා.


මේ මඩකලපුවේ පස්දරු පියෙකුගේ කථාව. ඔහු රියදුරෙක්. කළේ වැලි අදින එක. සල්ලි ඉතුරු කරලා, සීට්ටු දමා ලොරියක් ගත්තා. දියුණු වෙන්න. 

බ්‍රොක්ර් ගාස්තුව රු: 20,000/= න් ගෙවන්න පුලූවන් වුනේ රු: 10,000/= යි. ඉතිරි මුදල ගෙවීම ප‍්‍රමාද වුන නිසා, බ්‍රොකර් ”බෝතල් රාජා”අමනාප වුනා.

බ්‍රොකර් ”බෝතල් රාජා”, තවත් කිහිප දෙනෙක් එක්ක නුවර ආවාම, ඔහුව පොලිසියෙන් කොටුකර ගන්නවා. 

එ් 1992 දී. ගහනකොට ”බෝතල් රාජා”,  LTTE සම්බන්ධ අය කියලා නම් 10 ක් 11 ක් පොලිසියට දෙනවා. එ් අතර, මොහුගේ නමත් දීලා තිබුනා. 

අත්අඩංගුවට ගත්තේ නුවර, සී.අයි.ඞී. එකෙන් කියලා තමයි කියලා තියෙන්නේ. මඩකලපුවේදී අත්අඩංගුවට ගත් මොහුව ඇස් බැඳ ගෙන එන්නේ නුවරට. කොච්චි පාරේ අයිනේ තැනක්.

එහිදී, නිරුවත් කර, අත්පිටුපසට තබා, මාංචු දානවා. පුරුෂ ලිඟුව හා වෘෂභ කෝෂ ලාච්චුවකට දාලා වහලා මඩු වලිගයකින් ගහනවා. ඇත්ත කියපන් කියලා තමයි ගහලා තියෙන්නේ. 

දවස් දෙකක් වධදීලා, නුවර දොස්තර කෙනෙක් ළඟට දාලා, තෙල්දෙණියේ පොලිසියට බාර දෙනවා. 

මාස තුනක් ඔහු තෙල්දෙණිය පොලිසියේ තියාගෙන ඉන්නවා. ඔහුව එහෙම තියාගෙන හිටියේ ත‍්‍රස්තවාදී පනත යටතේ කියලාවත් දැනගෙන හිටියේ නැහැ.

උදේට නුවර CID එකට ගේන්න ඔහුව, හවසට තෙල්දෙණිය පොලිසියට ගෙනහින් දානවා.

දවසක්, හිස් කොල පහකට ද අත්සන් අරන්, උසාවියට ගෙනහිල්ලා, බෝගම්බර රිමාන්ඞ් එකට ගෙනගොස් බාර දෙනවා. එ් 1997.12.02 වන දින.

1998 මැයි 24, ඔහු ඇතුලූ ද්‍රවිඩ ජාතික සිරකරුවන්ව, ක`ඵතර බන්ධණාගාරයට මාරු කරනවා. 

1998 ජූනි මස 30 දින, කලූතර බන්ධනාගාරයේ LTTE සැකකරුවන් බැහැ දකින්නට යන, ඩග්ලස් දේවානන්දට, එම සැකකරුවන් විසින් මාරාන්තික ප‍්‍රහාරයක් එල්ල කරනවා. 

එම ප‍්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා LTTE සැකකරුවන් 16 අතරට, මොහුව ද ඇතුලත් කරනවා.

නුවර CID එකෙන් මොහුට එක් නඩුවක් පවරා තිබුන අතර, ඩග්ලස් දේවානන්ද මරා දැමීමට තැත් කිරීම් චෝදනා යටතේ දැන් තවත් නඩුවක් ඔහුට වැටෙනවා.

නුවර නඩුවෙන් 2002 සැප්තැම්බර් 01 වන දින, මොහුව මුදා හරිනවා. 

වසර 10 ක් පුරා, කොළඹ මහාධිකරණයේ ඇදෙමින් තිබුන, ඩග්ලස් දේවානන්ද ඝාතන තැත නඩුවේ තීන්දුව, 2017 ඔක්: 30 වන දින ප‍්‍රකාශයට පත් කරනවා. 

එම තීන්දුවෙන්, සැකකරුවන් 10 කු නිෙදාස් කොට නිදහස් කරන අතර, ඉතිරි 6 දෙනා වසර 10 1/2 බැගින් බරපතල වැඩ සහිතව සිර දඬුවම් නියම කරනු ලබනවා.

මොහු මොනම අයුරකින්වත් LTTE යට සම්බන්ධ නැති බව තරයේ කියා සිටිනවා. එ් නිසා දෝ මොහු වෙනුවෙන් නීතිඥයකු පෙනී සිටියේ නැත. 

ඔහු ප‍්‍රකාශ කරන පරිදි, රජයෙන් පත් කළ නීතිඥයා, වචනයක්වත් ඔහු වෙනුවෙන් කතාකර නැත.

ඔහු වසර 10 1/2 සිරදඬුවම් නියම වූ 06 දෙනා අතරින් එක් අයෙකි මොහු. අද බොහෝ කතා බහට ලක්ව සිටින එමිල් කාන්තන් නිදහස් වු අය අතර කෙනෙක්. 

මේ වන විට දැඩි මානසික ව්‍යාකූලත්වයකට පත්ව සිටින රෝගියෙකි. මොහුගේ පුරුෂ ලිගුව ස්ථිර ආබාධිත තත්වයට පත්ව ඇත. 

පොලිසිය, බන්ධනාගාරය, නිර්දේෂී පුද්ගලයින්ට වධ දීම, බොරු නඩු දැමීම, උරුම කරගත් දෙයකි. මෙය, ආයතනගත වූවකි. පවතින ක‍්‍රමයේ කොටසකි.

දැනට 60 වන වියේ පසුවන මොහු ගැන කතා කරන්නට - ‘‘ඊනියා’’ සිවිල් සමාජය ඉදිරිපත් නොවන්නේ, මොහු LTTE යට කිසිසේත් සම්බන්ධ නැති ‘‘දෙමළෙක්’’ නිසා විය යුතුය.

මොහුගේ දරු පවුල, ගේ ගේ දොර උගස්කර, මහාධිකරණ තීන්දුව වෙනස් කරගන්නට අභියාචනයක් ඉදිරිපත් කර ඇත. නීතිඥ ගාස්තුව පමණක් ලක්ෂ තුනකි.

පෙර සඳහන් කල පරිදි, ප‍්‍රමාද නොකර, මෙම පුද්ගලයා පිළිබඳ, ගැඹුරු විමර්ශණයක් කර, ජනාධිපති සමාව හෝ ලබා දීමට බල කිරීම හා මෙය ජාත්‍යන්තර ප‍්‍රජාවගේ අවධානයට කැඳවීම -මානව හිමිකම් කොමිෂමේ වගකීමකි.

Sunday, August 19, 2018

උඹලා කිව්වාට වධ දෙන එක අපි නවත්වන්නේ නෑ


නීතිය මත පාලනයක් ඇති නොකර, අපරාධ කරන්නවුන්ට තරා තිරම නොබලා, කඩිනම් විමර්ශණය සිදුකර, දඬුවම් පැමිණවීම සිදු කරන තාක් කල්, බණ කිය කියා සිටීමට පුලූවන්.

රාජ්‍ය නිලධාරීන් විසින්, රට වැසියන් වධහිංසාවට පාත‍්‍ර කිරීම අපරාධයකි. එය දේශීය නීතිය මෙන්ම ජාත්‍යන්තර නීතියට අනුවද, වධහිංසා පමුණුවන රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කළ යුතුය. නමුත් එය ක‍්‍රියාත්මක වන්නේ නැති තරම්ය.
වනිදිතයා හා පොලිසිය සොරකම් කළ ඔරලොසුව


මෙම මස 10 වන දින ග‍්‍රෑන්ඞ්පාස් පොලිසිය අත්අඩංගුවට ගත් 33 හැවිරිදි තුවාන්, මසකට පෙර විවාහ වූ, යකඩ සමග හැපෙන කම්කරුවෙකි. ඔහුට දස වධ දී බොරැුල්ල පොලිසියට බාරදෙයි. එ් සොරකමකට අදාලවය.

13 වන දින මාලිගාවත්ත මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන්නේ ”කුඩු” චෝදනා යටතේය. එදා තවත් දින 7 කට රැුඳවුම් නියෝග ලබාගන්නා පොලිසිය, දින 10ක් පුරා වධහිංසාවෙන් වේදනා විඳ, මොහුට ප‍්‍රථිකාර ලබා ගැනීමට තිබෙන අවස්ථා අසුරා දමයි. 
බණ කිව්වාට, වධ දෙන එක නවත්වන්න පොලිසිය සූදානම් නැත. වධ දෙන්නේ මානසික තෘප්තිය සඳහා පමණක් නොවෙයි. එමගින් සාක්කුවද පිරෙන නිසාය.

පහත දැක්වෙන්නේ, දින 10 කට පසුව, මානව හිමිකම් කොමිෂන් සභාව, පොලිස්පති, නීතිපති හා නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශය ට, ‘‘නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගෙන, දින තුනක් නීති විරෝධීව රඳවා ගෙන, වධහිංසා පමුණුවා, ව්‍යාජ චෝදනා මත දින 07 ක් රැුඳවුම් නියෝග ගෙන, රඳවා තබා ගැනීම’’ යන හිසින් යුතුව බිරිඳ කරන පැමිණිල්ලයි. 

‘‘ 2018.08.19 දිනදීය. තුවාන් මාගේ සැමියා වේ.
බිර්‍රිද

මාගේ සැමියා කම්කරුවෙක්. ඔහු වැඩ කළේ, කොළඹ 12, පරන යොන් වීදිය,   
”හාඞ්වෙයාර්” කඬේය. 02. 2018.08.10 වන දින, ඔහු වැඩකරමින් සිට, දවල් කෑම ගැනීමට, ග‍්‍රෑන්ඞ් පාස් වටරවුම අසල, කඩයට ගිය අවස්ථාවේ, ග‍්‍රෑන්ඞ්පාස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.  එසේ අත්අඩංගුවට ගැනීම දැක්ක, ඔහුව දන්නා හඳුනන අයෙක්, සැමියාගේ පියා ට දැනුම් දී තිබේ.

එ් අනුව, සැමියාගේ පියා, එදින ප:ව:4.00 පමණ, ග‍්‍රෑන්ඞ් පාස් පොලිසියට ගොස් විමසූ විට, එවන් කෙනෙක් ගැන දන්නේ නැති බව පවසා තිබේ. නැවත පියා, රාත‍්‍රී 7.00 ට පමණ ග‍්‍රෑන්ඞ් පාස් පොලිසියට ගිය විට, සැමියා කූඩුවේ සිටිනවා දැක ඇත. පියා ගොස් තිබුනේ, ඥතියෙකු සමගය.
නමුත් ඔවුන්ට, සැමියා සමග කතා කරන්නට ඉඩදී නැහැ. සැමියා කූඩුව ඇතුලේ වාඩි වී, ඉතා අමාරුවෙන් සිට ඇත. ඔහුට පහර දී ඇති බව පෙනී ගොස් තිබේ.

පොලිසිය ඔවුන්ට කියා ඇත්තේ සොරකමක් ගැන සැක පිට අත්අඩංගුවට ගත් බවය.

2018.08.11 (සෙනසුරාදා* උදේ 9.00 ට පමණ, සැමියාගේ පියා ග‍්‍රෑන්ඞ්පාස් පොලිසියට ගිය විට, සැමියාව, දෙමටගොඩ පොලිසියට ඇගිලි සලකුණු ගන්න ගෙනහින් තිබෙන බව ප‍්‍රකාශ කර, ඔහු සමග කතා කරන්නට ඉඩදී නැත. එදින, 2018.08.11, දහවල් 1.30 පමණ, සැමියා ගේ ලොකු තාත්තා බලන්න ගිය විට, පොලිසියේ සිට නැත. ඔහු සැමියා ගැන විමසීමේදී, සැමියාව බොරැුල්ල පොලිසියට ගෙන ගිය බවට දැනුම් දී තිබේ.

සැමියාගේ ලොකු තාත්තා, බොරැුල්ල පොලිසියට ගිය විට, සැමියා එහි සිටිනවා දැක ඇත. සැමියාව බලා ගැනීමට ඉඩ දුන්නත් කතා කරන්නට ඉඩ දී නැත. එ් අවස්ථාවේදීත්, සැමියාට පහර දී ඇති බව හා ඔහු අසීරුවෙන් සිටින බව පෙනී ගොස් තිබේ.

එදින, 2018.08.11 දින, පස්වරු 3.30 ට පමණ සැමියාගේ ඥති සහෝදරියක් බොරැුල්ල පොලිසියට, සැමියාව බලන්න ගියද, ඇයට සැමියාව බලන්නට ඉඩදී නොමැත. පොලිසිය ඇයට දැනුම්දී ඇත්තේ පසුදින, සවස එන ලෙසටය.

එදිනම, 2018.08.11 දින, රාත‍්‍රී 9.30 පමණ, සැමියාගේ ඥති සොහොයුරු නීතිඥ මහතෙකු සමග බොරැුල්ල පොලිස් ස්ථානයට ගොස් තිබේ. ඔවුන් දෙදෙනාට, සැමියාව දැක බලාගන්නට ඉඩදී ඇත. එ් අවස්ථාවේ සැමියා, තමාට පොලිසිය වධදුන්න බවත්, දැඩි වේදනාවෙන් පසුවන බවත් ප‍්‍රකාශ කර තිබේ. මාගේ සැමියාට පහරදී ඇති බව හා ඉතා අපහසුවෙන් සිටින බව ඔවුන්ට පෙනී ගොස් තිබේ.

 සැමියාගේ ඥති සොහොයුරු ට හා ඔහු සමග ගිය නීතිඥ මහතාට, බොරැුල්ල පොලිස් ස්ථානයේ, අපරාධ අංශයේ ප‍්‍රධාන පොලිස් නිලධාරී ප‍්‍රකාශ කර ඇත්තේ, සැමියා රුපියල් එක්ලක්ෂ අනූපන්දාහක් සොරකම් කර ඇති බවයි.  එ් පිළිබඳව ක්‍ක්‍ඔඪ  කැමරා දර්ශන වල හඳුනාගත් බවද, සැමියා ආධාර එකතු කරන්න ගිය මුවාවෙන් ගොස් සොරකම කර තිබෙන බවද ප‍්‍රකාශ කර ඇත.

2018.08.11 (සෙනසුරාදා* මධ්‍යම රාත‍්‍රී පසුවී විනාඩි 20ට (12.20 ට* මාගේ නැගණිය ගේ, ජංගම  දුරකථනයට, මාගේ සැමියාගේ දුරකථනයෙන් ඇමතුමක් ලැබුනා. එයින් කතාකලේ පොලිසියේ ධෂක්‍ කෙනෙක්. ඔහු කියා සිටියා, ”ඔයාගේ මහත්තයා සල්ලි සොරකම් කරලා තියෙනවා, එ්කෙන් රු: 15,000/= ඔයාට දීලා තියෙනවා” යයි කිව්වා. දැනට මහත්තයා අපි ලඟ ඉන්නවා කිව්වා. 

මට එවන් මුදලක්, සැමියා දී නැති බව මම ප‍්‍රකාශ කලා. 2018.08.12 දින, උදේ 9.00 ට නැවත මට, මාගේ සැමියාගේ දුරකථනයෙන්, නංගි ගේ දුරකථනයට කතා කරලා, දැනුම් දුන්නා, සවස 4.00 ට බොරැුල්ල පොලිසියට එන්න කියා. 2018.08.12 දින, සවස 6.30 ට මම බොරැුල්ල පොලිසියට ගියා. මම ගියේ සැමියා ගේ පියා හා නීතිඥ මහතා සමගය. සැමියාගේ ඥති සොහොයුරු හා ඥති සොයුරිය ද අප හා එක්වුනා.

එදින මාගෙන් හා සැමියාගේ පියා ගෙන් ප‍්‍රකාශ ගත්තා. මාගෙන් ප‍්‍රශ්ණ කරමින්, රුපියල් එක්ලක්ෂ අනූපන්දහසක් සොරකම් කරලා, එයින් රුපියල් පහලොස් දහසක් දීලා තියෙනවා, එය ගත්තු බව සඳහන් කරන්න යයි කිව්වද මම එය පිළිගත්තේ නැහැ. ඔවුන් ලියන ලද ප‍්‍රකාශයට මගෙන් අත්සන් ගත්තා. මට කියවා තේරුම් කරලා දුන්නේ නැ.

සැමියාගේ පියාගෙන් ප‍්‍රශ්ණ කරමින්, අසා ලියාගෙන ඇත්තේ සොරකම් කරපු සල්ලි වලින් රුපියල් පනස්දහසක් ඔහුට දී තිබෙන බවය.

2018.08.12 දින, සව8ස 3.30 පමණ, මගේ සැමියාගේ ඥති සොයුරිය, සැමියා අත්අඩංගුවේ තබා ගැනීම ගැන, පොලිස් සහන මැදිරියට පැමිණිලි කර තිබුනා. 2018.08.13 දින, සවස මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කරනු ලැබුවා. සටහන් කරගනු ලැබුවද, ලිඛිතව පැමිණිල්ල බාරදීමට හැකිවූයේ 2018.08.16 දිනය. 29. 2018.08.13 දින, සැමියාව, කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී වෙත ඉදිරිපත් කර, මාලිගාකන්ද මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිසිය පියවර ගත්තා. 

රුපියල් එක්ලක්ෂ අනූපන්දහසක සොරකමකට සැකපිට අත්අඩංගුවට ගත් මාගේ සැමියාව, මාලිගාකන්ද මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබුනේ, කුඩු ලඟ තබා ගත් බවට, ජාවාරම් කල බවට චෝදනා නගමින්ය. එම චෝදනා යටතේ, වැඩිදුර පරීක්ෂණ සඳහා කියමින්, අධිකරණය මගින් දින 7 ක් රැුඳවුම් නියෝග ලබාගෙන තිබුනා. එ මගින් නැවත 2018.08.13 දින - 2018.08.20 දක්වාම, බොරැුල්ල පොලිසියේ තබාගෙන සිටීමට හැකියාව ලබා ගත්තා.

මාගේ සැමියා, ග‍්‍රෑන්ඞ්පාස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන, කෲර අමානුෂික වධහිංසා හා අවමන් සහගත සැලිකිලි වලට භාජනය කර, ඉන් අනතුරුව බොරැුල්ල පොලිසියට බාරදී, දින 3 ක් රඳවාගෙන, වධ දී, මාලිගාකන්ද මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන දින දක්වා කාලය තුල,
1. බොරැුල්ල පොලිසිය සැමියාගේ නිවසට ගොස්, එහි සිටි සැමියාගේ මානසික ආබාධිත මවට තර්ජණය කර, පරීක්ෂා කර, අබිලි දේ රැගෙන එ්ම,

11. මාගේ සැමියා ගේ පියා වන තුවාන් ෂාම් ජොහාර් ට තර්ජණය කිරීම, බොරු නඩු පවරන බවට තර්ජණය කිරීම, 
පියා


111. මාගේ සැමියාව පළමුව අත්අඩංගුවට ගත් ග‍්‍රෑණ්ඞ්පාස් පොලිසිය, අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී, සැමියා පැළඳ සිටි රු: 7000/= පමණ වටිනා අත්ඔරලෝසුව හා සතියක වැටුප වන රු: 6300/= ද, ග‍්‍රෑන්ඞ්පාස් පොලිසිය විසින් සොරකම් කිරීම,

මගින්, නීති විරෝධී ක‍්‍රීයාවන් හී නියැලී ඇත. 
මා ප‍්‍රකාශ කරන්නේ,
මාගේ සැමියා, රුපියල් එක්ලක්ෂ අනූපන්දහසක් සොරකම් කල බව කියන, කොම්පැණියේ නම හෙළි කිරීම තරයේ ප‍්‍රත්ක්ෂේප කරමින්, ලබාගත් බව කියන ක්‍ක්‍ඔඪ කැමරා දර්ශන පෙන්වමින්, එ් මාගේ සැමියාම බව ප‍්‍රකාශ කරමින්, බොරැුල්ල පොලිසියේ අපරාධ අංශය කරන ලද ර`ගපෑම පිටුපස සිටින්නේ කවුරුන්දැයි යන්න සොයා බැලිය යුතු බවයි.

එසේම, මා හා මාගේ සැමියා විවාහ වූයේ 2018.07.15 දින වේ. අප විවාහ වී එක් මසක් ගතවීමටත් පෙර මාගේ සැමියාට මෙම අපරාධය සිදුකර, අපගේ ජීවිතය සම්පූර්ණයෙන්ම විනාශ කරන දමන ලද බව ප‍්‍රකාශ කරමි. 

තවද මා ඉල්ලා සිටින්නේ,

කිසිඳු සොරකමක් නොකරන ලද මාගේ සැමියාව, සොරකමකට සැකකරු වශයෙන් අත්අඩංගුවට ගෙන, නීනි විරෝධීව රඳවාගෙන වධ දී, එම චෝදනාවන්ගෙන් ගැලවීමට ”කුඩු” ආදේශ කර නඩු පවරා මු`ඵ ජීවිතයම විනාශ කිරීම ගැන, 

ග‍්‍රෑන්ඞ්පාස් හා බොරැුල්ල පොලිසිවල අදාළ නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසට හා මෙම චෝදනාවන්ගෙන් මාගේ සැමියාව මුදාහැරීමට පියවර ගන්නා ලෙසටය.’’







Friday, August 17, 2018

කි.මී. 8 ක් පුරා වධ දෙමින් ඇදගෙන ගොස් දෙවියන්ට බාර කළ පොලිස් කාරයින්ට ලැබුන දඬුවම.



2018 ජූලි මස 26 දින, සිවකුමාර ගොනු කළ මූලික අයිතිවාසික්ම් පෙත්සම සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය, නඩු ගාස්තු ඇතුලූව රුපියල් අනුපන් දහසක වන්දියක් ඔහු වෙත පිරිනැමීමට තීන්දු කළේය.

එ් මෙයට වසර හතකට පෙර, එන්ම 2011 මැයි 15 වන දින, තෙල්දෙනිය පොලීසිය, සුප්පයියා සිවකුමාරව අත්අඩංගුවට ගන්නේ, සුප්පයියා සිවකුමාර සිය පවුල සමග, නෙතුල්මඩ කෝවිලේ ‘‘තෙරු’’ උත්සවය බලන්නට, බඹරගල හන්දියේ සිටින විටය.

කිසිදු සෝදිස්සියකින් තොරව, සිවකුමාරට නින්දා අපහාස කරමින්, අමානුෂික ලෙස පහර දී, කි.මී. 08 ක් පමණ දුරින් වූ කෝවිල දක්වාම ඇදගෙන යන්නේ ද, පහර දෙමින්ය.

මෙම නිච ක‍්‍රියාව සිදුකරන්නේ, තෙල්දෙනිය පොලීසියේ සැරයන් 6934 ජයරත්න, සිවිල් ආරක්ෂක 24324 පතිරණ හා 12243 අබේරත්න ය.

මොවුන් තිදෙනා, ශිව කුමාරව, පසුදින උදේ 6.30 වන තෙක් කෝවිලේ රඳවාගෙන සිට, තෙල්දෙනිය පොලීසියට ගෙන යනු ලබයි.

පොලීසියේදී ඔහුගෙන්, සිංහලෙන් ලියන ලද ප‍්‍රකාශනවලට බලයෙන් අත්සන් ගැනීමට පොලීසිය උත්සාහ ගනී.

නමුත් ඔහු මරා දමන බවට කරන ලද තර්ජන මධ්‍යයේ ද අත්සන් නොකර සිටී.

එදින පස්වරු 5.00 ට පමණ ඔහුව මුදාහැරීමට පොලීසිය පියවර ගන්නේ, සිවකුමාරගේ බිරිඳ බලධාරීන්ට අඛණ්ඩව කරන ලද බලපෑම් හමුවේය.

එයින් අනතුරුව ප‍්‍රතිකාර ලබාගන්නා සිවකුමාර, මානව හිමිකම් කොමිෂන් සභාවට, පොලිස්පතිට පැමිණිලි කර, ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ මූලික අයිතිවාසිකම් නඩුවක් පැවරීමට පියවර ගනු ලැබීය.

එම මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරනය, එවක තෙල්දෙනිය පොලීසියේ සේවය කළ සැරයන් ජයරත්න හා සිවිල් ආරක්ෂකයින් වන, පතිරණ හා අබේරත්න, සිවකුමාර ට, වධ දීම හා අත්අඩංගුවට ගැනීම මගින් ඔහුගේ මූලික අයිතීන් උල්ලංඝණය කළ බන තීන්දු කරණු ලැබීය.

මෙම මූලික අයිතිවාසිකම් නඩුව සිවකුමාර වෙනුවෙන් ගොනු කර, ඉදිරිපත් වන ලද්දේ, එ්. පියදාස හා ෂලෝමි ඩැනියල් යන නීතිඥවරුන්ලේ උපදෙස් මත නීතිඥ අර්මිසා ටීගල් මෙනවියයි.

ශ්‍රේෂ්ඨාධිකරණය, පොලිස් සැරයන් හා සිවිල් ආරක්ෂකයින් දෙදෙනා විසින්, රුපියල් 25,000/- බැගින් (මු`ඵ ගණන රු: 75,000/-) ද, රජය (පොලිස්පති) රු. 20,000/- ක් ද, වන්දි වශයෙන් සිවකුමාරට ගෙවීමට නියම කළේය.

ඉතා දැඩි ශාරීරික හා මානසික වධහිංසා හා අවමන් සහගත සැලකිලිවලට භාජනය වූ සිවකුමාරට මේ අනුව, අනූ පන්දහසක් (රු: 95,000/-) ක වන්දියකට හිමිකම් ලැබීය.

නඩු තීන්දුව සඳහා සබැඳියාව :- 
 http://www.janasansadaya.org/page.php?id=642&lang=en



Tuesday, August 14, 2018

කොල්ලෝ කෙල්ලන්ට ගහන්න ”ප‍්‍රමිති” පොලූ ඉස්කෝලවලට දෙන්නට බුද්ධික පතිරණ රජයෙන් ඉල්ලයි.



පාසල් ළමුන්ගේ විනය පිරිහිලා තියෙන නිසා, ගහන්න ප‍්‍රමිතිනයකට අනුව හදපු, ”පොලූ” ඉස්කෝල ගුරුන්ට දෙන්න යයි, පහේ ශිෂ්‍යත්වයට පෙනී සිටින මාතර පළාතේ ළමයින්ට ගණ දෙවියා ආරූඪ වූ බව කියන, පැන් බෙදන, ළඟදී නියෝජ්‍ය ඇමති පට්ටමකින් පුදනු ලැබූ බුද්ධික පතිරණ, ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය.

කෙසේ වෙතත්, රටේ නීතිය පිළිබඳව හා මනස පිළිබඳව මේ ගණ දෙවි වන්දනා කාරයාට පැහැදිළි පිළිතුරක් ඇමති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ලබාදීම ගැන ස්තුතිවන්ත වෙමු. සතුටු වෙමු. 

ගණ දෙවියා කරපින්නාගෙන සිටින බුද්ධික පතිරණ, නියෝජ්‍ය ඇමති රවටන්නේ පහේ ශිෂ්‍යත්වයට දහසක් බලාපොරොත් තබාගෙන සිටින, හය හතර නොතේරෙනා දරුවන්ටය, දෙමාපියන්ට ය.

මේකා ලබාදෙන ඝණ දෙවියාගේ පෑනෙන් උත්තර ලියූ තිදෙනෙක් ශිෂ්‍යත්වය සමත් දැයි විමසීමක් කර නැත.

එසේ කර ඇති නම්, මේකා එ් ළමයින්ගේ පිංතූර එක්ක, ටියුෂන් මාස්ටර්ලා වාගේ බැන් පෝස්ටර් ගසන්නේ නැතිව නම් ඉන්නේ නැත.

ගණ දෙවි පෑන අරගෙන, විභාගය ලියා අසමත් වන ළමුන් ගෙදරිනුත් ගුටි කා, සිය දිවි නසාගන්න‍ෙ, නැතිව ඉස්කෝලේ ගිහින් ගුරුවර ගුරුවරියන් හා විදුහල්පතිවරුන්ගේ “විනය” බලාගෙන දිනපතා පන්සිල් ගෙන, පෝයට පෙර දින හා පෝයට පසු දින සිල් ගෙන, රහත් නොවුන විට, බුද්ධික පතිරණගේ යුතු පොලූ ගෙන නිවන් දකින තුරු පහර දිය යුතුය. 

                         
 







                                                                                                                                                            ගණ දෙවි පිහිටයි.


Saturday, August 11, 2018

පිරිමි ළමයෙකු, ලිංගික අපයෝජනයට ලක් කළ අයෙකු වෙනුවට අසරණයෙකු උසාවියට දමයි.


අපරාධකරුවකු අල්ලා ගන්න බැරි වූ විට හෝ අපරාධකරු පොලිස් සගයෙකු වූ විට, එ් වෙනුවට අසරණයෙකු අල්ලා උසාවියට ඉදිරිපත් කිරීම ශ‍්‍රී ලංකා පොලීසියට ආයතනගත වූවකි.

වධහිංසා පැමිණවීම හා අතින් අත ගත් බොරු නඩු නඩු දැමීම මගින් තෘප්තිමත් වන පාර්ශව බොහෝ ය. ඒ නිසාම ඒ ගැන මුනිවත රකිති.

කුමාර, පෝට් සිටියට, ක`ඵ ගල් ප‍්‍රවාහනය කරන සමාගමක ටිපර් රියදුරෙකි.

ඔහු ක`ඵ ගල් අදින්නේ තෙබුවන පිහිටි ගල්වලකිනි. මෙම සමාගමේ සියලූම ටිපර්, ඨීඡු  තාක්ෂණයට අනුව ජාලගත කර ඇත. වාහනය පණ ගැන්වූ වේලාවේ සිට නවත්වන තෙක් සියලූ තොරතුරු පරිඝණක ගත වේ.

ජූලි මස 04 වන දින, තම රාජකාරිය ආරම්භ කරන්න සූදානම් වනවාත් සමග තෙබුවන පොලීසියේ පො.ප. මල්ලවආරච්චි, ඔහුව අත්අඩංගුවට ගන්නේ මසකට පමණ පෙර ටිපර් රථය තුළ පිරිමි ළමයෙකු ලිංගික අපයෝජනයට ලක් කරන ලද බවට චෝදනා කරමින්ය.

ළමයාගේ පැමිණිල්ලට හා පොලීසිය අධිකරණයට ඉදිරිපත් කළ ‘බී’ වාර්තාව ට, අනුව සිද්ධිය වූ ස්ථානාය හා වෙලාවේ, කුමාරගේ ටිපර් රථය ගමන් විස්තර වලට සම්පුර්ණයෙන්ම පටහැනිය.

එ් බව, ටිපර් රථය අයත් සමාගම, සිය පරිඝණක දත්ත උපයෝගී කරගෙන අධිකරණයට දැණුම් දෙනු ලැබීය. කුමාරගේ නීතිඥවරයාද එම කරුණ අධිකරණයට ඉදිරිපත් කර ඇත.

නමුත් පොලිසිය ඉල්ලා ඇත්තේ පෙරෙට්ටුවක් පැවැත්වීමට කුමාරව රිමාන්ඞ් කරන ලෙසටය.

පොලිසියේ ස්ථානාධිපති කාමරයේදී, පැමිණිල්ල කළ පිරිමි ළමයාට, කුමාර දැක බලා ගන්නට ස්ථානාධිපති පියවර ගෙන තිබිණ. 

මෙය ද පොලීසිය නිරන්තරයෙන් සිදු කරන්නකි.

සිද්ධිය වූ ස්ථානයට ආසන්න, අදාල වෙලාවේ අවට ක්‍ක්‍ඔඪ කැමරා පරීක්ෂා කර ඇති පොලීසිය, එ්වායේ අයිතිකරුවන්ට, එම දර්ශන කිසිවෙකුට නොපෙන්වන ලෙසට තර්ජනය කර ඇත.

කුමාර මෙම සිද්ධියට සම්බන්ධ නැති බවට සියලූ සාධක තිබියදීත් උසාවියට සත්‍ය වසන් කර, ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර දින 12 ක්, කුමාර ව රිමාන්ඞ් බාරයේ තබා, ඔහුටත්, ඔහුගේ බිරිඳටත් දරුවන් දෙදෙනාටත් වධ දී ඇත.

දින 12 කට පසුව, කුමාරව ඇප මත මුදා හැර ඇත්තේ රුපියල් 10,000/- මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප මතය. එයට අමතරව, සැම මසකම අන්තිම ඉරිදා තෙබුවන පොලිසියට ගොස් අත්සන් කිරීමට නියම කර ඇත.

එ් අනුව පසුගිය 29 ඉදිරිදා, ඔහු පොලසීයට ගිය විට, වෙලාව ඉවරයි කියා අත්සන් කිරීමට ඉඩ දී නැත. උසාවිය තමාට වෙලාවක් නියම කර නැති බව ප‍්‍රකාශ කළ විට පොලීසිය ඔහුට කියා ඇත්තේ නඩුකාරයාගෙන් වෙලාව දැනගන්නා ලෙසට ය.

බොරු නඩු දැමීමෙන් පසුව, චෝදනා අභියෝග කරන සැකකරුවන් පෙළීමට පොලීසිය යොදාගන්නේ, උසාවියේ නියෝගය අනුව අත්සන් කිරීමට පොලීසියට ගිය විටය.

මෙයද ඉතා සුලබය. නමුත් ප‍්‍රතිකර්ම නැත.

කුමාරගේ නිදහස අහිමි කිරීම, වධහිංසා පැමිණවීම මගින් බිරිඳ හා දරුවන් විඳින ලද පීඩාව විස්තර කළ නොහැක. 

”දවස් 12 ක මම හැමදාම බාල දරුවාත් එල්ලාගෙන, ෙදාඩංගොඩ සිට ක`ඵතර බන්ධනාගාරයට ගියා” යන ප‍්‍රකාශය එයට හොඳම නිදසුනය.

කාන්තා අයිතීන් ගැන කතා කරන නෝනාවරුනි, මෙය ගැහැණුන්ගේ දක හා වේදනාවයි. හඬයි.  

කුමාර පොලිසිය සිදුකරන ලද අපරාධය ගැන අදාල බලධාරින්ට පැමිණලි කර ඇත. නඩුවක් තියෙන නිසා කරන්නට දෙවක් නැති බව එම බලධාරින් කියනු ඇත. පොලිස් අපරාධ වගට රුකුලක් වන මෙම තත්වය වෙනස් කිරිම සිවිල් සමාජයේ වගකීමයි.

Friday, August 3, 2018

චිවරධාරියන් ගේ ‘ඔඩර්’ වලට යටත්වුනාට, පොලීස්පතිට රු. ලක්ෂයක් ගෙවන්න වෙයි.



ධර්ම ප‍්‍රචාරයට ගෙයින් ගෙට යෑමට හිමිකම් නැත.

බයිබල් පාඩමක් කියා දෙමින් සිටි අම්මෙක් හා දුවක් ව, පොලීසියට රැුගෙන ගොස් රඳවාගෙන වධ දෙන්නේ චිවරධාරින් දෙන්නෙක් ගේ මෙහෙයවිමෙන් ය. මෙය 2014 වසරේ මාර්තු 01 දින කැකිරාව පොලිස් වසමට අදාල සිදුවිමකි.
මංජුලා (මව) හා රොසාලියා (දුව) ‘‘ජෙහොවාස් විට්නස්’’ නම් ක‍්‍රිස්තියානි නිකායට අයත් ‘‘ධර්ම ප‍්‍රචාරකයින්’’ දෙදෙනෙකි.
ඔවුන් දෙන්නා, ඉහත සඳහන් දිනයේ ගමේ ‘නිලූකා’ ට බයිබල් යේ ‘‘පාඩමක්’’ කියාදෙමින් සිටින ලදි. 
එ් තැනට චිවරධාරින් දෙන්නෙක් කඩා වැදුනේ පොලිස් කරයින් දෙන්නෙකු ද දක්කාගෙනය. ඔවුන් පිටුපස තව පිරිසක්ද විය.
මංජුලා (මව) හා රොසාලියා (දුව) ව අත්අඩංගුවට ගන්නා ලෙසට පොලිසකාරයින්ට නියම කළ චිවරධාරින් දෙන්නා තමන් සමග පැමිණි පිරිස හා එක්ව ඔවුන්ට නින්දා අපහස කරන්නට ද විය.
පොලිස්කාරයින්,  මංජුලා (මව) හා රොසාලියා (දුව) ව අත්අඩංගුවට ගෙන ත‍්‍රිරෝධ රථයක නංවාගෙන කැකිරාව පොලිසයට ගෙන යන ලදි. පොලිසියේ ඔවුන්ව අවමානයට හා මානසික වධහිංසාවට පාත‍්‍ර කරමින් අත්අඩංගුවේ තබාගෙන පසු දින පොලිස් ඇප මත මුදාහරින ලදි. කිසිදු චොදනාවක් ඔවුන්ට එරෙහිව නැගිමට පොලිසිය අසමත් විය. 
මංජුලා (මව) හා රොසාලියා (දුව) ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් ස්ථාපිත කර තිබෙන මුලික අයිතිවාසිකම් උල්ලංඝණය කිරිම පිළබඳව පොලිසියට එරෙහිව ශ්‍රෙෂ්ඨාධිකරණය හමුවේ මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරනු ලැබීය. 
ශ්‍රෙෂ්ඨාධිකරණය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 12(1) එනම්, නීතිය ක‍්‍රියාත්මක කිරිම හා නීතියේ රැුකවරණය සර්වසාධරණ විය යුතු බව සහ 13(1) එනම් අත්අඩංගුවට ගැනිම නීතියට අනුව විය යුතු බව යන්න, පොලිසිය උල්ලංඝණය කර ඇති බව නිගමනය කර, මංජුලා (මව) හා රොසාලියා (දුව) ට රජය(පොලිස්පති), රු.50,000/- බැගින් ගෙවිය යුතු බවට නියෝග කරනු ලැබිය. 
ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 14(1)(ඉ), එනම් ආගම, ලබ්ධිය හෝ විශ්වාශය ඉගැන්විමෙන් ප‍්‍රකාශ කිරිමේ නිදහස, අහිමි කර ඇති බවට, තින්දු කරන ලෙසට, මංජුලා (මව) හා රොසාලියා (දුව) ශ්‍රේෂඨාධිකරණයේ කළ ඉල්ලීම ප‍්‍රතික්ෂේප කරන ලදි.
මෙම නඩු තින්දුව පොලිස් නිලධාරින්ගේ නිති විරෝධි ක‍්‍රියාවන් සම්බන්ධයෙන් දෙන ලද නඩු තින්දුවකට පමණක් සිමා නොකළ යුත්තකි. මන්දයත් එම තින්දුවේ අන්තර්ගත කරුණු අන්‍යය ආගමිකයින්ට පහර දෙන බවට සමහර දේශිය හා ජාත්‍යන්තර මානව හිමිකම් ආයතන ගෙන යන ප‍්‍රචාරයට අදාලවන බැවිනි. 
අප රට අනාගාමික රටක් නොවන බවද, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 14(1)(ඉ) මගින් කෙනෙකුව වෙනත් ආගමකට හැරවිමේ නිදහස ‘‘හිමිකමක්’’ ලෙස ප‍්‍රකාශ නොවන බව ප‍්‍රකාශ කරයි. එ බැවින් පොලීසිය සුදුකළ ‘‘අන්‍යය ආගමකට හැරවීම’’ වැළැක්වීම මගින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 14(1)(ඉ) ප‍්‍රකාශිත හිමිකම උල්ලංඝණය වි නැති බව තිරණය කරන ලද ශ්‍රේෂඨාධිකරණය, , මංජුලා (මව) හා රොසාලියා (දුව) යන දෙපලගේ ඉල්ලිම ඉවත දමා තිබේ.
සටහන:- 
ජනසංසදය නඩු තින්දු ඉදිරිපත් කරන්නේ සංවාදයට යොමු කිරිම සඳහාය. 
Judgement- Link:- 
http://www.janasansadaya.org/page.php?id=641&lang=en


Wednesday, August 1, 2018

ෆීල්ඞ් මාෂල් - IGP බලතල අරගෙන පොලිසි වලට ඕඩර් දෙයි.



යාබද ඉඩමට බලයෙන් ඇතුලූවීමට උත්සාහ දරණ පිරිසකට, පොලිස් සහය ලබා දෙන්න යයි, ඇමති ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා කිරිබත්ගොඩ පොලිසියට අණකර ඇත.

මේ බව, අසරණ තත්වයට පත්ව ඇති ඉඩම් හිමිකරුට දන්වා ඇත්තේ කැළණිය ප‍්‍රාදේශීය සභාවේ නියෝජිත ශෙනිත් බන්ඩාර ය.

වසර 10ක් පුරා, පොලිසිය ප‍්‍රමුඛ, රාජ්‍ය ආයතන බළල් අතක් කරගෙන, තම ඉඩම ආක‍්‍රමණය කරන්නට උත්සාහ ගන්න අසල්වැසියාගේ සියලූ අපේක්ෂාවන් අධිකරණ නියෝගයකින් ශුන්‍ය වී යන ලදි. 

එසේ තිබියදී, එම පිරිසේ වත්මන් උත්සාහය වී ඇත්තේ, යහපාලනයේ ඇමති ෆීල්ඞ්මාෂල් සරත් ෆොන්සේකා ගේ බලයෙන් පොලිසිය යොදවා, තම නීති විරෝධී අරමුණු ඉටු කර ගැනීමය.

පීඩාවට පත්ව ඇත්තේ කැළණියේ නන්දනී නම් වූ, වැන්දඹුවකි. ඉතා දුකසේ ජීවත් වන මැයගේ ඉඩම් මංකොල්ලා කෑමට, පොලිසිය උපයෝගී කරගෙන උත්සාහ ගන්නේ වසර 10 ක් තිස්සේය. 

මැය, කිරිබත්ගොඩ පොලිසියේ ස්ථානාධිපති වෙත, පොලිස්පතිට, මානව හිමිකම් කොමිෂම හා ජාතික පොලිස් කොමිෂමට, පිටපත් සහිතව, යවා ඇති ලිපිය පහත දක්වමු. එමගින්, අප රටේ නීතියේ කඩා වැටී ඇති ප‍්‍රමාණය පිළිබඳ අවබෝධයක් ලැබෙනු ඇත. 

අද නොව හෙට මෙම ඉරණමට ඔබ පත්නොවීමට වගබලා ගන්න.

‘‘  2018.07.31

ප‍්‍රධාන පොලිස් පරීක්ෂක,
චමින්ද ප‍්‍රනාන්දු මහතා,
මූලස්ථාන පොලිස් පරීක්ෂක,
පොලිස් ස්ථානය,
කිරිබත්ගොඩ.

අධිකරණ නියෝග උල්ලංඝණය කරමින් හා නීති විරෝධීව ගෙවත්තට ඇතු`ඵව බලහත්කාරකම් කිරීමට දරන උත්සාහය වලක්වාලන ලෙසට කරනු ලබන ඉල්ලීම.

මාගේ ස්ථිර පදිංචිය හා උරුමය, ඔබ පොලිස් වසමේ, කැළණිය, පාර, .... දරණ ස්ථානයට යාබද එනම්, කැළණිය,  දරන ඉඩමේ පදිංචි, කැටිපේ කංකානම්ලාගේ ධර්මදාස හා කැටිපේ කංකානම්ලාගේ ස්වර්ණලතා (චන්ද්‍රලතා)යන පියා හා දුව විසින්, අප මායිමේ බලහත්කාරයෙන් ඉදිරිකර තිබෙන දෙමහල් ගොඩනැගිල්ලේ, සංවර්ධන කටයුතු බලහත්කාරයෙන් කිරීමට ගන්නා උත්සාහය පිළිබඳව, මා විසින් 2018 ජූලි 29 වන දින, CIB 383286 යටතේ ”මතු ආරක්ෂාව” සඳහා පැමිණිල්ලක් කර තිබේ.

මෙම පැමිණිල්ල කිරීමට හේතු වූයේ,
1. කැළණිය ප‍්‍රාදේශීය සභාවේ නියෝජිත (එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන) ෂෙනිත් බංඩාර මයා, 2018.07.26 දින, රාත‍්‍රී 9.00 ට පමණ නිවසට පැමිණ, මාගේ පුතා ඉන්වාද කියා විමසුවා.

ඔහු නැති බව කී විට, කිසිවක් නොකියා යන්න ගියා. 

2. ඊට පසුදින, එනම් 28 වන දින, ඔහු, ඔහුගේ 0778400466 දරණ ජංගම දුරකථනයෙන්, රාත‍්‍රී 7.10 ට පුතාට කතාකර, ”අල්ලපු ගෙදර කට්ටියව මම හොඳට අ`දුරනවා, කපරාරු කරන්න ඉඩ දෙන්න ” යයි කිව්වා. 

3. ඉන්පසුව, එ් අවස්ථාවේදීම, මම පුතා සමග ඉහත ප‍්‍රාදේශීය සභා නියෝජිත ශෙනිත් බංඩාරගේ ගෙදරට ගියා. 

4. එසේ අප ගියේ, 2010 වසරේ සිට, අල්ලපු ගෙදර අය විසින් අපට එරෙහිව පවරා තිබෙන නඩු හා ඔවුන් අපට කරන හිරිහැර ගැන පැහැදිළි කිරීමටය.

5. එ් අවස්ථාවේ - ප‍්‍රාදේශීය සභා නියෝජිත ශෙනිත් බංඩාර, අපට කියා සිටියා, අල්ලපු ගෙදර, ධර්මදාසගේ ලොකු දුව කේ.කේ.තමරා හා කේ. කේ. ස්වර්ණලතා, අමාත්‍ය - ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා හමුවන්න ගිහිල්ලා, පොලිසියට කියවලා කපරාරු කරන්න ඉඩ අරන්දෙන්න කියා. එ් අවස්ථාවේ තමා ද එතැන සිටි බවත් ඔහු කිව්වා. ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මට අණ කලා, පොලිසියට ගිහිල්ලා මේ ගොල්ලන්ට කපරාරු කරන්න ඉඩ අරන් දෙන්න කියා. 

6. තවද ඔහු කියා සිටියා, එ් අවස්ථාවේ ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මයා, දුරකථනයෙන් කිරිබත්ගොඩ පොලිස් ස්ථානයේ මූ.පො.ප.- ප‍්‍රධාන පොලිස් පරීක්ෂක චමින්ද ප‍්‍රනාන්දු මයාට, දුරකථණයෙන් දැනුම් දුන් බව.

7. තවදුරටත් විස්තර කියා සිටි, ප‍්‍රාදේශීය සභා මංත‍්‍රී ෂෙනිත් බංඩාර මයා, මූ.පො.ප. - ප‍්‍රධාන පොලිස් පරීක්ෂක චමින්ද ප‍්‍රනාන්දු මයා, දුරකථනය - සු`ඵ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිට මාරු කල බව.  

8. එම විස්තර ප‍්‍රකාශ කල ප‍්‍රාදේශීය සභා නියෝජිත ෂෙනිත් බංඩාර, මම මේ ගැන කිසිම දෙයක් කරන්න යන්නේ නෑ, නමුත් දවස් පහෙන් මෙය කර දෙන බවට ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා පොරොන්දු වූ බව ඔහු කිව්වා. 

02. මෙම පසුබිම යටතේ,
මා - ඔබ පොලිස් ස්ථානයේ ඉහත සඳහන් පැමිණිල්ල කල බව ප‍්‍රකාශ කරමි.

2.2. මෙයට ප‍්‍රථම, 2018.07.25 දින ඔබ පොලිස් ස්ථානයේ ක්‍ෂඊ 177රැු293  යටතේ පැමිණිල්ලක් කර ඇත. 

එ් මාගේ වත්තට අල්ලපු ගෙදර කේ.කේ.කපිල නැමැත්තා බලහත්කාරයෙන් ඇතුලූව, අප වත්තේ ගස් කොල විනාශකර දැඩි අලාභ හානි කිරීම පිළිබඳව, එ් අවස්තාවේ 119 ට කල පැමිණිල්ලට නිලධාරීන් පැමිණ, ස්ථානගත පරීක්ෂණ කලද, මේ දක්වාම අධිකරණ ක‍්‍රිය මාර්ගයක් ගෙන නැත.

2.3 තවද, පෙර සඳහ් කල පරිදි, 2010 සිට මෙම කේ.කේ. ධර්මදාස ප‍්‍රමුඛ ඔහුගේ දරුවන්, රාජ්‍ය පරිපාලනයේ බලතල, ග‍්‍රාම නිලධාරී බලතල, මේ වන විට දේශපාලන බලතල උපයෝගී කරගෙන, අපව දැඩි පීඩාවට පත් කරයි. 

2.4 2012 දී, මෙම කේ.කේ.ධර්මදාස, ඔහුගේ දියණිය කේ.කේ.ස්වර්ලතා (චන්ද්‍රලතා* යන දෙදෙනාව, පාර්ශවකරුවන් කර, අංක 63378/03 යටතේ, 66 වගන්තිය යටතේ, පක්ෂග‍්‍රාහී නඩුවක් පොලිසිය පවරා, කපරාරුව කිරීමට අධිකරණය උපයෝගී කරගන්නට, කූඨ උත්සාහයක් ගන්නා ලදි.

එ් අවස්ථාවේ මට, විශාල මුදලක් වැය කර අධිකරණයට කරුණු දක්වා සිටීමට සිදුවිය.

පොලිසියේ ඉල්ලීම, නිශ්ප‍්‍රභා කර, කේ.කේ.ධර්මදාස හා කේ.කේ. ස්වර්ණලතා (චන්ද්‍රලතා* ට කිසිම නීතිමය අයිතියක්, අප වත්තට ඇතු`ඵවීමට නැති බවට තීන්දු කර ඇත.

මෙම තීන්දුව පිටු 53 කින් නියමිතය.

අධිකරණ නියෝග තිබියදී, තවදුරටත් පොලිසිය උපයෝගී කර ගන්නට බැරි බව දන්නා,
කේ.කේ.ධර්මදාස (විශ‍්‍රාමික*, කේ.කේ. ස්වර්ණලතා ( ක්‍ෑ්ඔ සමාගමේ චෙකර් කෙනෙකි*, කේ.කේ.තමාරා (ජපානයේ මෙහෙනින් වහන්සේ කෙනෙකි.*, කේ.කේ. සුරංගි මේකලා රාජපක්ෂ (සහකාර ලේකම් වරියකි*,කේ.කේ. සමන් වික‍්‍රමතිලක (ග‍්‍රාම නිලධාරී*, කේ.කේ.කපිල (නීලකාදී තෛලය විකුණයි* මේ පිරිස, අධිකරණ නියෝග අභියෝගයට ලක් කිරීම සඳහා, පොලිසිය යෙදවීමට උත්සාහ ගන්නේ, අමාත්‍ය ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මයා බව, ප‍්‍රාදේශීය සභා නියෝජිත ෂෙනිත් බංඩාර මයාගේ ප‍්‍රකාශයෙන් පැහැදිළි වේ. 

එම නීති විරෝධී ක‍්‍රියාවන්ට ඉඩ නොදෙන ලෙසට ඉල්ලා සිටින අතර, අපගේ හා අප දේපල ආරක්ෂාව තහවුරු කර දෙන ලෙසට ඉල්ලා සිටිමි. 

මෙය මාගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමට දරණ උත්සාහයක් බවද වැඩි දුරටත් ප‍්‍රකාශ කරමි.

මෙයට,

නන්දනී 

පිටපත්: 
1. පොලිස්පති
2. ජාතික පොලිස් කොමිෂම
3. මානව හිමිකම් කොමිෂම


Tuesday, July 17, 2018

එල්ලූම් ගහ වෙනුවට කුරුසියේ තියලා ඇන ගහමු !


කාලයෙන් කාලයට, අපේ රටේ දේශපාලකයෝ එල්ලූම් ගහේ එල්ලෙති.

එ් ගොල්ලොත් එක්ක, ආගමික නායකයෝ ද එල්ලෙති. මාධ්‍යය කාරයෝ ද එල්ලූම් ගහේ එල්ලෙති.

අලූගෝසුවන් පත් කරති. ලණු ගෙන්වති. එල්ලූම් ගහේ මකුලූ දැල් කඩති.

ජනාධිපති සිරිසේන ද, මල් වට්ටි උස්සාගෙන පන්සල් යන අතර, තමන්ගේ එවුන්ට කුඩු ජාවාරමේ, ගංජා ජාවාරමේ යෙදෙන්නට ඉඩ දෙමින්, මත් ද්‍රව්‍යය විරෝධී වැඩසටහන්වලට පාසල් දු දරුවන් හවුල් කරගෙන ‘‘මත්ද්‍රව්‍යවලට’’ ප‍්‍රචාරය ලබාදෙති.

මේ සෙල්ලම නතර කරන්නට නොකියා, මත් ද්‍රව්‍යය ජාවාරමට උඩ ගෙඩි දෙමින් සමහර මහා නායකවරු හා අගරදගුරු මැල්කම් රංජිත් ද, එක්ව සිටී.

එල්ලූම් ගහ ගෙනාවේ සුද්දෝය. එය දැනට ඇත්තේ වැලිකඩ බන්ධනාගාරයේ චැපල් එකේය. 
එල්ලූම් ගහ මේ වනවිට යල්පැනලා ය. මරන්න  ඕන කුරුසියේ තියලා ඇණ ගහලාය.  එ්ක වඩාත් ඵලදායී වනු ඇත. මැරෙන්නේ ටික ටිකය. මැරෙන හැටි අපට ද බලාගෙන ඉන්නට පු`ථවන.

අප මිනිසුන් මරණවාට විරුද්ධය. මරණ දඬුවම ‘‘දඬුවමක’්’’ නොවේන බව අවධාරනය කරමු.

මේ හා සම්බන්ධව මානව හිමිකම් කොමිෂන් සභාවේ ප‍්‍රකාශය අගය කරමු.

එය පහතින් දක්වමු.



Saturday, July 14, 2018

SSP. කාර්යාලයේ වධකාගාරය නිරුවත්කර, ඇස්වලට, පුරුෂ ලිංගයට කොච්චි දාලා වධ දුන්නා.



මේ වන විට යහපාලනය යටතේ, වධ දීම් අඩුවෙලා තිබෙන බවට සමහර සිවිල් සමාජ බැලයින් ප‍්‍රචාරය කරගෙන යනවා. 

එය සාර්ථක කර ගන්නට පොලිස් කාරයින්, පූජකයින්, සංඝයා, පූසාරිලා එක්ක මානව හිමකම් ගැන කතා කරමින්, වධදීම් වසන් කිරීමට නින්දිත උත්සාහයක යෙදී සිටිනවා.

21 හැවිරිදි කාර්මිකයකු වූ උදේශව, එසේ වධ හිංසාවට පත් කරන ලද්දේ, ක`ඵතර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී යේ, ”යුනිට්” එක නමින් හඳුන්වන විශේෂ අපරාධ අංශයේ නිලධාරීන් ය. 

ඉන්පසුව, එම නිලධාරීන් වෙසෙන බැරැුක්කයට ගෙන ගොස්, නිරුවත් කර කොච්චි ඉස්ම, ඇස්වලට, පුරුෂ ලිංගයට දමා වධ දෙයි.

මේ හා අදාල උදේශ විසින් මානිව හිමිකම් කොමිෂමට කරන ලද පැමිණිල්ලේ මෙසේ ස`දහන් වේ.

‘‘ 2018 ජූලි 09 දින, රාත‍්‍රී 7.00 ට පමණ,............සිවිල් පිට දෙන්නෙක් යතුරු පැදියකින් පැමිණියා. එක් අයෙකු මාගේ බෙල්ලෙන් අල්ලා ගත්තා. ඔවුන් පොලිසියෙන් බව කිව්වා.

එතැනින් ගමන් ගත් වාහනයක් නවත්වා, මාව කලූතර පොලිස් අධිකාරී කාර්යාලයේ විශේෂ එ්කකයට ගෙන ගියා. එතැනදී, මාව වෙන කාමරයකට දැම්මා. එහි ඇඳක් හා මේසයක් තිබුනා. එහි තවත් කෙනෙක් සිටියා. 

පැයක් පමණ සිටින විට, මාව එහි ඉස්සරහා කාමරයට ගෙන එම කාමරයේ සිටි හත් අට දෙනෙක් ව, මා සිටි කාමරයට දැම්මා.කාමරයේදී මාගේ අත් දෙකට මාංචු දැම්මා. එහි සිටි එක් නිලධාරියෙක් මාව ළඟට ඇද මාගේ අත් දෙක අස්සෙන් කකුල් දෙක දමා, කොණ්ඩෙන් ඇද මූණට ගහගෙන ගියා. පැය භාගයක් පමණ ගැහැව්වා.

ඊට පස්සෙ මාව, බිම දමා අත්දෙකට මාංචු දමා, එම මාංචු බිම සවිකර තිබූ කොකුවලට සවිකර පහර දුන්නා. ඇස්වලට කොච්චි දමා මා ඇඳ සිටි කොට කලිසම ගලවා දමා නිරුවත් කර, පුරුෂ ලිංගයට කොච්චි දැම්මා.

ඔලූව පොළොවේ ගැහුවා. ඉන්පසු නිරුවත් මාව රැුගෙන ගොස් නෑව්වා. නැවත ගෙනවිත් කලිසම ඇඳගන්න දුන්නා. මට වධ දෙන ගමන් ඉල්ලූවේ ගංජා. ගංජා දුන්නේ නැති නම් බෝම්බ දානවා කියා බෝම්බ පෙන්නුවා. ටික වේලාවකින්, නැවත කොච්චි කොටන්න පටන් ගත්තා. 

......................... එහි සිටි සියලූ දෙනා සිටියේ හොඳටම බීලා. මා එතැනින් පිටවෙන කොට අ`ඵයම 2.00 ට පමණ ඇති.

දවල් මගේ අයියා කෙනෙකුට විශේෂ එ්කකයේ නිලධාරියෙක් දැණුම් දීලා තිබුණා ගංජා ග‍්‍රෑම් 100 ක් එක්ක බාර වෙන්න කියා.  

මා අත්අඩංගුවට ගැනීම සටහන් කළේ නෑ.

දැන් පොලිස් නිලධාරීන් පණිවුඩ එවනවා, මාගේ යතුරුපැදියේ බෝම්බ  හෝ කුඩු තිබූ බවට බොරු ගොතා උසාව් දාන බවට.’’ 

මේ අපේ පොලිසියේ සංස්කෘති යයි. එස් එස් පි කාර්යාලවල බැරැුක්ක වල පවත්වාගෙන යන නිත්‍යය වධාකාගාර පරික්ෂා කරන්න මානව හිමිකම් කොමිසමට අයිතික් නැ. මෙම නීති විරෝධි රැුඳවුම් මධ්‍යස්ථාන ගැන නිහඬව ඉන්නතාක් හා එම ස්ථාන පරික්ෂාවට අයිතිය ලබා ගන්නා තුරු සංවිධානාත්මක වධදිම නවත්වන්න බෑ. 

Friday, July 13, 2018

අැයව, නිහඬ කළ නොහැකිය.



සත්‍යය හා යුක්තිය සොයා යන මිනිසාගේ ගමන් මග අති දුෂ්කර වූවකි. අදට ද එහි වෙනසක් නැත. මර්දනය හමුවේ බහුතරය නිහඬ වේ. තවත් පිරිසක් මර්දනය තම අරමුණුවලට ළඟා කරගන්නට උපයෝගී කර ගනිති.

ඉතිරි අතලොස්ස ජීවිතය පරදුවට තබයි. වෙනස ඇති කරන්නේ එ් අයයි.

අමිතාගේ කථාවට අවුරුදු 18 කි. එය විනාඩි කිහිපයකට ලඝු කිරීම සාධාරණ නොවේ. එහෙත් ජූලි 06 සිදුවීම, 18 වසරක් ආ ගමන වළක්වන්නට හැකි යැයි යමෙක් සිත්නනේ නම් එය මිත්‍යාවකි.

ඇයගේ අතේ පිරිත් නූලක් නැත. යන්ත‍්‍රයක්, කොන්තයක් හෝ ත‍්‍රිශූලයක් නැත. 

පවතින නීතිය හා කි‍්‍රයා පටිපාටිය රාමුවෙන් පිටතට විත් අභියෝග කිරීම මෙතෙක් ආ ගමනේ සාර්ථකත්වයයි. දහ අට වසරක සිට ඇය අභියෝග කරන්නේ රටේ යුක්තිය ඉටු කරන්න තියෙන අධිකරණ ක‍්‍රියා පටිපාටියටයි.

රාජ්‍යය නිලධාරීන් අතලොස්සක්, නීතිඥයන් කිහිප දෙනෙක්, ඇඟිලි ගණනට අඩු සිවිල් සමාජ ක‍්‍රියාකාරීන්, පූජකයන් දෙතුන් දෙනෙක් හැරෙන්නට අන් සියලූ දෙනා සෘජුව හා නිහඬව අපරාධකරුවන් වෙනුවෙන් පෙනී සිටියා පමණක් නොව, මර්දනයට හවුල් විය.

අමිතා ප‍්‍රියන්ති තම සොහොයුරා වෙනුවෙන් ඉදිරිපත්ව, ඉන් නොනැවතී රාජ්‍ය යාන්ත‍්‍රයෙන් පීඩාවට පත්වූවන් සඳහා ඉදිරිපත් වූයේ පෙර සඳහන් රාජ්‍ය යාන්ත‍්‍රනයේ නිලධාරීන්, සිවිල් සමාජය හා පූජක පරපුර අභියෝගයට ලක්කරමින්ය.

ජූලි 06 ඇය ප‍්‍රහාරයකට ලක් කළේ සැළසුම් සහගතවය. ඇය පානදුරේ ජනසංසද කාර්යාලයෙන් පිටවන තෙක් කුප‍්‍රකට, සංවිධානාත්මක, පුහුණුව ලැබූ යතුරුපැදි කරුවන් දෙදෙනෙක් බලා සිටියේය.  එතැන් පටන් අලූත්ගම, මොරගල්ල දක්වා ඇය පසුපස හඹා ගියේය. ගාලූ පාරේ සිට ඇයගේ නිවසට පිවිසෙන පටු මාර්ගයේ දී, ඇයට පහරදී, ඇගේ ගමන් මල්ල උදුරාගෙන පලා ගියේය.

සිද්ධිය වී සු`ඵ කාලයක් තුළ එ් පිළිබඳ පැමිණිල්ල අලූත්ගම පොලීසියට කළේය. ජනසංසදය ඇතුලූ සංවිධාන, නීතිඥවරුන් සිද්ධිය ගැන බලධාරීන් දැණුවත් කළේය. එහෙත් මේ ලියන මොහොත දක්වා පොලීසිය කළයුතු පරීක්ෂණ නොකරමින් කල් මරති. එ් ඔවුන් ප‍්‍රහාරකයන් දන්නා නිසාය.

අමිතා ප‍්‍රියන්තිගේ සොහොයුරා වන 2000 දී අත්අඩංගුවට ගන්නා පයාගල පොලීසිය දින 05 ක් රඳවාගෙන වධ දෙයි. ඉන්පසු ඉන්පසු අධිකරණ වෛද්‍ය නිලධාරියෙකුට ඉදිරිපත් කර ව්‍යාජ වෛද්‍ය වාර්තාවක් සමග, ක`ඵතර වැඩ බලන මහේස්ත‍්‍රාත් පට්ටම ඇති නීතිඥයෙකු වෙත ගෙන ගොස් රිමාන්ඞ් කරවයි. වැලිකඩ රිමාන්ඞ් බන්ධනාගාරයේදී ඔහු මිය යන්නේ ප‍්‍රතිකාරයක් නොලබාය.

කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරිණියක් පශ්චාත් මරණ පරීක්ෂණය කරයි. භාහිර හා අභ්‍යන්තර තුවාල විස්සකට වැඩි ප‍්‍රමාණයක් හඳුනා ගනී.

අමිතා ප‍්‍රියන්ති යුක්තිය ඉටුකර ගැනීමට පිවිසෙයි. ඇය විවිධ පැතිකඩ හරහා තම සොහොයුරා මරා දැමූ පයාගල පොලීසියේ නිලධාරීන්ට එරෙහිව බොරු වෛද්‍ය වාර්තා දුන් අධිකරණ වෛද්‍යවරයාට එරෙහිව, ප‍්‍රතිකාර ලබා නොදුන් බන්ධනාගාරය එ් අතර මූලික විය.

පයාගල පොලීසියේ් ස්ථානාධිපති ඉද්දමල්ගොඩ, අපරාධ අංශයේ ස්ථානාධිපති ප‍්‍රසන්න වික‍්‍රමරත්න ප‍්‍රමුඛ නිලධාරීන් පවරන ලද මූලික අයිතිවාසිකම් නඩුව, මූලික අයිතිවාසිකම් නඩු ඉතිහාසයේ වාර්තාගත වූවකි. 

”ශ‍්‍රියාණි එරෙහි ඉද්දමල්ගොඩ නමින් එය ප‍්‍රකටය” එතැනින් නොනැවතුන ඇය බොරු වෛද්‍ය සහතික දුන් අධිකරණ වෛද්‍ය නිලධාරී පියසෝමට එරෙහිව ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවේ පැවරූ නඩුවෙන් ඔහු වැරදිකරු වී වසර තුනක තහනමකට ලක්විය.

එයින් ද අරගලය නිම නොවීය. නීතිපති විසින් අපරාධ අංශයේ ස්ථානාධිපතිට එරෙහිව මිනීමැරම් චෝදනා යටතේ නඩු පැවරීය. එහෙත් එක් දිනක්වත් රිමාන්ඞ් භාරයට පත් නොවී, දින පහක් තුළ රු: 5000/- ශරීර ඇප දෙකක් මත නිදහස් වුයේ වාර්තාවක් තබමින්ය.  එතැන් පටන් පොලීසියේ සහයෙන් අධිකරණය මග හරින ‘‘අතුරුදහන් වූවකු’’ ලෙසට පෙනී සිටි. එම නඩුව මේ වන විට ක`ඵතර මහාධිකරණයේ චූදිතයා නැතිව විභාගයට ගෙන ඇත. ඇපකරුවන් වූ ප‍්‍රසන්න වික‍්‍රමරත්නගේ බිරිඳ හා පොලිස් නිලධාරියෙකු අධිකරණයට කැඳවා තිබේ.

මෙයට සමගාමීව, බන්ධනාගාරයට හා වෛද්‍ය පියසෝමට එරෙහිව වන්දි නඩු ද කලූතර දිසා අධිකරණයේ පවතී. 

මේ ආකාරයට අපරාධ අවම කරන්නට නොහැකි මන්ද යන්න පිළිබඳව කැටපතක් බවට පත්වූ අමිතාගේ සොහොයුරාගේ ඝාතනය සහා ඇය සෙසු පීඩාවට පත්වූවන් ට යුක්තිය ඉටු කිරීමට පෙරමුණ ගැනීම, විශේෂයෙන් බලපා ඇත්තේ පොලීසියට ය. 

එය වර්තමානයේ ඇතිවූ ව්‍යවස්ථා වෙනස්කම්, ස්වාධීන කොමිෂම නිසා ප‍්‍රබලව ඔවුන්ට දැනෙන්නට වී තිබේ. මේ සියල්ල හමුවේ අතීතයේ මෙන් නොව, යුක්තිය උදෙසා බිම් මට්ටමින්, හුදෙකලාව, අනාරක්ෂිතව අරගල කරන්නා වූ ක‍්‍රියාකාරින් හා සංවිධාන නිහඬ කිරීමට ගත් අසාර්ථක සහ බෙලහීන උත්සාහයකි, ජූලි 06 නිරායුධ ගැහැණියකට කළ ප‍්‍රහාරය.




  

  

Thursday, July 5, 2018

පොලිස් වධකයින්ව! දුෂිත ඇමතියන්ව !! රකිමින්, ආවඩමින්, පුදමින්!!! වධහිංසාවට තිත තියමු නේද ?


මනෝජ් තෑලිස් ව්‍යාපාරිකයෙකි. ඔහුව ගොකරැල්ල පොලිසියේ ස්ථානාධිපති හිරියාදෙනිය මූලිකව, අමානුෂික ලෙස වධහිංසාවට පත් කරන්නේ, ප‍්‍රදේශයේ සිදුවූ මිනිමැරමකට ආදේශ කිරීමටය. 

තෑලිස් වධහිංසාවට පත්වන අන් බොහෝ දෙනා මෙන්, නිහඬව නොසිට, නීතිය හමුවට ගියේය.

ඔහු පවරන ලද මූලික අයිතිවාසිකම් නඩුවේ තීන්දුවට අනුව, වධහිංසා පමුණුවා මූලික අයිතිවාසිකම් කඩ කල වරදට, එවක ස්ථානාධිපති හිරියාදෙණිය වරදකරු කර වන්දි ගෙවීමට නියම කරයි. 

එ් අතර, විශේෂ පොලිස් විමර්ශණ එ්කකය මූලිකව, 1997 අංක 94 වධහිංසා පනත යටතේ, පවරන ලද නඩුවෙන් හිරියාදෙනිය වරදකරු වෙයි.

එහෙත් පොලිස් වධකයින්ට දෙනු ලබන්නේ පනතේ නියමයන්ට අනුකුල නොවන, ඉතා ලිහිල්, නාමික දඬුවමකි. 

ඉන් අනතුරුව, පොලිසිය විනය පරීක්ෂණයක් පවත්වා - හිරියාදෙණිය ගේ එක් වැටුප් වර්ධකයක් විලම්භනය කර රු:30,000 ක දඩයකට යටත් කර ඇති බව පවසන ජාතික පොලිස් කොමිෂම, පොලිස්පති දී ඇත මේ දඬුවම් ප‍්‍රමාණවත් නැති බවද එ් පිළිබඳව පොලිස්පතිට කියා තිබෙන බව කියාය.

මානව හිමිකම් කොමිසම පොලිස් කොමිසමට යවා ඇති ලිපිය.

පොලිස් කොමිසම තැලිස් මහතාට එවා ඇති ලිපිය.


පොලිස් වධකයින්, වධදීමකට වරදකරු වන්නේ ඉතා කලාතුරකින්ය. එසේ වරදකරු කරනු ලැබූවත් නියම කරන්නේ ලිහිල් දඬුවම්ය. විනය ක‍්‍රියාමාර්ග ගන්නේද වින්දිතයාව තව තවත් මානසික වධහිංසාවට පත්කරමින්ය. 

දුෂිත පොලිස් වධකයින් රකින්නේ මැති ඇමතියන්, සියුලුම වර්ණ වලට අයත් පුජකයින්, දුෂිත ව්‍යාපාරකයින් හා දුෂිත සිවිල් සමාජයයි. 

මෙම පිරිස වධහිංසාව අඛණ්ඩව පවත්වාගෙන යෑම සඳහා නිර්මාණය කර තිබෙන ඉතා යහපත් පරිසරය ගැන නිහඬව, වධකයින් හා වධකයින් රකින්නන් හා එකට හිඳ වධහිංසාවට තිත තියන්න යයි හඬනගා කියමු.

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව:-
අදට ඇති සෙස්ස පස්සට!!!

තෑලිස්ට වධ දුන් හැටි - තෑලිස් විස්තර කරන්නේ මෙහෙමයි.

                           වීඩියෝව 


Wednesday, July 4, 2018

එදා මහින්ද ගේ පුත්තලම් හුරතලාෟ අද මෛත‍්‍රි නළවනවා !!!



මේ වෙන අයෙකු නොව වර්ථමාන ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂ පුත්තලම් සංවිධායක මෙන්ම පුත්තලම දිස්ත‍්‍රික් සංවර්ධන කමිටුවේ අධ්‍යක්ෂ පදවියෙන් පිදුම් ලබා තිබෙන බියන්විලගේ ඇන්ටන් වික්ටර් පෙරේරාය.

මහින්ද රාජපක්ෂ රෙජිමයේ පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ නියෝජ්‍ය ඇමතිවරයාා ලෙසට පිදුම් ලබා සිටියදි විදේශ රැුකියා සපයන බවට පුද්ගලයින් රවටා ලක්ෂ ගණන් මුදල් වංචා කළාය. එම මුදල් වංචා ගැන පොලිසිවල පැමිණිලි කළ ද අඩුම වශයෙන් මොහුගෙන් ප‍්‍රකාශයක් වත් ලබා ගැනිමට රාජපක්ෂ ඉඩ තැබුවේ නැත. 

වික්ටර් පෙරේරාගේ වංචාවන්ට ගොදුරුව වින්දිතයින් වු බහුතරය රාපක්ෂ ගැත්තන් ගේ භිෂණය හමුවේ නිහඬ විය. එහෙත් වික්ටර් පෙරේරාගේ මුදල් වංචාවන්ට ගොදුරුව වින්දිතයෙකුවු වීරරත්න මහතා, වික්ටර් පෙරේරා ව හා පොලීසිය අභියෝග ලක් කිරිම නතර කළෙ නැත. 

එම තත්වය තුල වික්ටර් පෙරේරාව අධිකරණය ඉදිරියට ගෙන එ්මට පොලිසියට සිදුවිය. 

ඇප මත මුදාහැර තිබෙන මොහු තවමත් ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂ පුත්තලම් සංවිධායක මෙන්ම පුත්තලම දිස්ත‍්‍රික් සංවර්ධන කමිටුවේ අධ්‍යක්ෂ වරයාය. 

දුෂණයට එරෙහිව කථා කරන ජනපති සිරිසේන හමුවට විරරත්න යන්නේ වික්ටර් පෙරේරා ගැන කියන්නටය. එහිදි ඔහුව යොමු කරන්නේ ජනපති මහජන සම්බන්ධීකරණ ලේකම් කාර්යාලයේ   ජේ්‍යෂ්ඨ සහකාර ලේකම් සමන්ති රණසිංහ මහත්මිය ලඟටය. 

ඇය විරරත්න ට සියල්ල ලියා දෙන ලෙසට කියයි. එ් අනුව වීරරත්න මහතා ජනපති අමතන ලද ලිපිය පහත දක්වමු. 
  
‘ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායක හා දිස්ත‍්‍රික් සංවර්ධන කමිටුවේ නිලතල උපයෝගී කරගෙන මුදල් වංචාකරුවෙකු නීතියෙන් මිදීමට ගන්නා උත්සාහය.

දැනට හලාවත මහේස්ත‍්‍රාත් අධිකරණයේ පවතින අංක 97965 දරන නඩුවේ චූදිත වන්නේ, හලාවත ජයබිම, පුත්තලම් පාර, අංක 152 හි පදිංචි බියන්විලගේ ඇන්ටන් වික්ටර් පෙරේරාය.

02. මොහු මාගේ රුපියල් ලක්ෂ 03 ක් 2014 ජනවාරි 30 ලබාගන්නා ලදි. එ් මා හට විදේශ රැුකියාවක් ලබාදෙන පොරොන්දු මතය.

03. මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුවේ පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ නියෝජ්‍ය ඇමතිවරයාය.

04. මොහු සිදු කළ මෙම වංචා ගැන 2015 නොවැම්බර් මස පැමිණිලි කරන ලදි.

05. එහෙත් මොහුගේ දේශපාලන බලය උපයෝගී කරගෙන අධිකරණ ක‍්‍රියාමාර්ග ගැනීම වළක්වාලන ලදි.

06. මා දිගින් දිගටම කරන ලද කරුණු දැක්වීම්වල ප‍්‍රතිඵලය වශයෙන් මොහුට විරුද්ධව 2017.09.18 වන දින, නාමිකව අත්අඩංගුවට ගෙන, අධිකරණයට ඉදිරිපත් කළ අතර, ඇප මත මුදාහරිණ ලදි.

07. 2017.12.12 වන දින ඔහුට එරෙහිව දණ්ඩ නීති සංග‍්‍රහයේ 409 හා 3 වන වගන්තිය යටතේ චෝදනා නගනු ලැබීය.

08. ඔහු චෝදනාවලට නිවරුදිකරු බව ප‍්‍රකාශ කරන ලදි.

09. මෙම පසුබිම යටතේ මෙම මුදල් වංචාකරුව, ඔබතුමා විසින් පුත්තලම් දිස්ත‍්‍රික්කයේ පුත්තලම ආසන සංවිධායක ලෙසත්, පුත්තලම දිස්ත‍්‍රික් සංවර්ධන කමිටුවේ අධ්‍යක්ෂ තනතුරට පත්කර තිබේ.

10. මෙම අධ්‍යක්ෂ තනතුරු මත ඔහුට රජයේ දීමනාවක් හා නිල රථයක් ලබා දී ඇත.

11. මේ ආකාරයට මොහු දරන දේශපාලන තනතුරු නිසා මොහු පොලීසියට බලපෑම් කිරීම දිගටම සිදුකරණු ලබයි.

12. එමගින් යුක්තිය ඉටුකර ගැනීම සිහිනයක් වන බව ඔබතුමාට අමුතුවෙන් කිවයුතු නැත.

13. මෙම කාරණය අදාලව, 2018 ජුනි මස 15 වන දින හෝ ඊට ආසන්න දිනයක ඔබ මහජන සම්බන්ධීකරණ ලේකම් කාර්යාලයට ගොස් ජේ්‍යෂ්ඨ සහකාර ලේකම් සමන්ති රණසිංහ මහත්මිය මුණ ගැසුනා.

14. එ් අවස්ථාවේ ඇය මාගෙන් කරන ලද ඉල්ලීම මත මෙම ලිපිය ඉදිරිපත් කරමි.

මා ඉල්ලා සිටින්නේ, 

ඔහු දරන දේශපාලන පත්වීම් අයුතු ලෙස උපයෝගී කර ගනිමින් මාගේ වංචා කරන ලද රුපියල් ලක්ෂ තුන හා වසර 4 1/2 ක් පුරා, සාවද්‍ය ලෙස පරිහරණය කිරීම මගින් මට සිදුකළ පාඩුව වෙනුවෙන් එයට එකතු කළ පොලිය සමග ලබාදීමට මැදිහත්වන ලෙසටය.’’

අන් බොහෝ දෙනා මෙන් වීරරත්න මහතා විදේශගතවන්නට උත්සහා ගන්තේ වැඩිපුර යමක් හම්බකරගෙන දරුවන්ට දැනට වඩා හොඳ තත්වයක් උදාකර දෙන්නටය. එ්් සඳහා ණය වි සොයා දුන් මුදල හොරකම් කරපු වික්ටර් පෙරේරා ට තනතුරු සම්මාන ලබාදි නීතියට උඩින් ඔසවා තබා ඇත. 

මේ රටේ ආගම සොරකමයි!. සදාාචාරය සොරකමයි!!. සංස්කෘතිය සොරකමයි!!!. පවසන වීරරත්න මේ රට හදන්න බෑ යන තීරණයට එලඹ සිටි. 
  
බලා සිටිමු දින 14ක්. පිළිතුර ජනපතිගේ කුමක්ද කියා.  


Monday, July 2, 2018

පාතාලය, පොලීසිය, දේශපාලූවෝ !!! හා නෑදෑයෝ !!!



පාතාලයට නෑකම්, මිත‍්‍රකම් නොකියන්නේ කව්ද? පැනය මතුවන්නේ මාස 08 ක් පුරා ඇප ගන්න බැරිව සිටින අයියා ගැන නංගී නීතිපතිට ලියන ලද ලිපියෙහි අන්තර්ගතයෙනි.

අයියා හමුදාවේ රැකියාවක් කරන්නෙකි. කොස්ගොඩ පොලීසියේ ස්ථානාධිපති සිරිමාන්න ඔහුට එන්න කියන්නේ දුරකතනයෙනි. එ් නීතිඥයන් සමග හෝ දේශපාලූවන් සමග නොපැමිණිය යුතු බවට වන කොන්දේසි දමාය.

එහෙත් අයියා කොස්ගොඩ පොලීසියට යන බව තමා රැකියාව කරන හමුදා කාණ්ඩයට දැණුම් දෙයි. එතැනින් නොනැවතී ඔහු එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රධාන සංවිධායක අශෝක ධනවංශ වෙත ඔහුගේ දුරකතන අංක 077 3030570 ට හා බලපිටිය ප‍්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ නියෝජිත පවරසිරි ද සොයිසාට ඔහුගේ දුරකතන අංක  076 6267072 ට දැණුම් දී තිබුණා.

එසේ දැණුම් දී පොලීසියට ගිය විට ඔහුගේ ජංගම දුරකතනය සිය බාරයට ගන්නා  ඕ.අයි.සී. සිරිමාන්න,  අයියාව කූඩුවට දමයි.

එ් අවස්ථාවේ සිට, අයියාව බලන්න ඥතීන් පොලිසියට යයි. කෑම බීම ද ගෙන ගොස් දෙයි. 

එයට අමතරව බලපිටිය ප‍්‍රාදේශීය සභාවේ හිටපු එ.ජ.ප. නියෝජිත උෂාන්ත මෙන්ඩිස් හා නීතිඥ කමල් ද පොලීසියේ රඳවාගෙන සිටි අයියාව බලන්න ගොස් තිබින.

නංගී, අයියාව අත්අඩංගුවේ තබාගෙන සිටින බවට, නිල වශයෙන් 18 කුට දැණුම් දෙයි. දැණුම් දුන් අය අතර,  
1) දකුණු පලාත් ප‍්‍රධාන අමාත්‍ය ශාන් විජේලාල් සිල්වා, 2) අම්බලන්ගොඩ නගර සභාවේ නගරාධිපති නීතිඥ අරුණ ප‍්‍රදීප් සිල්වා, 3) බලපිටිය 16 D නානතොට ග‍්‍රාම නිලධාරී ජනක මෙන්ඩිස් ජයසිංහ, 4) බෙන්තර, ගෝනගල ග‍්‍රාම නිලධාරි නන්දන විජේවර්ධන 5) අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මියගේ පුද්ගලික ලේකම් පුෂ්ප කුමාර ද සොයිසා, 6) ජේ්‍යෂ්ඨ නීතිඥ ශ‍්‍රීනාත් පෙරේරා 7) නීතිඥ මංජුල පතිරාජ, 8) ටෙලිකොම් ඉංජිනේරු හරිෂ් දීප් වල්පොල 
9) නීතිඥ සසංක ජයසේකර 10) නීතිඥ පුබුදු ලියනගේ 11) නීතිඥ ලාල් ශාන්ත 12) නීතිඥ මේජර් අජිත් ප‍්‍රසන්න 13) බලපිටිය ප‍්‍රාදේශීය සභාවේ හිටපු එ.ජ.ප. නියෝජිත උෂාන්ත මෙන්ඩිස් මයාගේ, 14) ශ‍්‍රී ලංකා ගුරු සංගමයේ සභාපති මයුර සේනානායක, 15) කොස්ගොඩ, නාපේ, සිරිපවර බෝධිරාරාමයේ විහාරාධිකාරී කිරිම දේවින්ද හිමි, 16) ලංකාදීප වාර්තාකරු හේමන්ත සිල්වා, 17) ගුවන්විදුලි සංස්ථාවේ නිවේදක බලපිටිය ප‍්‍රාදේශීය සභා නියෝජිත සංජය මධුසංඛ 18) දිවයින වාර්තාකරු සේනක ප‍්‍රියදර්ශන යන අය විය.

අයියාව, ප‍්‍රශ්න කර නිදහස් කර එවාවි යැයි ඇය තුළ තිබුණේ දැඩි විශ්වාසයකි. නීතියට හා  දෙයියන් ටත් වඩා මේ අය මත තැබූ විශ්වාසය නිසාමය. 

එහෙත් මේ වන විට එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රධාන සංවිධායක ධනවංශ, මස්සිනාගේ ජවය ශක්තිය බලය තියෙන ස්ථානාධිපති සිරිමාන්න කරන්නේ දින 08 කට පසුව ”ඊයේ” අත්අඩංගුවට ගත් බවට වන අමූලික බොරු වාර්තාව සමග උසාවියට ඉදිරිපත් කර රිමාන්ඞ් කරවීමය.

දමා තිබෙන චෝදනා වන්නේ අපරාධකරුවන්ට රැකවරණය දීම, පලා යෑමට ඉඩ දීම, මිනී මැරීමට අනුබල දීමය.

මේ චෝදනාවට මහේස්ත‍්‍රාත් උසාවිය ඇප දෙන්නේ නැත. එ් නිසා මහාධිකරණයෙන් ඇප ලබා ගැනීමට බිරිඳ උත්සාහ ගනී. මිනී මැරීමේ චෝදනාවට මාස තුනක් පමණ කොටි කාලයකදී ඇප ලබා ගැනීමට හැකි වුවත් තම අයියාට ඇප නොදී රඳවාගෙන සිටින බව නැගණිය ප‍්‍රකාශ කරයි.

තම අයියා රිමාන්ඞ් එකේ තබාගෙන සිටීම, බලපිටිය කොස්ගොඩ ප‍්‍රදේශයේ පසුගිය කාලයේ පැතිර ගිය, තවමත් අවසන්ව නැති ඝාතන රැල්ලට අදාලව සිදුකරන්නක් බව නැගණිය වැඩිදුරටත් කියා සිටී.

ඇය නීතිපති ගේ අවධානයට කැඳවන්නේ පොලීසිය උසාවියට බොරු කීම පිළිබඳවය. 

එ් අනුව අවම වශයෙන් අයියාට ඇප ලබාදීමට මැදිහත්වන ලෙසටය.

කොස්ගොඩ පොලිස් ස්ථානයේ වත්මන් ස්ථානාධිපති මානව හිමිකම් උල්ලංඝණයන් පිළිබඳව වැරදි කරු වූ තැනැත්තෙකි.

තවද ඔහු, මෙම අත්අඩංගුවට ගැනීම හා රඳවා තබා ගැනීම ගැන මානව හිමිකම් කොමිෂන් සභාවේ පැවති විමර්ශනය අවසානයේ දී විමර්ශන නිලධාරී අභියස දී, ස්ථානාධිපති සිරිමාන ඇයට බැන තර්ජනය කර ඇත.

එමෙන්ම අයියාගේ බිරිඳ ඉතා දුර්ලභ රෝගයකින් පෙළෙන බැවින්, කොස්ගොඩ ෙපාලීසියේ ස්ථානාධිපතිගේ නීති විරෝධී ක‍්‍රියා හා පාතාල සම්බන්ධයන් ගැන කතා කිරීම හේතුවෙන් නංගිට  තර්ජනය කිරීමට පෙළඹී සිටී. 

එම තත්ත්වය තුළ ඇයගේ ආරක්ෂාව සලසන ලෙසට මානව හිමිකම් කොමිෂමෙන් ද ඉල්ලා තිබේ. 

මෑතකදී කොස්ගොඩ දී අත්අඩංගුවට ගත් තාරකගේ මව පසුගිය ප‍්‍රාදේශීය සභා මැතිවරණයේදී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරඟ කරන ලද ස්ත‍්‍රී අපේක්ෂිකාවකි. 

එමෙන්ම ප‍්‍රකට ඇමතිවරයෙකුගේ සහයෙන් විදේශගතව සිටින සුජීව නැමති අයගේ සොහොයුරි ද එම ප‍්‍රාදේශීය සභාවටම ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරඟ කරන ලද ස්ත‍්‍රී අපේක්ෂිකාවකි.

මේ දෙදෙනාම කොස්ගොඩ පොලීසියේ අනුග‍්‍රහයෙන් පවත්වන ලද ‘‘නිදහස් හා සාධාරණ මැතිවරණ’’ රැස්වීම් වලට සහභාගී වූයේ පොලීසියේ ගසා තිබෙන තාරකගේ හා සුජීවගේ පිංතූර දෙක දිහා බලාගෙනය.

අති විශේෂත්වය නම් කොස්ගොඩ  ඕ.අයි.සී. සිරිමාන්න හා බලපිටිය එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රධාන සංවිධායක අශෝක ධනවංශ දෙමස්සිනෝ විමය. 

ෙම් සියල්ල අැය නීතිපතිට පවසා තිෙබ්. සි. අයි. ඩි. ඒක දන්නා බවද කියයි.


Saturday, June 23, 2018

ඌරගස්මංහන්දිය පොලිස් ඝාතකයා බේරන්න සාක්ෂිකරුවන් දඩයම් කරයි.



බූරු පිටියේ සල්ලි මංකොල්ලා කෑමට ගිය පොලිස් කාරයින් විසින් තබන ලද වෙඩි පහරින්, මිය ගිය 55 හැවිරිදි, සිව් දරු පියාගේ මරණ පරීක්ෂණය තවමත් නිමවී නොමැත.

2018 මැයි 18 වන දින මෙම පොලිස් ඝාතනය වසන් කිරීමට සාක්ෂිකරුවන් අත්අඩංගුවට ගෙන රාජකාරියට බාධා කළා යන චෝදනාව නගමින් රිමාන්ඞ් කිරීමට ඌරගස්මංහන්දිය පොලීසිය කි‍්‍රියා කරයි. 

2018.05.31 දින පොලීසියට ගිය රංජිත් මහතාව, අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් බාරයට පත් කිරීමේ නාටකය ඔහු මානව හිමිකම් කොමිෂන් සභාවට හා පොලිස්පතිට කරන ලද පැමිණිල්ලේ ස`දහන් කරුනු වලින් පැහැදිලි වේ. එහි මෙසේ ස`දහන් වේ.  

’‘ රංජිත් අවු: 42 යි, විවාහක, දරුවන් 03 යි, රැුකියාව: සු`ඵ ව්‍යාපාරික කටයුතු, 
2018.06.22 වන දින දීය.

මා වයස අවුරුදු 14 දී, පංචායුධයක් සොරකම් කළා යන බොරු චෝදනා නගා පරිවාස ගත කොට දැඩි මානසික හා ශාරීරික පීඩාවට පත්කරන ලදි.

මව, දැඩි දරිද්‍රතාවයෙන් පෙලූන මා ඇතු`ඵ අප පවුලේ හත් දෙනා ඇති දැඩි කළේ කිරි කපා හම්බ කළ මුදලිනි. පියා නාමික විය. ඔහු කළේ අපවත් මවත් පීඩාවට පත් කිරීමය.

පොලීසිය බොරු නඩු දමා මාගේ අධ්‍යාපනය නැතිකර දැමීය. මා දියුණු වීමට ගත සෑම උත්සාහයකදීම පොලීසිය, දිගින් දිගටම මා පීඩාවට පත් කළේය.

මා මේ වන විට බන්ධනාගාරයේ වසර 06 කට වැඩි කාලයක් ගත කර තිබේ.

මේ අතරතුර 2018 මැයි 13 වන දින අසල්වැසියෙකුගේ නිවසක රාත‍්‍රී බණ ගෙදරක දී පොලීසිය සිදුකළ වෙඩි තැබීමක් පිළිබඳ ආරංචි වී එහි ගියෙමි. එවිට වේලාව රාත‍්‍රී 11.00 ට පමණ ඇත. 

මා යන විට මිය ගිය අයගේ දේහය බිම දිගා කර තිබූ අතර ජීප් රථ, හත අටකින් පමණ පොලීසියෙන් විශාල පිරිසක් ඇවිත් හිටියා. රැුස්වූ පිරිස පොලීසියට බණිමින් විරෝධය පළ කරමින් සිටියා. අංක තහඩු නැති පොලිස් යතුරුපැදිවල, අංක තහඩු, පිරිසක් හොයාගෙන ඇවිත් එතැනට දැම්මා. යතුරුපැදිවල ෂීට් යට තිබූ නිල ඇඳුම් අරගෙන එතනට පැමිණ සිටි වාර්තාකරුවන්ට ප‍්‍රදර්ශනය කළා.

එ් අවස්ථාවේ වෙඩි තැබූ පොලිස් නිලධාරියාව සැඟවීමට පැමිණි සිටි උසස් පොලිස් නිලධාරීන් සූදානම් වන බව පැහැදිළිව පෙනෙන්නට තිබුණා. 

එතැන සිටි ඇල්පිටිය සහකාර පොලිස් අධිකාරී මහේෂ් කුමාරසිංහ හිටියේ හොඳටම බීලා. වෙරිමතේ සිටි ඔහුට පිරිස විරෝධය දැක්වූවා. එ් අතර වැඩ බලන මහේස්ත‍්‍රාත්වරයා වශයෙන් එතැනට නීතිඥ රුවන්පුර පැමිණියා. 

එවිට බීගෙන වෙරි මතින් හිටිය ඇල්පිටිය සහකාර පොලිස් අධිකාරී මහේෂ් කුමාරසිංහ, වෙඩි තියනවා දැක්ක අයට ඉදිරියට පැමිණ සාක්ෂි දෙන්න යැයි, කියා සිටියා. කිසිවෙක් ඉදිරිපත් වුණේ නෑ. නමුත් එහි සිටි අය අසන්න පටන් ගත්තා, සාක්ෂි දෙන්න පු`ඵවන් ආරක්ෂාව දෙනවාද කියා. 

එවිට, ඇල්පිටිය සහකාර පොලිස් අධිකාරී මහේෂ් කුමාරසිංහ එහෙම පොලීසිය කාටවත් ආරක්ෂාව දීලා තියෙනවාද යයි අසන්නට පටන් ගත්තා. දෙපාර්ශවය අතර වචන හුවමාරු වුණා. 

එ් අතර මා ඉදිරිපත්ව, මට බොරු නඩු දැමීමේ සිද්ධිය ගැන කියා සිටියා. එය පොලිස් ¥ෂණ කි‍්‍රියාවක් හෙළි කිරීමක්.

එසේ සිටින අතර, 2018.05.31 උදේ මා, ඌරගස්මංහන්දිය පොලිස් ස්ථානයට ගියා. එ් මාගේ වාහන බලපත‍්‍රය ලබාගන්න. එ් අවස්ථාවේ මාව අත්අඩංගුවට ගෙන කූඩුවට දැම්මා. හේතුවක් ඇහුවාට කිව්වේ නෑ.

එදින හවස ස්ථානාධිපති සුජිත් ප‍්‍රියන්ත, මාව ඇල්පිටිය පොලීසියට ගෙන ගියා. ඇල්පිටිය පොලීසියේදී, බණ ගෙදර දී, පොලීසියට ගහපු එකට කියා මාව කූඩුවට දැම්මා. 

පසුදින, 2018.06.01 දින උදේ 10.00 ට විතර, ඇල්පිටිය සහකාර පොලිස් අධිකාරී මහේෂ් කුමාරසිංහ පොලීසියට ආවා. 

ඔහු එතනදී, මට  ඕන කරන ගවරා කියන එකා කූඩුවේ ඉන්නවා, ඌත් එක්ක ගණුදෙනුවක් තියෙනවා, මට බේරගන්න ගෙනත් දෙන්න යැයි කිව්වා.

මා කූඩුවෙන් එලියට අරන් ස්ථානාධිපතිගේ කාමරයට ගෙන ගියා. ස්ථානාධිපතිගේ පුටුවේ ඇල්පිටිය සහකාර පොලිස් අධිකාරී මහේෂ් කුමාරසිංහ වාඩිවෙලා හිටියා. ඔහු එතැන සිට නිලධාරියෙකුට කිව්වා මගේ ආයුධය ගේන්න කියා. ඔහු පිස්තෝලයක් ගෙනත් දුන්නා.

එය අතට ගෙන, උඹ මැරෙන්න බයද, උඹ චණ්ඩියෙක් ද කියා අසමින් නැගිට මා ළඟට ඇවිත් නලලට පිස්තෝලය තියා ආයෙත් මැරෙන්න බයද කියා අසා, පිස්තෝලයෙන් මගේ කම්මුල දෙපැත්තට ගැහැව්වා.

ඉන්පසු මූව අරන් පලයන් කිව්වා. එදින හවස ඌරගස්මංහන්දිය පොලීසියෙන් ඇවිත් මාව රෙද්දකින් වසාගෙන ඇල්පිටිය මහේස්ත‍්‍රාත් අධිකරණයට ගෙන ගොස් රිමාන්ඞ් බාරයට පත් කළා. නඩු අංකය : 5787 වේ.

2018.06.06 වන දින, මාව පෙරෙට්ටුවකට ඉදිරිපත් කළා. මාව හොඳට හඳුනන අය. ඔවුන් මාව හඳුනා ගත්තා. 

එදින ශරීර ඇප මත මුදාහැරියා. මීළඟ නඩු දිනය 2018.09.12 වේ.

මට නගා තිබූ චෝදනාව රාජකාරියට බාධා කිරීම.

මේ ආකාරයට මට විරුද්ධව බොරු චෝදනා නගා නඩු පවරා මා දැඩි පීඩාවට පත්කර ඇත.

මා ඉල්ලා සිටින්නේ, 

නිදහස අහිමි කර, ශාරීරික, මානසික වධහිංසාවට පත් කිරීම, ව්‍යාජ නඩු පවරා මූලික අයිතීන් උල්ලංඝණය කිරීම පිළිබඳව,

(1* ඇල්පිටිය සහකාර පොලිස් අධිකාරී මහේෂ් කුමාරසිංහ,

(2* ඌරගස්මංහන්දිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපති සුජිත් ප‍්‍රියන්ත ඇතු`ඵ අදාල නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසටය. 

මෙයට,  රංජිත් 

පොලිසියට මරන්න අවසර දීලාලූ බූරුවා පොලේ සල්ලි මංකොල්ලය වැරදුන විට ඌරගහ පොලිසිය ගත් මිනිස් බිල්ල

http://peoplesforumsl.blogspot.com/2018/06/blog-post_10.html