Wednesday, January 14, 2015

ඔජඩ දේශාපලනයේ කටවුට් කෙළිය.

                                               


රාජපක්ෂ, රජෙක් කරන්නට ආරම්භ කළ ඔජඩ දේශපාලනයේ දැවැන්ත ප්‍රචාරක ව්‍යාපාරයේ ප්‍රබලතම කොටස වූයේ පාරක් පාරක් ගානේ, හංදියක් හංදියක් ගානේ ගැසූ දැවැන්ත කටවුට්ය.

මෙම කටවුට් කෙළිය ඊළගට රාජපක්ෂ ගැත්තන් විසින්ද නොඅඩුව අනුගමනය කළේය.

මේ සියල්ල මගින් මහජන මුදල් විනාශ කළ අතර, පරිසරය කා දමන ලදි.

යහපාලනයක් ඇති කිරීමේ සටන් පාඨය ප්‍රමුඛ කරගෙන පෙරට ආ, මෛත්‍රීපාල සිරිසේන සිය මැතිවරණ ව්‍යාපාරය සදහා කටවුට්, උපයෝගී කර‍ගත්තේ නැති තරම්ය.

ඔහුගේ ජයග්‍රහනයෙන් පසුව, ඔහුගේ ඡායාරූප ඇතුලත් පෝස්ටර් ලංගම බස්රථවල සමහරක අලවා ගෙන තිබෙනු දකින්නට ලැබින.

ඒ අතර, 365 දවසේම ප්‍රදර්ශණය වූ මහින්ද රාජපක්ෂගේ හා රෙජිනෝල්ඩ් කුරේ වැන්නන්ගේ රූප රැගත් දැවැන්ත කටවුට් එකක් පානදුර ඔරලෝසු කණුව අසල ප්‍රධාන මං සංධියේ ඉදිකර තිබුනා.
ජනපති මැතිවරණයෙන් පසුව, එම පුවරුවේ රාජපක්ෂ හා කුරේ මුහුණත් තහඩු නැත. අච ඒහි මෛත්‍රීපාල සිරිසේන හා නන්දන ගුණතිලක ෙග් මුහුණු අලවා තිබේ.

මෙය යලිත් මජඩ දේශපාලනයට පිවිසීමේ මං සලකුණු ද ? අසන්නට සිදුව තිබේ.

කටවුට් දේශපාලනය වහා අවසන් කල යුතුව තිබේ.


1 comment:

  1. අප බලාපොරොත්තු වන යහපාලනයක් නම් ඇතිවෙන්නේ නැහැ. කොහොම කිව්වත් මේ ජරා දේශපාලනය ඉවර වෙන්නෙත් නැහැ. අපි දින 100 ගැන බලාපොරොත්තු තියා ගනිමු. ඊට පස්සේ උදාවෙන කාලය ගන නම් මට විශ්වාසයක් නැහැ. ඒත් බලාපොරොත්තු අතහැර නොගනිමු.

    ReplyDelete