Wednesday, February 19, 2020

සෙනුදිව දෙවන වසරට ඇතුළත් කරනු. සිරිමාවෝ බණ්ඩාරනායක විදුහලේ විදුහල්පතිනිය ට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කරයි.



2019 පළමු වසරට තම දියණියව ඇතුළත් කිරීම සඳහා නියමිත පරිදි, ඉදිරිපත් කරන ලද ඉල්ලූම් පත‍්‍රය, නොසලකා හැරීමට විරුද්ධව නාරාහෙන්පිට පදිංචිකාරියක වූ චමිලා ප‍්‍රභාත් මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ගියේ 2018 ජුනි 16 දිනය.

සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයට ආසන්න පදංචිකාරියක් වශයෙන් තම දියණියව එම විද්‍යාලයට ඇතුළත් කර ගැනීමට ඇය ඉදිරිපත් කරන ලද ඉල්ලූම් පත‍්‍රයට හිමිවිය යුතු ළකුණු ප‍්‍රමාණය විද්‍යාලයේ සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය විසින් ලබා නොදුන් බව ඇය අධිකරණය හමුවේ කියා සිටින ලදි.

ඇය මෙම නඩුවේ වගඋත්තරකරුවන් ලෙසට විදුහල්පතිනිය, එ්.ආර්.එම්.ආර්. හේරත්, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් පද්මසිරි ජයමාන්න ඇතුලූ හත් දෙනෙකු නම් කර තිබින.

චමිල ප‍්‍රභාත් මහතා වෙනුවෙන් නීතිඥ ශාලීන් ප‍්‍රනාන්දු මෙය. ගේ උපදෙස් මත නීතිඥ උපුල් කුමාරපෙරුම මහතා පෙනී සිටි අතර, සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ, විදුහල්පතිනිය ප‍්‍රමුඛ වගඋත්තරකරුවන් වෙනුවෙන් ජේ්‍යෂ්ඨ රජයේ නීතිඥ රජීව් ගුණතිලක පෙනී සිටින ලදි.

අගවිනිසුරු ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය, එල්.ටී.බී.දෙහිදෙනිය හා ඊ.එ්.පී.ආර්.අමරසේකර යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් ඉදිරියේ නඩුව විභාග විය.

2020 පෙබරිවාරි 13 වන දින, අගවිනිසුරු ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය විසින් ලබාදෙන ලද තීන්දුවට, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එල්.ටී.බී.දෙහිදෙනිය එකඟතාවය පළකරන ලද අතර එම තීන්දුවට එකඟ නොවෙමින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු, ඊ.එ්.පී.ආර්.අමරසේකර වෙනම තීන්දුවක් ලබාදෙන ලදි.

එ් අනුව මෙම නඩු තීන්දුව බෙදුනු තීන්දුවක් විය.

අගවිනිසුරු ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය, විනිසුරු දෙහිදෙනියගේ එකඟතාවය මත ප‍්‍රකාශ කර සිටියේ චමිල ප‍්‍රභාත් මහතාගේ දියණියව 2019 පළමු වසරට ඇතූළත් කර නොගැනීමෙන් ඇයගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවයි.

එම නිසා ඇයගේ දියණියව, සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ දෙවන වසරට නොපමාව ඇතුළත් කර ගන්නා ලෙසට නියෝග කරනු ලැබීය.

මෙම නඩු තීන්දුවේ පිටපත් විදුහල්පතිණියට හා අධ්‍යාපන් අමාත්‍යාංශයේ ලේකම්වරයාට යවන මෙන්ද ශ්‍රේෂ්ඨාධිකරණ රෙජිස්ට‍්‍රාර්වරයාට නියම කරනු ලැබීය.


සටහන:

පළමු වසරට ළමුන් ඇතුළත් කිරීමේදී විදුහල්පතිවරු ප‍්‍රමුඛ බලධාරීන් සිදුකරන අක‍්‍රමිකතා, අකටයුතුකම් ¥ෂණ හා වංචා අනන්තය අප‍්‍රමාණය.

එ්වාට එරෙහිවීමට මෙ රටේ හැකියාව ඇත්තේ ‘ඇත්තන්ට’ පමණි. 

නැත්තන්ට කළ හැක්තේ හුල්ල හූල්ලා ඉන්නටය.

තීන්දුව පහත දැක්වේ.






























4 comments:

  1. 2017 wasre hanwelle duwek sirimavi ekata da gatta...etakota ma principal oya lagada durada baluwe na....

    ReplyDelete
  2. දරුවාගේ අම්මා නෙවෙයි තාත්තා වගේ (චමිල ප්‍රබාත්?) නඩුව ෆයිල් කරලා තියෙන්නේ. එකම වාසගම එන්න බෑ අම්මටයි දුවටයි.

    ReplyDelete