Sunday, October 5, 2014

හෙලුවෙන්ම 4 වෙනි තට්ටුවෙන් බිමට පැනලා බේරුනේ.

එක වාරයක් පනලා බේරිලා ආවාම තානාපති නැවත එම ගෙදරටම බාර දුන්නා. දවසට ඩිනාර් 20 ගානේ ගෑණුන්ව විකුණනවා. ලිංගික අතවර ගැන පැමිණිලි කරන්න තහනම්. රක්ෂණයක් නෑ. පඩිත් නෑ. ගෙදර එවන්න තානාපති ලක්ෂ 4ක් ඉල්ලයි. ගුවන් යානයේදී අනෙක් මගීන්ට කන්න දුන්නා. මට දුන්නේ නෑ. බඩගින්නේ හිටියේ.
මේ සියලු කරුණු අනාවරණය කරන්නේ දුක් කම්කටොලු ඉවසා ගන් බැරිව ජෝර්දානයේ ගෘහසේවිකාවක් වශයෙන් වසරක් ගෙවා දිවි ගලවාගෙන පැමිණි ඉනෝකාය.
ඇය 35 හැවිරිදි දෙදරු මවකි. ජෝර්දානයට යැව්වේ අවිවාහක අයෙකු ලෙසට. අල් නෆ්රි මෑන් වර් ඒජන්සියේ මැඩම් වවසන්ති විජේසේකර තමයි යවලා තියෙන්නේ. තියෙන්නේ මරදාන පාරේ, බොරැල්ලේ.
ජෝර්දානයේ ඒජන්සිය ඩ්‍රාට් කෝ- එහි අයිතිකාරයා බැඳලා ඉන්නේ වසන්ති විජේසේකර ගේ නංගී කුමාරි.
ඉනෝකා එක්වරක්, හතරවෙනි තට්ටුවෙන් බිමට පැනලා පාරට ආවාම, ජෝර්දාන පොලිසිය ඇයව කුලී රථයකින් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට එවලා තියෙනවා. කුලී රථයට සල්ලි දුන්නෙත් පොලිස් නිලධාරියාලු.
ඒ පාර, තානාපති කාර්යාලයේ නන්දන කියන නිලධාරියා ඇයට කුණුහරපයෙන් බැණ, තර්ජණය කර, එහි ඩ්‍රාට් කෝ ඒජන්සියට කතාකරලා බාර දීලා. එම ඒජන්සියේ නීති නිලධාරියා සමීර කියලා කෙනෙක්. තානාපති කාර්යාලය එක්ක ගණු දෙනු කරන්නේ මොනිකා. දෙන්නාම සිංහල.
ඒජන්සිය, ඉ‍නෝකාට හිටපු ගෙදරටම කතා කරලා බාර දීලා. එහෙත් ඒජන්සියේ නීති නිලධාරියා සමීර කියලා කෙනෙක්. තානාපති කාර්යාලය එක්ක ගණූදෙනු කරන්නේ මොනිකා.
ඒජන්සිය, එදාම ඉනෝකා ව හිටපු ගෙදරටම බාර දීලා. දවල් ගෙදර කවුරුත් නෑ. ඒ වෙලාවේ තමයිලු ගෙදර අයිතිකාරියගේ පුතා එන්නේ. ඔහු ඉනෝකාට ලිංගික අතව කරන්න සූදානම් වුනාම එයට විරුද්ධවුනාම ඇයට වධ දෙනවා. මේක කිව්වාම තානාපති කාර්යාලයේ නන්දන කියලා තියෙන්නේ උඹලා ඇවිල්ලා ඉන්නේ වැඩකරන්න කියා. හුත්ති කියලා තමයි බණින්න පටන් අරන් තියෙන්නේ. බේරෙන් බැරි තැන, දෙවෙනි වතාවට හතරවෙනි තට්ටුවෙන් ඇය පැන්නේ නිරුවස්තරෙන්. ඒ පාරත් පොලිසිය ඇයව ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට යවලා තියෙන්නේ.
ගෙදර යවන්න නම් රුපියල් ලක්ෂ 4ක් තානාපති කාර්යාලයේ නන්දන ඉල්ලා තිබෙන වා. ඒ බව ඇගේ සැමියා විදේශ සේවා නියුක්ති කාර්යාලයට දැනුම් දිලා. විදේශ සේවා නියුක්ති කාර්යාලයට ගියාම, කරලා තියෙන්නේ අරයා ලගට යන්න මෙයා ලගට යන්න කියමින් ඔහුව රස්තියාදු කරපු එක.
විදේශ සේවා නියුක්ති කාර්යාලයට රු: 45,000ක් බැඳලා, ටිකට් එක තානාපති කාර්යාලයට යැව්වාම තමයි ඉනෝකා ට ගෙදර එන්න හම්බවුනේ.
ටිකට් එකේ සල්ලි ගන්න රක්ෂණයෙන් ඉල්ලුවාම, දුන්නේ 25,000/= යි, රු: 15,000/=ක් ම වංචා කරලා. රක්ෂණයට අනුව ජොර්දාන් ඩිනාර් 250ක් (රු: 45,000ක්) හිමියි.
ආණ්ඩුව - බොරුප්‍රචාර කරමින් ගැහැණුන් රට යවලා, විකුණලා ඩොලර් ගෙන්නාගෙන පවුල් පිටින් සවාරි යනවා. සූදු කෙළිනවා. කාර් රේස් යනවා. ජනයාව නොමග යවනවා.
තානාපති කාර්යාලයේ නිලධාරින්, විදේශ සේවා නියුක්ති කාර්යාලයේ නිලධාරින්, ගැහැණු මිනිසුසු වහල් වැඩ කරලා එවන සල්ලි වලින් සුර සැප විදිනවා. අවම වශයෙන් මෙම ස්ත්‍රීන්ට කතා කරන්නවත් දන්නේ නැති එවුන්ව තමයි තානාපති නිලධාරින් හැටියට ආණුඩුව යවලා තියෙන්නේ. ඉනෝකා සූදානම් තම කතාව ලොවටම කියන්න.
පශ්චාත් නූතනයේ, නව ලිබ්රල් වාදයේ වහලුන්ගේ කතාව


No comments:

Post a Comment