Friday, October 24, 2014

අසරණයින්ව සිරබත් කවන ධර්මිෂ්ඨ රාජ්‍යය සාධාරණ නඩු විභාග ‍පොතට පමණයි.



විල්බට් අබාධිත‍යෙක්. කාත් කවුරුවත් නෑ. බැල ‍මෙ‍හෙවර කරලා දවස ‍ගෙවා ගන්නා ‍කෙ‍නෙක්.

ජූලි 26 වන දින, ‍මෙ‍රොන්තුඩුව ‍පොලීසියේ ස්ථානාධිපති ඔහුව අත්අඩංගුවට ගත්‍තේ පාරේ යන විට සවස 5.30 ට පමණය.

පොලීසියට ගෙන‍ගොස්, රාත්‍රී 11.30 ට පමණ වාද්දූව ‍පොලීසියට බාර දී තිබේ.

පොලිස් ඇප මත මුදා හැරීමට, ඔහු ‍වෙනු‍වෙන් ඉදිරිපත් වන්නට ‍කෙ‍නෙකු නැතිවිය.

දවස් 02 ක් නීති වි‍රෝධීව ‍පොලීසියේ රඳවා‍ගෙන, 3 වන දින කළුතර ම‍හේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන්‍නේ, නීති වි‍රෝධී මත්පැන් අදාල ‍බොරු ‍‍චෝදනාවක් මතය.

උසාවි‍යේ කූඩු‍වේ සිට නම කතාකරන විට ඔහු විත්තිකරුවන් සඳහා වන කූඩුවට නැග්‍ගේය.

ඔහු ‍වෙනු‍වෙන් කතා කිරීමට නීතිඥ‍යෙකු ‍නොවීය. ම‍හේස්ත්‍රාත්වරයා ඔහු‍ගෙන් කුමක් ඇසුවාද කියා දන්‍නේ නැත. ඔහු කියන්‍නේ කිසිම දෙයක් අහන්‍නේ නැතිව රු: 5000/- ක් දඩ, 3 න් මසක් අච්චු කීවාය කියාය.

යළි උසාවි කූඩුවට දැම්මාට පස්‍සේ එතැන බාර බන්ධනාගාර නියාමක රු: 5000/- ක් ‍ගෙවන්න ති‍යෙනවාද කියා අසා ඇත.  රු: 5000/- ක් තියා සත 5 ක් වත් නැති බව ඔහු කියා ති‍බේ.

ඉන්පසු කළුතර බන්ධනාගාරය ට ‍ගෙන‍ගොස් අච්චු කර ති‍බේ. දින 70 කට පසුව මුදාහැර ති‍බේ.

විල්බට් කියන කතාව ඇත්තය. ‍මේ රටේ කරන්නේ ‍බොරුව වංචාවය. ‍මෙවන් පුද්ගලයකු උසාවියට ‍ගෙන ආ විට ඔහුට කියන්නට දෙයක් තිබෙනවාද කියා අසන්නට තරම් සදාචරයක් අද උසාවියට නැත.



No comments:

Post a Comment