Wednesday, October 1, 2014

බියර් බී මූත්‍රා කරන්න ගිය තරුණයාව දූෂණය කරයි.


වැසිකිලි 1500ක්, කිලෝ මීටරයක් දිග කැසිකිලිය ප්‍රමාණවත් නොවීම හේතුවෙන් ලෝකයේ පැවැත්වෙන විශාලතම බියර් සාදයට එක් වූවන්ට, මූත්‍රා කිරීමට පදුරු අස්සට යෑමට සිදු විය.
ජර්මනියේ මියුනිමච් හි පැවැත්වෙන මෙම වාර්ෂික “ඔක්ටෝබර්ෆීස්ට්” යනුවෙන් නම් කර ඇති මෙම බියර් සාදයට මේ වන විට එක්ව තිබෙන පිරිස මිලියන 3.3 කි.
එංගලන්තයේ සිට, බියර් සාදයට පැමිණි විසි හතර හැවිරිදි තරුණයා බියර් පානයෙන් පසුව මුත්‍රා කිරීම සඳහා පඳුරක් අස්සට ගිය විට, දෙදෙනෙකු විසින් අල්ලා දූෂණය කර තිබේ.
දූෂණය කිරීමෙන් පසුව, ඔවුන් පලා ගොස් ඇති අතර පොලීසීයට හසු කර ගැනීමට නොහැකි විය.
මෙම සාදයේදී මේ වන විට වාර්තා වී ඇති අපරාධ සංඛ්‍යාව 670 ක් බව පවසන එරට පොලීසිය, බහුතරයක් පික් පොකට් ගැසීමය. බී මතින් ගුටි බැට හුවමාරු කර ගැනීම් ලිංගික අතවර කිරීම් ද එයට අමතරව වාර්තා වී තිබේ.
මේ අතර මෙම සාදයට පැමිණි ඇමෙරිකානු සොල්දාදුවෙකුට වෙඩි තැබීමට ජර්මන් පොලීසියට සිදු විය. ඒ ගිනි නිවන උපකරණයක් රැගෙන මියුනිට් රෝහලකට ඇතුලුවී එහි සේවකයින්ට හා රෝගීන්ට තර්ජනය කිරීම නිසාය.
මෙම උළෙල මෙම මස 05 වන දින, මියුනිච් නුවර, බැවේරියානු ස්මාරකය අභියස බවත්වන වෙඩි මුර ආචාරයෙන් පසුව අවසන් වනු ඇත. 





No comments:

Post a Comment