Sunday, October 5, 2014

විනිසුරුවරිය ලෝක ළමා දිනය සමරන්නට ගිහින්! නඩු කියන්නනන්ට බරක් වෙයි!

ඔක්තොම්බර් 01 ළමා දිනයේ, අසන්නට තිබූ නඩු වලින් එකකි, කලුතර ග්‍රෙස් කුමරි අනාථ නිවාසයේ, අනාථ ළමුන්ට එරෙහිව පවරා තිබූ නඩුව.මෙම නඩුව, එම නිවාසයේ අනාථ ළමුන් 10කට එරෙහිව පයියාගල පොලිසිය පවරනු ලැබූවකි. ඒ එම නිවාසයේ පාලක කතෝලික පියතුමා විසින් කරන  ලද පැමිණීල්ල මතය.
පයියාගල පොලිසිය ට කරන ලද පැමිණීල්ල මගින් ලෙස්ටර් විජේසූරිය කතෝලික පියතුමා ඉල්ලා සිටියේ උපන්දා පටන් සිටි අනාථ ළමුන්ව පාරට ඇද දමන ලෙසටය.
පොලිසිය එම ඉල්ලීම, කලුතර අතිරේක මහේස්ත්‍රාත් අයේෂා ආබ්ඩීන් මහත්මියට ඉදිරිපත් කර ඉල්ලා සිටියේ, එම අනාථ දරුවන් ව අනාථ නිවාස යෙන් ඉවත් වන ලෙසට නියම කරන ලෙසටයි. වෙනත් වචන වලින් මහා පාරට ඇද දමන ලෙසටයි. ඇය එම ඉල්ලීම‍ට ඉඩ දෙමින්, අනාථ ළමුන්ට අනාථ නිවාසයෙන් ඉවත් වන ලෙසට නියම කළේය.
මෙම නියෝගය නීතියට පටහැනි එකක් බව ප්‍රකාශකල අනාථ ළමුන්, එම තීරණය වෙනස් කරන ලෙසට, කලුතර පලාත්බද මහාධිකරණයෙන් ඇයැද සිටියා.
එවක කලුතර පලාත්බද මහාධිකරණ විනිසුරු අමල් තිලකරත්න මයා, අතිරේක මහේස්ත්‍රාත්වරිය නිවැරදි බවට තහවුරු කලා. ඒ පිටු 18ක තින්දු ප්‍රකාශයක් මගින්.
අනාථ, ළමුන් මහාධිකරණ විනිසුරු අමල් තිලකරත්න මයා ගේ එම තීරණය, දොට්ට දැමීමට කල නියමය, වැරදි හා නීතියට පටහැනි බවට ප්‍රකාශයට පත්කරන ලෙසට ඉල්ලමින් අභීයාචනා අධිකරණයට පෙත්සමක් ගොනු කරනු ලැබුවා.
එම පෙත්සම ගොනු කල දියේම, කලුතර අතිරේක මහේස්ත්‍රාත් අයේෂා ආබ්ඩීන් මෙනවිය හා කලුතර පලාත්බද මහාධිකරණ විනිසුරු අමල් තිලකරත්න මයා තීන්දු ක්‍රියාත්මක කිරීම අත්හිටු වීමේ නියෝගයක් නිකුත් කරනු ලැබුවා.
එයින් අනතරුව නඩුව විභාගයෙන් පසුව, එම තීන්දු දෙක එනම්, කලුතර අතිරේක මහේස්ත්‍රාත් අයේෂා ආබ්ඩීන් මෙනවිය හා කලුතර පලාත්බද මහාධිකරණ විනිසුරු අමල් තිලකරත්න මයා ගේ අහක දමමින්, නිවසින් ඉවත් වන ලෙසට දෙන ලද නියමය නීතියට පටහැනි බවට වන තීන්දු ව ප්‍රකාශය පත්කරනු ලැබීය.
එම තත්වය තුල, ලෙස්ටර් විජේසූරිය කතෝලික පියතුමා, කතෝලික සභාවේ අවශ්‍යතාවයට, පයියාගල පොලිසිය හා එක්ව, අධිකරණය ලවා, අනාථ දරුවන් මහමගට ඇද දමා අනාථ කර දැමීමට ගත් උත්සාහය වැලකුණි.
නමුත්, කතෝලික පූජක ලෙස්ටර් විජේසූරියට පහර දීමට තැත් කිරීම, ඔහුගේ වෑන් රථයට අලාභ හානි කිරිම, අයුතු ජනරාශිය...ආදී චෝදනාවලට අදාලව නඩුව පවත්වාගෙන යනවා.
පෙර කී පරිදි මෙම නඩුව ඔක්තොම්බර් 01 ළමා දිනය දා, ඇසීමට නියමිතව තිබින.
මෙම නඩුව අසන කලුතර අතිරේක මහේස්ත්‍රාත් අයේෂා ආබ්ඩීන් මහත්මිය, එදින ලෝක ළමා දින සැමරුමට සහභාගීවී, අධිකරණයට පැමිණෙන විට දහවල් 11.30 ඉකුත්වී තිබුන නිසා, නඩුව වෙනත් දිනයකට කල් තැබීම සිදු විය. මෙම නඩුව, අනාථ ළමුන්ට මේ වන විට බරක් වී ඇත. ඒ මානසිකව, ශාරීරිකව හා ආර්ථික වශයෙනි.


No comments:

Post a Comment