Friday, October 24, 2014

සේවය ස්ථීර නොකළේ, පළිගන්න - දැන් අබාධිතයෙක්


බේරුවල ප්‍රාෙද්ශීය සභාවේ මුරකරු වශයෙන් වසර 17 ක් සේවය කළ සෝමරත්න වීරකෝන් අබාධිතයෙකු වී රැකියාව අහිමි වන තෙක් සේවයේ ස්ථිර නොකර, වැඩ ගෙන ඇත.
1996 ආදේශක මුරකරු වශයෙන් බේරුවල ප්‍රාෙද්ශීය සභාවට එක් වුවද, සේවයෙහි ස්ථිර නොකර වැඩ ගන්නා ලද්දේ දේශපාලන හේතු නිසා බව ඔහු පවසයි.
සියලු සුදුසුකම් තිබියදීත්, පුරප්පාඩු තිබියදීත්, තම සේවය ස්ථිර නොකර, දේශපාලන හිතවාදීන් ව බවා ගත් බව වැඩිදුරටත් කියා සිටී.
2011 නොවැම්බර් මස මුර සේවයේ යෙදී සිටින අතර, ඔත්පල වූ ඔහු අද අංශබාග රෝගියෙකි.සේවය ස්ථිර කර තිබුණා නම් ඔහුට විශ්‍රාම වැටුපක් හිමිවන්නේය.
අද දේශපාලකයින් තම හෙංචයියන්ට රැකියා ලබා දෙන්නේ සුදුසුකම් මත නොව දේශපාලන හිතවත්කම් මතය.
තම සේවා කාලය තුළ නිසි මාර්ග ගැනීමට, උපදෙසක් නොලද සෝමරත්න වීරකොන් කළේ, දේශපාලකයින්ට කන්නලව් කිරීමය.
කන්නලව් මගින් ප්‍රශ්න විසා ගැනීමට නොහැකි බව තේරුම් ගන්නා විට කාලය හරස් වී හමාරය.
කෙසේ වෙතත් සෝමරත්න වීරකොන්ව ස්ථිර සේවකයෙකු බවට පත්කොට විශ්‍රාම වැටුප් ලබා දීම ආණ්ඩුවේ වගකීමකි.


No comments:

Post a Comment