Sunday, October 5, 2014

රිදීගම පොලීසියේ එස්.අයි.වෙත්තසිංහ, තරුණයෙකුගේ කන පලයි.


කිසිප්පු හොයන්න කියා ඇවිත්, රුපියල් 4000/= ක් වටිනා ඔලිව් තෙල් බෝතලය පොළොවේ ගසා පොඩි කරයි. අල්මාරියේ තිබූ රුපියල් 8000/= ත්, රුපියල් 10,000/= ක් වටිනා ජංගම දුරකතන දෙකක් ද අරගෙන ගොස් ඇත.

මේ දේශප්‍රේමී ක්‍රියාව කර ඇත්තේ රිදීගම පොලීසියේ එස්. අයි. වෙත්තසිංහ ඇතුලු නිලධාරීන් තුන් දෙනෙක්.

රිදීගම, 29 හැවිරිදි චමින්ද සුළු ව්‍යාපාරිකයෙක්. ඔහු යටතේ හතර පස් දෙනෙක් වැඩ කරනවා.

පසුගිය මස 21 වන ඉරිදා, තමා යටතේ වැඩ කරන පිරිසට පඩි ගෙවන්න ගිය වෙලේ තමයි, මේ සිද්ධියට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ.

තම මහ ගෙදරදී, එස්. අයි. වෙත්තසිංහ ගැසූ පහර වලින් ඔහුගේ කන පැලී තිබේ. දින 05 ක් රෝහල් ගතව ප්‍රතිකාර ගන්නට සිදුන තිබේ.

සුපුරුදු පරිදි, පහර දීමෙන් පසුව පොලීසිය චමින්දට විරුද්ධව බොරු නඩුවක් පවරන්න අමතක කළේ නැහැ.

ශ්‍රී ලංකා පොලීසිය මෙම ක්‍රියාවන් වත්මන් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ක්‍රියාවට නැගීමක්. පොලීසිය මගින් රාජ්‍ය ත්‍රස්තවාදය දිග හැරීමක්.

කසිප්පු, ගංජා, කුඩු වලට බොරු නඩු දැමීමෙන් රාජපක්ෂ ආණ්ඩුවත් දිනුම්, නීතිඥවරුත් දිනුම්. පොලීසියත් දිනුම්.

මෙම දූෂිත ක්‍රියා පිළිවෙත හෙළිදරව් කරමින්, එයට විරෝධය පල කිරීම තුළ පමණි, මෙම දූෂිත තත්ත්වය වලක්වා ගන්නට හැක්කේ.










No comments:

Post a Comment