Wednesday, October 8, 2014

ප්‍රාණ ඇපයට බිරිඳව හා දෙහැවිරිදි දැරිය දින 04 ක් පොලීසියේ තියාගෙන.

දින හතරක් පුරා දෙහැවිරිදි දැරියක්ව හා ඇගේ මව පොලිස් බාරයේ තබාගෙන සිටියේ සැමියාව ගෙනත් දුන්නේ නැතිනම් හිරේ දාන බවට තර්ජනය කරමින්ය. වීරකැටිය පොලීසියේ කෙරුවාවක්. රාජපක්ෂ අඩවිය.

දින දෙකක් යනතුරු ඇයව හා දරුවා බලන්න කිසිවෙකුටත් ඉඩ දී නැත. මේ ආකාරයට නීති විරෝධීව අත්අඩංගුවට ගෙන රවා තබා ගැනීම් සිදු කරන පොලිස් නිලධාරීන්ට එරෙහිව කිසිදු නීතිමය පියවරක් ගැනීම ට ආණ්ඩුව සූදානම් නැත. විශේෂයෙන් පොලීසිය බාර ඇමතියා සුදානම් නැත.

අපරාධයකට සැකකරුවෙකුව අත්අඩංගුවට ගැනීම ට නොහැකි වූ විට පොලීසිය කරන්නේ ගෙදර සිටින අයෙකුව රැගෙන ගොස් ප්‍රාණ ඇපයට තබා ගැනීමය. මෙය ත්‍රස්තවාදී ක්‍රියාවකි. මෙසේ නීති විරෝධීව අත්අඩංගුවට ගෙන රවාගෙන ඇත්තේ, අජිත් කුමාර නැමති 34 හැවිරිදි ස්වර්ණාභරණ කාර්මිකයෙකු ගේ බිරිව හා දෙහැවරිදි දියණිය යයි.

පොලිස් නිලධාරියෙකුට වෙඩි තැබූ බවට සැක පිට අත්අඩංගුවට ගෙන වධ දී, අධිකරණයට ඉදිරිපත් කළේ නඩු 17 ක් සමග බව පවසන ඔහු ඉන් අනතුරුවද නිරන්තරයෙන් අත්අඩංගුවට ගෙන වධ දී බොරු නඩු දාන බව ප්‍රකාශ කරයි.

අත්අඩංගුවේ සිටියදී වරක් ඔහුගේ කකුලට වෙඩි තබා ඇත. මෙම බොරු නඩු බොහොමයකින් ඔහු නිදොස් කොට නිදහස් කර ඇත. නැති නම් සාක්ෂි ඉදිරිපත් නොකිරීම නිසා මුදා හැර ඇත. සමහරක් නඩු නීතිපති උපදෙස් මත මුදාහැර ඇත.

මහාධිකරණයේ පවරා තිබූ නඩු දෙකකට ඇප කොන්දේසියක් වූයේ රජයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන් හය දෙනෙකු ඇපකරුවන් ලෙසට ඉදිරිපත් කළ යුතු බවයි.

මෙවැනි පුද්ගලයෙකු ට එවැනි ඇප කොන්දේසියක් කිසි දිනෙක ඉටු කළ නොහැක්කකි. මේ ආකාරයට සපුරාලන්නට ඇප කොන්දේසි පැන වීමද සමහර විනිසුරුවන්ගේ ක්‍රියා කලාපයයි. මෙය නීතියට පටහැනි වූ ක්‍රියාවකි.

මෙම ඇප කොන්දේසිය යටතේ රිමාන්ඩ් භාරයේ සිටි ඔහුට, ඔහුගේ නීතඥවරයා යෝජනාවක් ඉදිරිපත් කළේය. ඒ නඩු දෙකට අදාල චෝදනා වලට වැරදිකරු බවට පිළිගන්නා ලෙසට. ඒ අනුව ඔහු වැරදිකරු බව පිළිගත්තේය. ඔහුට නිදහස් ගෙදර ඒමට  හැකි විය. ඔහුට ලබාදුන් දඩුවම රුපියල් 25,000/= ක දඩයකි. අවුරුදු 03 ක සිර දඩුවමකි. එය වසර 10 කට අත්හිටවනු ලැබූවකි. රුපියල් 25,000/= ක දඩය ගෙව් ඔහු ගෙදර ආවේය. නමුත් තම නොහැකියාව වසා ගන්නට තිස්සමහරාමයේ පදිංචි අජිත් කුමාර නම් වු මොහු මේ සියලු කරුණු මානව හිමිකම් කොමිෂමට හා පොලිස්පතිට ලිඛිතව ප්‍රකාශ කර සිටීයේ එයින් වත් සාධාරණයක් ඉටුවේය යන අපේක්ෂා වෙනි.


No comments:

Post a Comment