Monday, August 7, 2017

පොලිස් වධකයින් වෙනුවෙන් රු:- 100,000/-ක වන්දිය ගෙවන ලෙසට වන මානව හිමිකම් කොමිසමේ නිර්දේශය පිළිගන්න පොලිස්පති ශිලාචාර වෙයිද?


බණ්ඩාරගම පොලිසියේ හිටපු ස්ථානාධිපති ප‍්‍ර.පො.ප. ආනන්ද, උ.පො.ප. ජයසුන්දර, පො.සැ.53690 මහින්ද, පො.කො.9294, පො.කො.77842, පො.කො.88722, පො.සැ.32748 රනවිර ගොවිතැන් කරමින් ජිවත්වන කරුණාරත්න හා පද්මසිරි ට වධ දෙන්නේ 2013.ජුලි 10වන දිනය. පොලිස් සංස්කෘතිය රැක ගනිමින් දෙදෙනාව පසු දින පොලිස් ඇප මත මුදා හරින්නේ බොරු නඩු දමාය. 
දෙදෙනාම රොහල් ගතව තාමට පොලිසිය වධ දුන්න බව ප‍්‍රකාශ කර සිටින ලදි. රොහලේදි වෛද්‍යවරුන්ට හා රොහල් පොලිසියට තමන්ට පහර දුන් ආකාරය විස්තර කර නිතිමය පියවර ගැනිමට අවශ්‍ය බවද කියා සිටියේය. රෝහලින් පිටවු පසු ජනසංදය හා එක්ව මානව හිමිකම් කොමිසමට, පොලිසිපතිට පැමිණිලි කරන ලදිි. 
මානව හිමිකම් කොමිසම් සභාව විමර්ශණය ආරම්භ කළ අතර එ් සඳහා ජනසංසදයේ නියෝජනය ඔවුන් දෙදෙනාට ලබා දෙමින් බල ගන්වන ලදි. බණ්ඩාරගම පොලිසිය ඔවුන්ට පවරන ලද බොරු නඩුවට ඉදිර්පත් වෙමින් තම නිර්දෝශි භවය සෘජුව ප‍්‍රකාශ කරන ලදි.
ගතවු වසර හතර පුරාම ඔවුන් දෙදෙනා ට නිවි සැනසිල්ලේ ජිවිත්වීමට වධකයින් ඉඩ දුන්නේ නැත. පොලිසියට එරෙහිව කරන ලද පැමිණිල්ල ඉල්ලා අස්කර ගන්නා ලෙසට හා බොරු චොදනා වලට වැරදි කරු බව පිළිගෙන නඩු ඉවර කරගන්නා ලෙසට වන වධකයින්  ගේ බලපෑම විවිධාකාර විය. එ් සෑම බලපෑමකටම මුහුණ දෙමින් නොසැලි සිටිමට ඔවුන් සමත් විය.
බොරු නඩුව බණ්ඩාරගම සංචාරක උසාවියේ තවමත් පවති. නඩුව දිග්ගස්සන්න උසාවියට නොපැමිණෙන විට නිකුත් කරන වරෙන්තු වලට  පොලිස්කාරයින්ව අත්අංඩුවට ගන්න පොලිසියට බැරිය. 
එම පසුබිම යටතේ 2017 අගොස්තු 01 දාතමින් ශ‍්‍රි ලංකා මානව හමිකම් කොමිසම් සභාව සිය නිර්දේශය කොමසාරිස් වරුන් වන නිතිඥ ගසාල් හුසේන් හා ජනාධිපති නිතිඥ සාලිය පිරිස් මහත්වරුන්ගේ අත්සනින් ප‍්‍රකාශයට පත් කරනු ලැබිය. 
ඉහත පොලිස් නිලධාරින් කරුණාරත්නට හා පද්මසිරිට මොට ආයුධ වලින් පහර දි, 24 පැයකට වඩා වැඩි කාලයක් රඳවාගෙන සිටි බවට සහා අත්අඩංගුවට ගැනිමේදි මෙම නිලධාරින් සිවිල් ඇඳුමින් සිටි බවට නිගමනය කරන ශ‍්‍රි ලංකා මානව හමිකම් කොමිසම් සභාව, එම නිලධාරින් ආණුඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 11, 13(1) හා 13(2) වගන්ති උල්ලංඝණය කර තිබෙන බවට තිරණය කරයි.
එ් අනුව ශ‍්‍රි ලංකා පොලිසිය කරුණාරත්නට හා පද්මසිරිට වන්දි වශයෙන් එක් අයෙකුට රු:-50,000/- බැගින් ගෙවිය යුතු බව නිර්දේශ කරයි. පොලිස් වධ හිංසා වල වගකිම පොලිස්පති දැරිය යුතුය. ශ‍්‍රි ලංකා මානව හමිකම් කොමිසම් සභාව පොලිස් වධහිංසාව අවම කිරිම සඳහා තැබු ඉදිරි පියවරක් ලෙසට මෙම නිර්දේශය අගය කරමු.
ආණඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කරන ලද බවට හා අපරාධ වලට වැරදි කරුවන් බවට වන අධිකරණ තින්දු නොසලකා හරිමින් අදාල පොලිස් නිලධාරින් ට එරෙහිව විනය පියවර නොගෙන සේවයේ තබාගෙන සිටිනවා පමණක් නොව සමහරුන්ට උසස්විම් දිම හා එම සේවා ස්ථානවල ම රඳවාගෙන සිටිම මගින් පොලිස්පති හා ජාතික පොලිස් කොමිසම ‘‘දණ්ඩ මුක්තිය’’ ක‍්‍රියාවට නංවා ඇත්තේ ඔවුන් නිතියට යටත් නැති බව ජනතාවට එත්තු ගන්වමින්ය. 
ශ‍්‍රි ලංකා මානව හමිකම් කොමිසම් සභාව, පොලිස් වධකයින් වෙනුවෙන් රු:- 100,000/-ක වන්දියක්  කරුණාරත්න හා පද්මසිරි ට ගෙවන ලෙසට වන නිර්දේශය පිළිගන්න පොලිස්පති ශිලාචාර වෙයිද යන පැනය නගන්නේ එම පසුබිම යටතේය. 
ශ‍්‍රි ලංකා මානව හමිකම් කොමිසම් සභාවේ නිර්දේශය ක‍්‍රියාවට නංවන ලෙසට පොලිස්පතිට, පොලිස් කොමිසමට, නිතිය හා සාමය අමාත්‍යංශයට බලපැම් කරන ලෙසට සිවිල් සමාජයෙන් ඉල්ලා සිටිමු.
අදාල විඩියෝව:- 





No comments:

Post a Comment