Saturday, August 12, 2017

බොරු චෝදනා වලින් නිෙදාස් කොට නිදහස් වධ දුන්න පොලිස් කාරයින්ට හයිකෝට් නඩු.


2003 අොග්ස්තු 07 දළදා සමිඳු පිදීමට සූදානම් කරන දානයට පළතුරු ගේන්නට ගිය උදයාංගට, පහරදී කුදලාගෙන ගොස් පසුදින රත්නපුර මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන්නේ පොලිස් කාරයින් දෙදෙනෙකුට අතින් පයින් පහරදී තුවාල කළ බවට වන චෝදනා යටතේය.

උදයාංගට හා ඔහු සමග අත්අඩංගුවට ගත් අසංකව ඇප මත මුදාහරින අධිකරණය, නඩුව 2003.08.20 ට කල් තබනු ලබයි.

වහාම රෝහල් ගතවන උදයාංග තමාට පොලිසිය පහර දුන් බව ප‍්‍රකාශ කරයි. ඔහුගේ කණ් අඩිය පුපුරා ඇති බවට නිරීක්ෂණය කරන වෛද්‍යවරු, ඔහුව රෝහල් ගත කරයි. ප‍්‍රකාශ ලබාගෙන අධිකරණ වෛද්‍ය පරීක්ෂණ සඳහා ඉදිරිපත් කරනු ලබයි.

එතැන් පටන්, ඔහු යුක්තිය උදෙසා වන අරගලයට මුල පුරයි. ඔහුට රැුකවරණය මෙන්ම නායකත්වය දෙන්නේ ඔහුගේ අම්මා ය.

උදයාංග සිය මව සමග ජනසංසදයට පැමිණෙන්නේ 2003 සැප්තැම්බර් 02 දිනය. 

ජනසංසදය හා ආසියානු මානව හිමිකම් කොමිෂම, උදයාංගව හා ඔහුගේ මව, බල ගැන්වීමට පියවර ගන්නා ලදි. නමුත් වසර 14ක් පුරා ඔවුන්ට මුහුණ දෙන්නට වූ ගැට`ඵ අනන්තය අප‍්‍රමාණය. 

යුක්තිය පසඳලීම සඳහා වන ආයතන සියල්ලගේම යථාර්තය හඳුනා ගනිමින් නොසැලී සිටීමට ඔවුන්ට ඉතිරිව තිබුනේ ආත්ම ශක්තිය පමණි. ඔවුන් බොහෝ උගතුන් රෙපාහොසතුන් මෙන් නිවටයින් නොවිය.

උදයාංගට තම අධ්‍යාපන කටයුතු කරගෙන යාමට නොහැකි විය. රජයේ රැුකියාවක් ලබා ගැනීමට නොහැකි විය. ඔහුගේ තරුණ කාලය ගත කරන්නට වූයේ උසාවි වල දුර්ගන්ධය ආශ්වාස කරමින්ය.

මේ අතර, පොලිස් විශේෂ විමර්ශන එ්කකය, නීතිපති උපදෙස් මත, උදයාංගට පහර දුන්න පොලිස් කාරයින් හතර දෙනාට එරෙහිව රත්නපුර මහාධිකරණයේ නඩු පැවරීමට පියවර ගන්නා ලදි. එ් 2013 දීය.

උදයාංගට විරුද්ධ නඩුවෙන්, උදයාංග නිදහස්ය. දැන් වධකයින් ට එරෙහිව නඩුව ආරම්භ කර ඇත. 

එය ඉවර වෙන්නට කෙපමණ කාලයක් යයිද? 

No comments:

Post a Comment