Tuesday, August 22, 2017

වේල්ස් කුමර විදුහලේ කෝච් අල්ලපු ගෙදර එකාව කැප්ටන් කරලා. කණිෂ්ඨ ක‍්‍රිකට් නායකයාව අපයෝජනයට ලක්කරලා



2016 වසරේ 15න් පහළ ඊ කණ්ඩායමේ නායකත්වය දැරු තම පුතාගේ නම කපා පුහුණුකරු ගේ ගජ මිතුරෙකුගේ පුතෙකුව නායකයා හැටියට සම්මාන උළෙලට ඉදිරිපත් කර, ඉන් අනතුතුරුව වෙනස්කම් වලට භාජනය කරමින් අපයෝජනයට ලක් කරන බවට චොදනා කරන සිසුවා ගේ මව එ් පිළිබ`ව විමර්ශණයක් කරන ලෙසට ශ‍්‍රි ලංකා මානව හිමිකම් කොමිසම් සභාවෙන් හා පාසැල් ක‍්‍රිකට් සංගමයෙන් ඉල්ලා සිටි. 

මව ප‍්‍රකාශ කරන පරිදි තම 15 හැවරිදි පුතා ඉගෙනුම ලබන්නේ මොරටුව වේල්ස් කුමර විදුහලේ 10 ශ්‍රේණියේ ය. 2013 සිටම ඔහු අදලා වයස් කාණ්ඩ වලට අයත් ක‍්‍රිකට් කණ්ඩායම් වල ක‍්‍රීඩා කරනු ලැබීය. 2016 දි ඔහුගේ නායකත්වය යටතේ පාසැල් ක‍්‍රිකට් තරඟ 12 ක පමණ ක‍්‍රිඩා කර, එක් තරඟයක හැර අන් සියල්ලම ජය ගෙන තිබේ. එ් නිසා සිංගර් සමාගම අනුග‍්‍රහය ඇතිව පවත්වන ලද තරඟා වලියේ දෙවන තැන හිමි විය.

2017 ජුලි 24 වන දින පවත්වන ලද සම්මාන දිමේ උත්සවයේදි වර්තාමන පුහුණුකරු කල්ප ප‍්‍රනාන්දු විසින් කූඨ ලෙස තම පුතා වෙනුවට නායකයා ලෙසට වෙනත් ක‍්‍රිඩකයෙකු ව නම් කර තිබින. මේ නිසා තම පුතා දැඩි අපහසු තාවයකට, ලජ්ජාවට පත්කරනු ලැබු බව ඇය චොදනා කරයි.

මේ ගැන ක‍්‍රිකට් ක‍්‍රීඩා කටයුතු භාරව කටයුතු කරන චතුර, පාසලේ සම්පූර්ණ ක‍්‍රීඩා කටයුතු භාර වේලාරත්න යන ගුරුවරුන්ට පැමිණිලි කළද ඵලක් වූයේ නැති බවත්, ඉන් අනතුරුව තෙවරක් විදුහල්පති කුසල කුමාර ප‍්‍රනාන්දු මයාට වාචිකව පැමිණිලි කළ බවත්, එහෙත් සාධාරණයක් ඉටු නොවු බවත් ඇය වැඩි දුරටත් ප‍්‍රකාශ කර සිටි.  

සම්මාන උත්සවයෙදි නායකයා ලෙසට හුවා දැක්වු සිසුවාගේ පියා හා පුහුණුකරු කල්ප ප‍්‍රනාන්දු අසල් වැසියන් මෙන්ම ගජ මිතුරන් බවද පෙන්වාදෙන ඇය, ප‍්‍රශ්ණය මතු කිරිමෙන් පසුවු පුහුණු කරු කල්ප ප‍්‍රනාන්දු පුතාට මානසික වධහිංසා පමුණුවමින් ඔහුව අපයෝජනයට ලක්කරණ බවද අවධාරණ කරයි

No comments:

Post a Comment