උපතින්ම ආබාධිතයෙකුට රෙදි ගලවා නයිමිරිස් දමා පහර දී පුච්චපු ශ‍්‍රී ලංකා පොලිසිය -


උපතින් ආබාධීතයෙක්. ජන්මයෙන් බෞද්ධයෙක්. දෙමාපියන් දෙන්නා රැුක බලා ගන්නා මොහුට, රෙදි ගලවා, නයි මිරිස් බ්ලෙන්ඩර් කරලා ඇස්වලට දාලා, පොලූවලින් පහරදී, හීටරයකින් පුච්චලා වධ දුන්නේ පානදුර පොලිස් අධිකාරී කාර්යාලයේ පවත්වාගෙන යන නිල වධකාගරයේ දීය.

පොලිසියේ අපරාධ ගැන විවෘත අධීකරණයේ ප‍්‍රකාශ කිරීමට පලි ගැනීම සඳහා මෙම දස වධදීම කර, පැනඩෝල් කුඩුකර, එවා රත්කර ”කුඩු” කියා උසාවියට ඉදිරිපත් කිරීම පිළිබඳවත්, එයින් ද නතර නොවි පස්සෙන් පන්න පන්නා පළිගැනිමට වෙර දැරිම පිළිබඳවත් උපතින්ම ආබාධීතයකු වූ, ජන්මයෙන් බෞද්ධ, අතු පැලක වෙසෙමින්, හව් හරනක් නැති අම්මා තාත්තා රැුකබලා ගන්නා, 23 හැවිරිදි තරුණයෙකුගේ කතාව, යලි යලිත් ඔප්පු කරන්නේ නීතිය කඩා වැටීමයි. එමෙන්ම බොරදියේ මා`ඵ බාන ඊනියා සිවිල් සංවිධානවල ප්‍රෝඩාවයි.

‘‘සිවිල් සංවිධාන’’ ලෝකෙට කියන්නේ, සු`ඵ ජාතීන්ට පමණක් පීඩා සිදුවන බවයි. මහා ජාතිය මේ වන විට ජාත්‍යන්තරය හමුුවේ සු`ඵ ජාතියක් බවට පත්කර ඇත. එයට නිදසුනකි සංජීව ගේ කතාව.

‘‘  මගේ නම සංජීව පෙරේරා, වයස අවු: 23යි. සිංහල. බුද්දාගමේ. පියාට රැුකියාවක් නැ. මවටද රැුකියාවක් නැ. පවුලේ සහෝදරවරු 02ක් හා සහෝදරියන් 02ක් සිටිති. මා පවුලේ බාලයා වේ. මමත් මව හා පියා සමග ජීවත්වන්නේ. මගේ වැඩිමහල් සොහොයුරා පදිංචි නිවසේ කුස්සියේ. වැස්සට තෙමෙනවා. අව්වට වේලෙනවා. මා කිසි දිනක ඉස්කෝලේ ගියේ නැහැ. මා ඉපදිලා තියෙන්නේ අඩු මාසෙන්. මාස 07 න්. ඉපදී මාස 02කින් ශෛල්‍ය කර්මයකට භාජනය කරලා තමයි, මුත‍්‍රා මාර්ගය හදාලා තිබුනේ. තවමත් මට මුත‍්‍රා අමාරුව තියෙනවා. මුත‍්‍රා කරන්න විනාඩි පහක් හයක් යනවා. සමහර විට විනාඩි දහයක් විතර යනවා. වසරකට හය හත් පාරක් මට ‘රත්තයා’ කියන රෝගය වැළඳෙනවා. මේ අමාරුකම් නිසා ඉස්කෝලේ ගියේම නැහැ. අවුරුදු තුනකට පමණ ඉස්සෙල්ලා යාලූවෙක් එක්ක වෙසක් බලන්න ගිහිල්ලා මට කුඩු බොන්න අරන්න දුන්නා. 

දවසක් මම කුඩු බොන්න සල්ලි අම්මාගෙන් ඉල්ලූවා. මාගේ අක්කා කෙනෙක් පොලිසියට කෝල් කරලා මම කුඩු බොනවා, කඳවුරකට දාන්න කියලා ඉල්ලුවා. පානදුර පොලිසියෙන් ඇවිත් මාව අත්අඩංගුවට ගත්තා. අත්අඩංගුවට ගත්තේ උ.පො.ප.සංජීව කියන නිලධාරියා. මගේ අතේ කුඩු තිබුනේවත්, කුඩු බීලා හිටියේවත් නැහැ. 

මාව පානදුර මුලික රෝහලට ගෙනහිල්ලා ෙදාස්තර මහත්තයෙක් ලඟට දැම්මා. ෙදාස්තර මහත්තයා මගෙන් කිසි දෙයක් ඇහුවේ නැහැ. කිසිම පරීක්ෂණයක් කලේ නැහැ. පොලිසියෙන් දීපු පෝරම කොළ පුරවලා පොලිසියටම දුන්නා. මාව ගෙනහිල්ලා කූඩුවට දාලා පසුවදා පානදුර උසාවියට ඉදිරිපත් කලා. උසාවියේදී කූඩුවට නැංවුවාට පස්සේ, මම අත උස්සලා නඩුකාර තුමාට කිව්වා, මම හෙරොයින් බෙන්නේ නැහැ, පානදුර රෝහලේ ෙදාස්තර මහතා මාව බලන්නේ නැතිව තමයි කොල පිරෙව්වේ, එ් නිසා වෙනත් ෙදාස්තර මහත්තයෙකුට දාන්නා කියා. මට එහෙම කියන්න උප දෙස් දුන්නේ අම්මා.

නඩුකාර තුමා, මාව රිමානඞ් කරලා, වෙනත් ෙදාස්තර මහත්තයෙකුට දාන්න කියලා නියම කලා. මා කලූතර බන්ධනාගාරයට ගෙන ගියා. බන්ධනාගාරයෙන් නාගොඩ මහා රෝහලට ගෙන ගියා. එහිදී මාව වෛද්‍යවරයකු පරීක්ෂා කලා. මගේ ලේ ගත්තා පරීක්ෂණ කරන්න. දවස් අටකට පස්සේ බන්ධනාගාරයෙන් උසාවියට ගෙන ආවා. වෛද්‍ය වාර්තාවේ තිබුනා මගේ ශරීරයේ හොරොයින් නැහැ කියා. මාව එම නඩුවෙන් නිදහස් කලා.

මම කුඩු වලට ඇබ්බැහි වුනේ නැහැ. යාලූවා එක්ක ඉඳලා හිටලා ටිකක් බ්ව්වා. එයත් නතර කරන්න  ඕනැ කියලා තීරණය කරලා, එ් අනුව මම උපදේශක මහතෙකු මගින් උණවටුන කඳවුරට ගිහිල්ලා පුනරුත්තාපනය වුනා. දැන් මම කුඩු බොන්නේ නැහැ. 

මම ගමෙන් පිටවෙලා ගිහින් පේන්ට් වැඩ කරනවා. හැමදාම වගේ පේන්ට් වැඩ තියෙනවා. මම දවසකට රුපියල් 1700/= ක් හොයනවා. මා වැඩට ගිහිල්ලා එනකොට, 2016 සැප්තැම්බර් 15 වන දින, රාත‍්‍රී 11.30 ට විතර මාව අත්අඩංගුවට අරගෙන පානදුර වැල්ලේ පොලිස් අධිකාරී කාර්යාලයේ කාමරයක් තුලට ගෙන ගියා. එහිදී නිරුවත් කරලා, බිම බුදි කෙරෙව්වා. කකුල් දෙකෙන් දෙන්නෙක් අල්ලාගෙන, අත්දෙකෙන් දෙන්නෙක් අල්ලාගෙන, ”ලොකු මහත්තයා” කියන අසංක රාජකරුණා කියන නිලධාරියා, බඩ මැදින් පුටුවක් තියලා වාඩිවෙලා ඇස්වලට මිරිස් ඉස්ම වැක්කෙරුවා. මගේ ඉස්සරහාදිම බ්ලෙන්ඩරයක දාලා නයි මිරිස් කෙටුවේ. එ් කාමරයේ ඇඳක් තිබුනා. බ්ලෙන්ඩරයක්, හීටරයක් තිබුනා. මිරිස් වක්කරලා ඉවරවෙලා පොලූවලින් ගැහුව්වා. හීටරය රත්කරලා අත පිච්චුවා. 

ඊට පස්සේ මාව නාන කාමරයකට ගෙනහිල්ලා නාවලා, බිත්තිය වටේට කොකු අල්ලා තිබුනු කාමරයකට ගෙනහිල්ලා මාංචු දාලා තිබ්බා. පසුවදා උදේ පාන්දර පොලිසියට ගෙනවිත් කුඩු හා සොරකම් නඩු දෙකක් දාලා උසාවි දැම්මා. 

මා වෙනුවෙන් ඉදිරිපත් වූ නීතිඥ මහතා මට පහර දුන්න බව උසාවියට කිව්වා. මාව බන්ධනාගාරය මගින් රෝහල් ගත කරන ලෙසට නියම කලා. කලූතර බන්ධනාගාරයෙන් මාව නාගොඩ රෝහලට ගෙන ආවා. මාව පරීක්ෂා කලා. කුඩු මිළිග‍්‍රෑම් 3250 ක් දාලා තිබුනා. රස පරීක්ෂක වාර්තාව අනුව තිබුනේ මිළි ග‍්‍රෑම් සියයක් පමණි. මාගේ ඉස්සරහාදිම තමයි පැනඩෝල් කුඩු කර, හැන්දකට දාලා රත්කළේ. මාස පහකට පස්සේ මට ඇප ලැබුනා. අධිකරණ වෛද්‍ය වාර්තාවෙන් මට වධ දිපු අන්දම හා මා කුඩු කාරයෙක් නොවන බව තහවුරු කරලා තියෙනවා.
මම මේ පොලිස්කාරයො දාපු බොරු නඩු වලට වැරදි කාරයා කියලා උසාවියෙදි පිළි නොගත්තු එකේ පලිය ගන්න තමයි මේ විදිමට වධ දිලා බොරු නඩු දාන්නේ. 

මට රස්සාව කරගෙන අම්මා තාත්තව බලාගෙන ඉන්න දෙන්නේ නැ. මාව මොක්කක් හෝ දේකට අත්අඩංගුවට ගෙන වධ දිලා බොරු නඩුදාන්න තමයි හදන්නේ. අපරාධකාරයෙක් කරන්න තමයි උත්සහ ගන්නේ. 

මම මේ ගැන පොලිස්පතිට පැමිණිලි කලා. මානව හමිකම් කොමිසම් සභාවට කථා කරලා කිව්වා. පැමිණිලි කලා. මට නඩු කියන්න සල්ලි නැහැ.’’



Share on Google Plus

About janasansadaya

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 ලිපිය පිලිබඳ අදහස් :

Post a Comment