Saturday, August 5, 2017

වධකයෙකු වු පො.ප, දමිත පෙරේරා ට එරෙහිව පොලිස් විමර්ශන ආරම්භ කරයි?



මොරටුව පොලිසියේ පොලිස් පරීක්ෂක දමිත පෙරේරා මීට වසර අටකට පෙර, සරත් කුමාර නයිඩොස්ව අත් අඩංගුවට ගෙන, වධ දී, බොරු නඩු දමා, මහා තෘප්තියක් ලබා ගන්නා ලදි.

කුලීවැඩ කරන්නෙකු වන සරත් කුමාර නයිඩොස්,  පොලිස් වධහිංසාවට පත්වූ බොහෝ දෙනා මෙන්, බිය නොවීය. විශේෂයෙන් ඔහුගේ බිරිඳ ශ‍්‍රියාණි තම සැමියා වෙනුවෙන් ඉදිරිපත්ව යුක්තිය ඉටු කර ගැනීමට පෙරමුණ ගත්හ.

පොලිස් පරීක්ෂක දමිත පෙරේරා, සරත් කුමාර නයිඩොස් ට විරුද්ධව දමන ලද බොරු නඩු සියල්ලන්ගෙන්ම ජය ගැනීමට ඔහුට හැකිවිය.

ඔහු පවරන ලද මූලික අයිතිවාසිකම් නඩුවෙන් ද ඔහු ජය ගන්නා ලදි. එමගින් රුපියල් ලක්ෂ තුනක වන්දියක් ද ඔහුට හිමි විය. පොලිස් පරීක්ෂක දමිතට රුපියල් ලක්ෂයක මුදලක් පුද්ගලිකව නයිඩොස් වෙත ගෙවීමට සිදු විය. 

මෙම නඩු තීන්දු ප‍්‍රකාරව පො.ප.දමිත පෙරේරා ට විරුද්ධව, විනය පරීක්ෂණයක් කරන ලෙසටත්, වධහිංසා පැමිණවීම සම්බන්ධයෙන් නඩු පවරන ලෙසටත් ඔහු පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටින ලදි.

පොලිස් පරීක්ෂක දමිත පෙරේරා එරෙහිව විමර්ශන ආරම්භ කර ඇති බව - සරත් කුමාර නයිඩොස් ට දන්වා, ප‍්‍රකාශ ලබා දීමට පැමිණෙන ලෙසට, දැනුම් දෙමින් පණිවුඩයක් එවා තිබින.

නමුත් එම පණිවුඩයේ- දිනය වේලාව තිබුනත්, ස්ථානය හා හමුවිය යුත්තා කව්රුන් ද යන්න සටහන් කර නොතිබිනි.  මෙය අත් වැරැද්දක් විය නොහැක.

පොලිස් පණිවුඩය.

එ් බව ඔහු පොලිස්පතිට දැනුම් දී, විධිමත් කැඳවීමක් කරන ලෙසටත්, අවම වශයෙන් දින පහකට කලින් දැනම් දීම කරන ලෙසටත් ඉල්ලා තිබේ.

සිය ඉල්ලීම ඔහු විද්‍යුත් තැපැල මගින් ද පොලිස්පති වෙත යොමු කරනු ලැබීය.

No comments:

Post a Comment