Thursday, August 31, 2017
OIC කඹුරුපිටිය - ඉඩම මංකොල්ල කන්න හදනවා.
කඹුරුපිටිය පොලිස් ස්ථානය ඉදිරිපිට තියෙන, තම පවුලට අයත් ඉඩම කඹූරුපිටිය පොලිසියේ වත්මන් ස්ථානාධිපති ජයශාන්ත නැමැත්තා - කූඨ ලේඛණ, පොලිස් බලය උපයෝගී කරගෙන මංකොල්ලා කෑමට උත්සාහ ගන්නා බවට, චෝදනා කරන පතිනායක මහතා, මෙම නීති විරෝධී ක‍්‍රියාව ගැන කරන පැමිණිලි මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී හා සහකාර පොලිස් අධිකාරී යටගසන බවද කියා සිටී.
මේ වනවිටතක් තම පවුලට අයත් ඉඩම මෙම ජයශාන්ත නැමැති පොලිස් ස්ථානාධිපතිවරයා බලහත්කාරයෙන් ඩෝසර් කර ඇති බවද කියා සිටී.
මෙම පොලිස් ස්ථානාධිපතිවරයා අසල ව්‍යාපාරිකයකු හා එක්ව, නීති විරෝධී ක‍්‍රියාවන්හී නියැලන බවද, වැඩි දුරටත් ප‍්‍රකාශ කරන්නේය.
ඔහු මේ ගැන පොලිස්පතිට හා මානව හිමිකම් කොමිෂට පැමිණිලි කර ඇත.
Subscribe to:
Post Comments (Atom)
-
49 හැවිරිදි අලී, වැලිපැන්න පොලිස් වසමේ, ව්යාකපාරිකයෙක්. පසුගිය 12 හා 13 දිනයන්හි, තමන් ගෙදර නැති වේලාවේ පැමිණි වැලිපැන්න පොලීසියේ, අපරාධ...
-
වරාය අධිකරියේ සභාපති ඇතුලු අධ්යථක්ෂ මණ්ලයට එරෙහිව ආරක්ෂක සැරයන්වරු 5කු ඉදිරිපත් කරන ලැබු මුලික අයිතිවාසිකම් පෙත්සම පිළිගත් ශ්රෙිෂ්ඨාධිකරණ...
No comments:
Post a Comment