Wednesday, April 20, 2011

මානව හිමිකම් කොමිෂමේ 11 කාමරයේ නමක් නැති පොලිස් ගැත්තෙක්


ලූකස් මහතා මානව හිමිකම් කොමිෂමට ගියේ බණ අහන්න හෝ නීතිය ඉගෙන ගන්නට නොවේ.


ඔහු නීතිය නොදන්නා අයෙකු බව සිතා, තම අනන්‍යතාවය පවා හෙළිකරන්නට ආත්ම ශක්තියක් නොමැති 11 කාමරයේ නිලධාරියා ගැන - එහි සභාපතිට කළ පැමිණිල්ල


.......................................................................................................................

                                                                                         කේ.කේ.ඩී.එස්.ලුකස්
                                                                                         පිට්ටනිය අසල,
                                                                                         කලමුල්ල,
                                                                                         කළුතර.
                                                                                         2011.04.19

සභාපති,
මානව හිමිකම් කොමිෂන් සභාව,
108, බාන්ස් පෙදෙස,
කොළඹ 07.


පැමිණිලි අංක HRC/3771/10/I (iii)

මා විසින් ඔබ වෙත කරන ලද පැමිණිලිවලට අනුව උක්ත අංකය යටතේ 2011.04.19 දින,පෙ:ව:10.00 ට මා ඔබ කාමිෂම වෙත කැඳවන ලදි.

එ අනුව අද දින (19 දින) මා ඔබ කොමිෂමට පැමිණි අතර, මාව අංක 11 දරණ කාමරයට යොමු කරනු ලැබුවා. එහි සිටි නිළධාරීවරයාගේ නම කවුදැයි මා දන්නේ නැත.

එම නිළධාරියා මාගෙන් සිද්ධීය පිළිබඳව විමසූ අතර, මා සම්පූර්ණ සිද්ධිය ඔහුට ප්‍රකාශ කර සිටියා. එවිට ඔහු ප්‍රකාශ කර සිටියා ගේ චෙක් කරන්න පොලිසියට අයිතියක් තියෙනවා, ඇයි ඔයා ඉඩ දුන්නේ නැත්තේ, ඔයා රාජකාරියට බාධා කලැයි කියා නඩු පවරන්න පොලිසියට පුලූවන් කියා. මා ඔහුගේ ප්‍රකාශයට විරෝධය පා,  අනවශ්‍ය ආකාරයට නිවසට බලහත්කාරයෙන් ඇතුල් වී මට හා නිවැසියන්ට හිරිහැර වන සේ කටයුතු කිරිමට ඉඩ නොදී සිටීමට මට අයිතියක් ඇති බවත්, යම් විදිහකින් පොලිස් නිළධාරීන් එසේ මාගේ නිවසට අයුතු ලෙස ඇතුල්වී, මාගේ නිවස තුල බෝම්බයක් තබා මා අත්අඩංගුවට ගෙන, රිමාන්ඩ් කලා නම් මට වෙන්නේ මොකක්ද යයි මා ඔහුගෙන් විමසා සිටියා. එවිට ඔහු පවසා සිටියේ එහෙම වුනොත් කරන්න දෙයක් නැහැ යනුවෙනි. ඔහු දිගින් දිගටම පවසා සිටියේ මා පොලිසියට අවශ්‍ය ආකාරයට කටයුතු කල යුතු බවයි. තවද ඔහු පවසා සිටියා ඕගොල්ලො ඔහොම කලාම, පොලිසිය තරහා වෙනවානේ කියා. අවසාන වශයෙන් මා ඔහුට පවසා සිටියා මා මෙහාට ආවේ සාධාරණයක් බලාපොරොත්තුවෙන්, නමුත් මෙතනිනුත් වන සාධාරණයක් නැති බව. මා ඔහුට තරයේම මාගේ විරෝධතාවය පළ කලා.

මා ප්‍රකාශ කර සිටින්නේ, ඔබ කොමිෂමද නීති විරෝධී ලෙස කටයුතු කරන පොලිසිය ආරක්ෂා කිරිමට කටයුතු කරනා ආයතනයක් බවයි. 

එමෙන්ම, විමර්ශණයක් සඳහා යයි මා ගෙන්වා, 11 වන කාමරයේ සිටි විමර්ශණ නිලධාරියා දිගින් දිගටම පොලිසියට පක්ෂව කටයුතු කරමින්, අගතියට පත් මා අධෛර්මත් කිරීමට කටයුතු කල බවයි.

පොලිසියෙන් අසාධාරණයට ලක්වූවන්, මානිව හිමිකම් කොමිෂමට පැමිණිලි කරන්නේ සාධාරණයක් බලාපොරොත්තුවෙනි. නමුත් මානව හිමිකම් කොමිෂම ද නීති විරෝධී ලෙස කටයුතු කරනු ලබන පොලිස් නිලධාරීන් බේරීමට කටයුතු කරනවා මිස අගතියට පත්වූවන්ට ලබාදෙන සහනයක් නැත. ඔබ කොමිෂමද පොලිසියට දෙවෙනි නැත. මානව හිමිකම් කොමිෂම අගතියට පත්වූවන්ට සාධාරණය ඉටු කර දෙන තැනක් නොවන බව අද දින ඉතා පැහිදිළි විය.

එමෙන්ම ඔබගෙන් කලයුතු තවත් ඉල්ලීමක් ඇත. එනම්, ඔබ විමර්ශණ නිළධාරීන්ගේ නම් මොනවාදැයි අදාල ස්ථානයේ ප්‍රදර්ශනය කරන ලෙසටයි. විමර්ශණ නිලධාරීන් ලෙසට පෙනී සිටින එකී පුද්ගලයින් කවුදැයි දැනගැනීමට අපට අයිතියක් ඇත. ඔවුන්ගේ නීති විරෝධී කටයුතු පැමි‚ලි කිරීම සඳහා අප ඔවුන් කවුදැයි දැන සිටිය යුතුය.

මා තව දුරටත් ඉල්ලා සිටින්නේ,

පොලිසිය ආරක්ෂා කර, අගතියට පත් තැනැත්තන් තව තවත් අගතියට පත්කරන ඔබ කොමිෂමේ විමර්ශණ නිලධාරින් සම්බන්ධයෙන් සොයා බලා, ඔවුන්ට එරෙහිව පියවර ගෙන, එවන් වංචාකාරයින් මානව හිමිකම් කොමිෂමේ කටයුතු වලින් ඉවත් කර, අගතියටපත් තැනැත්තන්ට සාධාරණය ඉටු කිරීමට කටයුතු කරනා ලෙසටයි.

ඉහත කරුණු සත්‍ය බව ප්‍රකාශ කරමි.


කේ.කේ.ඩී.එස්.ලුකස්

මානව හිමිකම් කොමිෂම විසින් ලූකස් මහතාට එවූ ලියමන
විශාල කර බලන්නට එය මත click  කරන්න


No comments:

Post a Comment