Saturday, April 16, 2011

ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ ක්‍රිකට්


ඉන්දියාව සහ පකිස්ථානය අතර ක්‍රිකට් නිසා සබදතා වර්දනය වන ලකුණු පෙනෙන්නට තිබේ. මෙය 2008 වසරේ මුම්බායි ප්‍රහාරයෙන් පසු දෙරට අතර ඇතිවූ විරසකය පහව යාමකි. ලෝක කුසලාන අවසන් පුර්ව වටයේ තරග එනම් ඉන්දියාව සහ පකිස්ථානය අතර නරබිමැට් දෙරටේ අගමැතිවරු එක්වුහ. මෙය සාක් කලාපිය රටවලට සතුටු විය හැකි කාරණාවකි. මේ රටවල් දෙක අතර 1947 න් පසු යුද්ද තුනක් ඇතිවූ බවද අප විසින් අමතක නොකළ යුතුය.

නමුත් මේ දිනවල ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සබදතා වල යම් යම් අඩුපාඩු අසන්නට ලැබේ. ඉන්දීය දීවර්යින් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගැනීම දෙරටේ විදේශ සබදතා සම්බන්දයෙන් හොද කරුණක් වුයේ නැත. අලුත්ම තත්වය ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්දවයි. ක්‍රීඩා ඇමතිවරයා වූ මහින්දානන්ද අලුත්ගමගේ දෙරට අතර ලෝක කුසලාන අවසන් මහා තරගයේදී තමන්ට ඉන්දීය ක්‍රිකට් බලදරින්ගෙන් ලැබුණු සැලකිලි මදියි චෝදනා කළේය.

දැන් ශ්‍රී ලංකාවේ ප්‍රබල ක්‍රීඩකයින් රැසක් ඉන්දියාවේ අයි. පි. එල් තරගාවලියට සහබාගි වෙති. ක්‍රීඩා ඇමති ඔවුන් මැයි 05 වැනිදාට පෙර ලංකාවට නොපැමිණියහොත් තමන් එළබෙන එංගලන්ත තරගාවලිය සදහා වූ කණ්ඩායමට වෙනත් ක්‍රීඩකයින් තෝරා ගන්නා බවට අනතුරු අගවා ඇත. ක්‍රිකට් ක්‍රීඩකයින් අයි. පි. එල් තරගාවලිය අවසන් වීමට පෙර සිය රටට පැමිණීම ඉන්දියාවට පාඩු ගෙනදෙන්නකි.

ක්‍රීඩා ඇමතිවරයා කෝපයට පත්වී කරන හදිසි ප්‍රකාශ ඉන්දීය සබදතා කෙරෙහි නරක අතට බලපා හැකිය. නියෂ්ටික බලවතුන් වූ ඉන්දියාව සහ පකිස්ථානය අතර ක්‍රීඩාව නිසා සබදතා යහපත් ආකාරයට වර්දනය වන ආකාරය අපේ රට විශේෂයෙන්ම ක්‍රීඩා ඇමතිවරයා පමාවී හෝ ප්‍රයෝගිකව ක්‍රියාත්මක කරන පාඩමක් කර ගත යුතුය. එසේ නොවුනහොත් මෙම තත්වය දෙරට අතර රාජ්ජය තාන්ත්‍රික සබදතා වලට අහිතකර ලෙස බලපානු ඇත.


හර්ෂි සි. පෙරේරා

No comments:

Post a Comment