Monday, April 4, 2011

මැච් එක ඉවරයි !!!


2011 ලෝක කුසලානය අභියසටම ගිය අපි - එය ගෙන එන තෙක් අපි ගෙදර බලා සිටියේය. අපේ සල්ලිවලින් සමහර ඇත්තෝ මුම්බායි ගියේය. ඒ කප් එක අරගෙනම එන්නටය.
ක්‍රීඩකයින් ගේ දක්ෂතාවය, ක්‍රීඩාවේ ජයග්‍රහණයට හේතුවයි.

අපි ඉන් එහාටද ගියේය. තිස්තන් කෝටියක් දේවිදේවතාවුන්ගෙන්ද , කප් එක අපට ලබාදෙන ලෙසට කන්නලව් කළේය. පිරිත් නූල් ගැටගැහqවේය. පිරිත් පැන් බිව්වේය. බුදුන්ගේ දේශයේ අපිට බුදුන්ගේ සරණ ලැබෙන්නට ඕනෑය.

ලෝකයේ හැමදේම වෙන්නට කලින් අපිට කියන -ග්‍රහයන් එක්ක ගණුදෙනු කරන්නෝ සවණ දෙකොනම වසාගෙන සිටියේ - භූමිකම්පා ගැන කිව්වත් ක්‍රිකට් ගැන නම් කියන්න ග්‍රහයෝ සූදානම් නැති බව අගවමින්ය. අපි මේ වන විට සවිශේෂ රාජ්‍යයකි. ත්‍රස්තවාදය පරාජය කල අපිට කප් එක ලැබිය යුත= බව කියා සිටියේය.

අපේ විචාරකයෝ - කප් එක ගන්නට පෙර කිව්වේ පුදුම අනාවැකිය. සියලුම තත්වයන්, තණතිල්ල, පින්න, පිටියේ ප්‍රමාණය - මේ සියල්ලම කප් එක අපටම බව සහතික කර ඇති බවයි. කප් එක ගියේ ඉන්දියානුවන්ටය. තිස්තුන් කෝටියක් දෙවිදේවතාවුන්ගේ නිජභූමිය ඉන්දියාවයි. බුදුන්ගේ මව්බිම ඉන්දියාවයි. කද සුරිදු ආවේද ඉන්දියාවෙනි.

දැන් දෙකොන පූට්ටුවී හමාරය. රතඥා මල්වෙඩි,පුවත් සිරස්තල,විමසුම.... 2015 වනතෙක් රැකබලාගන්නට වෙලාය. අපේ අනු සූරයා සියල්ලටම ස්තූති කළේය. ජනපතිව විශේෂයෙන් සිහිපත් කළේය. සූරයා ස්තූති කළේ - තම ක්‍රීඩකයින්ට, තම පහුණූකරුට, සහායකවරුන්ට,ප්‍රෙක්ෂකයින්ට , ඉන්දීය ජනයාට.
දුටු වෙනස එයයි.

ක්‍රීඩාව පුරා දුටු දෙයක් සිහිපත් කරමි. ආසියානු කණ්ඩායම් ක්‍රීඩා කරනවිට - ක්‍රීඩකයෝ දෙවියන් යැද්දේය. ප්‍රේක්ෂකයෝ දෙවියන් යැද්දේය. තම දක්ෂතාවයට වඩා නොපෙනෙන දෙවියන්, යකුන්, භූතයින් කෙරෙහි තබන විශ්වාසය තමන්ගේ නෝන්ජල් කම පෙන්නුම් කරයි.
ශ්‍රී ලංකාව ඉන් එහාට ද ගොස්ය. ගැති බවද කරපින්නා ගෙන හමාරය.

No comments:

Post a Comment