Monday, April 25, 2011

අද බොහෝ දෙනාට බැරල් අමතකය

චන්ද්‍රගුප්ත තේනුවර


චන්ද්‍රගුප්ත තේනුවර, 2007 ජූලි 26-27-28 දිනයන්හී - කොළඹ ලයනල් වෙන්ටඩ් කලාගාරයේ ඉදිරිපත් කල - නව්‍ය - බැරල්වාදය චිත්‍ර ප්‍රදර්ශණය පිළිබදව ලියන ලද හැදින්වීම, පොත් රාක්කය පිළියෙල කරන අතර - මා අතට පත්ව, යලිත් කියවන ලදි.


අද බොහෝ දෙනාට බැරල් අමතකය. චෙක් පොයින්ට් ඇතත් එතරම් ගානක් නැත.

"ප්‍රභාව "අමතක වන්නට ඉඩ දෙන්නේ නැත. ඔහු ජීවත් කරවීම අත්‍යවශ්‍ය නිසා.
"ප්‍රභූන් " එන්න එන්නම වැඩිවේ.

ප්‍රදර්ශණයෙන් චන්ද්‍රගුප්ත කියන දේ - අද වන විට ‍කෙතරම් භයානක ලෙස වර්ධනය වී ඇද්ද ? බැරල් ඉවත් කරන්නේ, නොපෙනෙන බැරල් ඉදිකරමින්ය. ඒවා ස්ථාවරය. කොපමණ කාලයක් පවතීද - මන්ද දිරන්නේ නැති නිසා.

නීතිය, ව්‍යවස්ථාව - අද බැරල් ලෙසට යොදා හමාරය. සියලුම අයිතීන් වගන්ති යොදා අහුරන්නේය. මෙය මග තොටේ යන අයට පෙනෙන්නේ නැත. දැනෙන විට බොහෝ ප්‍රමාද වෙලාය.මේ ගැන කථා කරන එක වලක්වාලන්න අද යොදාගන්නේ අවි බාරගත්තවුන් නොවේ. විද්වතුන්ය. ඇදුරන්ය. ... වේදීන්ය.

චන්ච්‍රගුප්ත - සිය හැදින්වීම අවසන් කරන්නේ,

"අප උපන්නේ කාගේවත් අණසකට බියපත්ව ජීවිතය පරදුවට තබා ජීවත්වීමට නොවේ.
අප ඉපිද හැදී වැඩී සමාජයට එකතු වන්නේ යහපත් මිනිසුන්ගෙන් යුත් සමාජයක් ගොඩ නගා ගෙන යහතින් සාමයෙන් සිංහිදියාවෙන් අනෙකා සමග ජීවත් වීමටය. "

නමුත් දැන් අප සිටින්නේ කොතැනද ?

යන ප්‍රශ්ණය නගමින්ය.

ඔව් - දැන් අප සිටින්නේ කොතැනද ?

කථා කරමු.
- දසරථ -

No comments:

Post a Comment