Saturday, April 2, 2011

ළමුන් වහලුන් කර ගැනීම





තමන් යටතේ සිටින අයව තලා පෙළා දැමීම වහල්බාවයයි. අපි කෙතරම් දියුණු වුනත් අප තුලින් වහල් ගති පහව නොගිය බවට තවත් උදාහරණයකි මෙය.

විදුහල්පතිවරයකු පහරදීමේ සිද්ධියකින් සිත් තැවුලට පත් පාසල් සිසුවෙක් ඊයේ (29) ගෙල වැලලාගෙන සියදිවි හානිකරගෙන තිබේ. මෙසේ සිය දිවි හානිකරගෙන ඇත්තේ දැදිගම මහපල්ලේගම, ශාන්තිපුර පදිංචි සිසිර ලලිත් ගුණවර්ධන (16) නැමති සිසුවෙකි. ඔහු දැදිගම මහපල්ලේගම සේනානායක මහා විද්‍යාලයේ 11 වැනි වසරේ ඉගෙන ගනිමින් සිටි අයෙකි.

ශ්‍රී ලංකාවේ නීතියට අනුව පාසැල තුල ශාරීරික දඩුවම් පැමිණීම නිතිවිරෝදිය. නමුත් මේ ගැන කතාකරනවට විශේෂයෙන් සදාචාරය ගැන කතා කරන ඒ වෙනුවෙන් පෙනී සිටින අය විරුද්දය. ඔවුන්ට විශේෂයෙන් බෝවුද්ද බික්ෂුන් වහන්සේලාට මානව හිමිකම් යනු බටහිර සංකල්පයන් බැවින් ඒවා මෙරටට නොගැලපෙයි. නමුත් මෙම සුවාමින් වන්සේලාගෙන් කීදෙනෙක් තම ගිහි ප්‍රජාවට වසල සුත්‍රය සහ වාසෙට්ට සුත්‍රය ගැන කියා දෙයිද?

ඉහත විදුහල්පතිවරයා වසලයෙකි. මක්නිසාද මිනිසා වසලයෙකු වන්නේ උපතින් නොව ක්‍රියාවෙන් බැවිනි. තම සිසුවාට සළකා ඇත්තේ වහලකුට මෙනි. ඒ පමණක් නොව මේ පහර කෑ සිසුවා ජිවිතයද නැති කරගෙන ඇත.

මෙම සිසුවාගේ දෙමාපියන්ට මේ අපරාදය ගැන යුක්තිය පසිදලීම සදහා ඒ ගැන ක්‍රියා මාර්ග ගැනීමට අපේ සමාජයේ කි දෙනෙක් සහය දෙයිද? මෙතෙක් පාසල් තුල වදහිංසා පැමිණ වූ අවස්ථා වලදී සමාජයේ පුජ්ජය පක්ෂයද ඇතුළු ප්ර්බුන් කලේ අපරාදය සමත කිරීමට උත්සහ කිරීමයි. සියලු ප්‍රබුන් කලේ අපරාදකරුවට සහය දීමයි. මෙනිසා සිදු වුයේ පාසල් බලදාරින් තමන් යටතේ සිටින ළමුන්ට මිහරකුන්ට හා සමානව සැලකිය හැකියි සිතා කටයුතු කිරීමයි. දැන් මේ තත්වය ඉතා බරපතල තත්වයකට වර්දනය වී ඇත.

මෙවන් විදුහල්පතිවරු නකුට නැති බල්ලන් යයි කියා හදුන්වනවිට එයට විරුද්ද වූ ගුරු සංගම් දැන් කියන්නේ කුමක්ද? මෙම ගුරු සංගම් පාසැල අයිති ළමයාට බව පිළිගැනීමට සහ ළමයාගේ උපරිම සුබසිද්දිය වෙනුවෙන් කටයුතු කිරීමට දැන්වත් සුදානම්ද? ළමුන්ගේ අයිතීන් සුරකුනොත් පමණක් ගුරුවරුන්ගේද අයිතීන් සුරැකෙනු ඇත.


හර්ෂි සි. පෙරේරා

No comments:

Post a Comment