Monday, March 26, 2018

සංහඳියාවට හෙණයක්වු පොලිස් අපරාධකරුවන් හා එකගෙයි කන ජාතික පොලිස් කොමිෂම.



ප‍්‍රථම පොලිස් කොමිෂන් සභාවෙන් පසුව පත්වූ, සියලූම පොලිස් කොමිසම් සභා සාමාජිකයන්, ලේකම්වරු, පොලීස් රූකඩ විය. ස්වාධීන ලේබලය යටතේ ද සිදුකළේ පොලිස් දුෂිතයන් අපරාධකරුවන් රැකීමය. 

මහජන පැමිණිලි විමර්ශන මුවාවෙන් දිස්ත‍්‍රික් මට්ටමින් නිලධාරීන් පත්කර මහජන මුදල් ගසා කෑමය. එම නිවට නියාලූ රූකඩ පිරිසක් මගින් පීඩාවට පත්වන පුද්ගලයන් තව තවත් පීඩාවට පත් කිරීමය.

මෙම මහජන පීඩාවන් ගැන නොදන්නා  ඊනියා මහා සිවිල් සමාජ ක‍්‍රියාකාරීන් ”මහජන මතය” ලෙසට, තම පුද්ගල මතයන් මාධ්‍ය උපයෝගී කරගෙන ප‍්‍රකාශයට පත්කරයි.  පොලිස් කොමිෂමේ ලේකම් ආරියදාස කුරේව, ඉවත් කිරීම ප‍්‍රයෝජනයට ගෙන පොලිස් කොමිෂම සමග කිසිදු ගණුදෙනුවක් නොකරන එ් ගැන අත්දැකීම් නැති ජනයා මුලාකරමින් දේශපාලන උවමනාවන් ඉටු කරගැනීමේ පහත් ක‍්‍රියාවලියක නිරතව සිටී.

මේ වන විට පොලිස් කොමිෂම මහජන පැමිණිලි කාබාසිනායා කරන විගඩමක් බවට සනාථ කරන 
උදාහරණ පහත දක්වමු.

01. සිංහල මුස්ලිම් ගැටුම.

අම්පාර - දිගන සිද්ධීන් දෙක ගැන, පොලිස්පති පු(කූ)ජිතගෙන්, පොලිස් කොමිෂම වාර්තා ඉල්ලා තිබෙන බව වාර්තා විය. එසේ ඉල්ලීමම  හොරාගෙ අම්මාගෙන් - වාහේගෙන් පේන ඇසීමකි.

2014 ජුනි 15 වන දින රාත‍්‍රියේ, දර්ගා නගරයේ සිංහල මුස්ලිම් ගැටුම් ඇති විය. එම ගැටුම ිසා යන්න එන්න බැරිව  නුවන් හා පවුලේ උදවිය මහ මග හිරි විය. එ් ඔවුන් බේරුවල පොසොන් තොරණ බලන්න යන අතරතුරය. එම ස්ථානයේ අලූත්ගම පොලීසියේ ධම්මික නැමති අයද සිවිල් පිට සිට ඇත.

දෙපිරිස අතර ගැටුම උත්සන්නව ගේ ෙදාර කඩ සාප්පු ගිනි තබා කොල්ල කෑම් වලින් පසුව  පොලීසිය කඳු`ඵ ගෑස් ගසා  පිරිස් විසුරුවා ආරක්ෂාව තර කරන ලදි.

දින 4 කට පසුව අලූත්ගම පොලීසිය පොසොන් තොරණ බලන්න යෑමට පවුලේ උදවිය සමග ගොස් අතරමංවූ,  සිද්ධියට කිසිදු සම්බන්ධයක් නැති මොහුව අත්අඩංගුවට ගෙන, ක`ඵතර පොලිස් අධිකාරී කාර්යාලයේ යුනිට් එකට බාරදෙන ලදි. එහි වධකාගාරයේ දින 03 ක් තබාගෙන වධ දී, උසාවිය උපයෝගී කරගෙන බොරු නඩු 11 ක් දමා රක්ෂිත බන්ධනාගාර ගත කරණු ලැබීය. 

එම නඩුවලින් 09 ක්ම පොලීසිය විසින් ඉල්ලා අස්කර ගන්නා ලදි. නඩු 02 ක් විභාගයට ගැනිණ. එම නඩු දෙකෙන් ඔහු නිෙදාස් කොට නිදහස් විය. මොහු මේම පොලිස් අපරාධය පිළිබඳව මානව හිමිකම් කොමිසමට පැමිණිලි කළෙය. විමර්ශණයෙන් පසුව, වධ දීම, බොරු නඩු දැමීම, උසාවිය දඩමීමා කරගෙන නිදහස අහිමි කිරීම පිළිබඳ මානව හිමිකම් කොමිෂන් සභාව සිය නිර්දේශය 2018 මාර්තු 18 නිකුත් කරණු ලැබිය. 
එම නිර්දේශයෙන් අලූත්ගම පොලීසියේ ස්ථානාධිපතිටි රු: 50,000/- ක වන්දියක් ගෙවන ලෙසට නියම කර, වධහිංසා පනත යටතේ අදාල පොලිස් කාරයින්ට එරෙහිව නඩු පවරන ලෙසට පොලිස්පතිට නිර්දේශ කරණු ලැබීය. මේ දක්වාම පොලිස්පතියා කිසිදු පියවරක් ගෙන නැත. පොලිස් කොමිෂම සිද්ධිය අමතක වන්නට හැර, නිදි වැද තිබේ.

02. ශ්‍රේෂ්ඨාධිකරණ හා මහාධිකරණ තීන්දු

පීඩාවට පත්වන්නා කුරුණෑගල සිංහල බෞද්ධ අපනයන ව්‍යාපාරයේ නිරත වන්නෙකි. ප‍්‍රදේශයේ සිදුවු මිනීමැරුමකට මොහුව අත්අඩංගුවට ගන්නේ ගොකරැුල්ල පොලීසියෙනි. එ් 2005 වසරේදීය. අමානුෂික වධදීමෙන් අනතුරුව මොහුව මුදාහරින්නේ නඩු නැතිවය.

තමාට වධ දීම ගැන මොහු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ගොස් මූලික අයිතිවාසිකම් පෙත්සමක් මගින් වධකයන්ට විරුද්ධව නඩු පවරයි. එ් අතර කරන ලද බලපෑම් හමුවේ පොලිස් විශේෂ විමර්ශන එ්කකය ද පරීක්ෂන පවක්වා වධකයින්ට එරෙහිව 1994 අංක 22 දරන පනත යටතේ මහාධිකරණයේ නඩු පවරණු ලබයි. 

මේ නඩු දෙකෙන්ම පොලිස් වධකයින් වරදකරුවන් බවට පත්වෙයි. එහෙත් පොලිස්පතියා හෝ පොලිස් කොමිෂම හෝ මෙම වධකයින්ට එරෙහිව විනය පියවර ගන්නේ නැත. දඬුවම් වෙනුවට උසස්වීම් දෙයි. 

මෙය ඛේදවාචකයන ගැන මානව හිමිකම් කොමිසමේ අවධනයට යොමු කිරිමේන් පසුව, මානව හිමිකම් කොමිසම් සභාව 2018 පෙබරවාරි මස 06 දාතමින් ශ්‍්‍රෂ්ඨාධිකරණ තීන්දුවෙන් හා මහාධිකරණ තීන්දුවෙන් වරදකරුවන් වූ ගොකරැුල්ල පොලිසියේ පොලිස්කාරයින්ට එරෙහිව ගන්නා ලද විනය පියවර පිළිබඳ වාර්තාවක් ලබාදෙන ලෙසට පොලිස් කොමිෂමෙන් ඉල්ලා සිටින ලදි. අදවන තෙක් පිළිතුරක් ලබාදී නැත.  

”ස්වාධීන” ජාතික පොලිස් කොමිෂන් සභාව අධිකරණය තීන්දු කරන ලද පොලිස් අපරාධකරුවන් සම්බන්ධයෙන් පියවර නොගන්නේ, පොලිස් අපරාධකරුවන් හා මේ පොලිස් කොමිෂමේ ලේකම්, සභාපති, ඇතුලූ කොමසාරිස්වරු එක ගෙයි කන නිසා යැයි කිවහොත් වැරදිද? එය මහා සිවිල් සමාජයට ප‍්‍රශ්නයක් නොවන්නේ, එම ප‍්‍රශ්න මීටර් නොවන නිසාද? නැතිනම් ඔවුන් ගැන කථා කළාට මඩිය තර වන්නේ නැති නිසාද?




2 comments: