Saturday, October 10, 2015

අපේ මැති ඇමතිලා එල්ලූම් ගහේ එල්ලෙන විට දළයි ලාම හා පප් වහන්සේ මෙසේ කියයි!


සේයා දුෂණය කර මරා දැමීමත් සමග, එල්ලූම් ගහේ එල්ලී, බෙරිහන් දෙන්නට සමහර මැති ඇමතිලා ද, ඊනියා ස්ත‍්‍රී සංවිධාන ද, ජනමාධ්‍ය ද, පෙරට විත් තිබේ. එ් පිළිබඳව මාධ්‍ය හරහා වාද විවාද, සංවාද පවත්වති.

පසුගියදා පාර්ලිමේන්තුව රැස් වූ විට, තමන් මේ රටේ ඉන්න බව පෙන්වීමට, හිරුණිකා, රංජන් රාමනායක මරණ දඬුවම ක‍්‍රියාත්මක කළ යුතු බවට ප‍්‍රකාශ කළෝය.

පසුගිය දින ස්වාධීන රූපවාහනියේ සාකච්ඡුාවකට එක්වූ සුජීව සේනාසිංහ ගෙන් මරණ දඬුවම ගැන තම පුද්ගලික මතය ප‍්‍රකාශ කරන්න යයි මාධ්‍යවේදියා ඉල්ලා සිටි විට, එයට සෘජු පිළිතුරක් නොදී අනං මනං කියන්නට පටන් ගත්තේය. මීට පෙර ජෝන් අමරතුංග ද මරණ දඬුවම ගැන කථා කළා පමණක් නොව, දින 100 ආණ්ඩුවේ පොලිසිය හා ක‍්‍රිස්තියානි කටයුතු ඇමති වශයෙන් වැලිකඩ හිර ගෙදරට ගොස් එල්ලූම් ගස නරඹමින් තම ම්ලේච්ඡුත්වය ප‍්‍රදර්ශනය කළේය.

ගෝත‍්‍රික සමාජ ලක්ෂණ තවමත්, අප සමාජයේ පවතින බවට පිළිගැනීමක් තිබේ. එය නිවැරදි බව, රංජන් රාමනායකලා, හිරුණිකාලා, සේනාසිංහලා හා ජෝන් අමරතුංග යලිත් වරක් ඔප්පු කර සිටියේය.

අනූ නවයක් මැරූ අංගුලිමාලට මරණ දඬුවම දුන්නෙ නම්, අපේ ගැහැණුන්ට දරු ප‍්‍රසූතියට පෙර කියන්නට, පිරිතක් ද නැති වන්නේය. අඩුම වශයෙන් එ්කවත් සිහියට නොඑන තවමත් මේ එල්ලූම් ගහේ එල්ලෙන හිරුණිකාලා වැනි ගැහැණු මංත‍්‍රීකම්වලට පත්කළ ඡුන්ද දායකයින්ට වැඩි දවසක් නොගොස් එල්ලෙන්ට සිදු වුවහොත් පුදුම විය යුතු නැත.

රංජන් රාමනායක එල්ලූම් ගහට විරුද්ධ වන අය උපන්නේ අම්මලාගේ බඩින්ද යයි අසති. 99 මැරූ අංගුලිමාලට බණ කියා රහත් වන්නට මග පෑදු බුදුන්වහන්සේ, රංජන් රාමනායක ට අනුව උපන්නේ මව් කුසෙන් නම් විය නොහැක.

ප‍්‍රශ්නය ඇත්තේ එල්ලූම් ගහේ නොව රටේ පවතින අධිකරණය, නීතිපති, පොලිසිය හා අපරාධ යුක්ති විනිශ්චය හා අදාල ආයතන  අන්ත දුෂිත, පිරිහුණු එ්වා බවට පත්ව තිබීම බව තේරුම් ගැනීම ප‍්‍රතික්ෂේප කරන එල්ලූම් ගහේ එල්ලූන මේ මැති ඇමතිවරු යහපාලනය ඇති කරන්නේ යයි ප‍්‍රකාශ කිරිම අශිෂ්ඨකම ප‍්‍රදර්ශනය කිරීමකි.

මොවුන් කවරක් කීවත් අධිකරණය, පොලිසිය, නීතිපති ඇතුලූ අදාල ආයතන අපරාධ කරුවන් රකින අයුරු, නිර්දෝෂී පුද්ගලයන්ට දඬුවම් කරන අයුරු, රජයේ අදායම වැඩි කරන්න සහ එ් හා අදාල ආයතනවලට සම්බන්ධ සියලූම තරාතිරම්වල පුද්ගලයන් ගේ බඩගෝස්තරය සඳහා ක‍්‍රියා කරන්න ක‍්‍රියා කරන බව ජනතාව හොඳාකාර දන්නා කරුණකි.

මෙයට අමතරව, අප රටේ මානව හිමිකම්, ළමා අයිතීන්, ස්ත‍්‍රී අයිතීන් සුරැුකීමට පිහිටුවා ඇති කොමිෂන් සභා හා අධිකාරී රටේ අදාල ප‍්‍රශ්න විකුණාගෙන කෑම කරන අතරවිවිධ ව්‍යාපෘති හරහා ඉහත සඳහන් කළ ආකාරයටත්, දේශීය හා විදේශ මුදල් සොරකම් කරන බව, ජනතාව මුලා කරන බව ප‍්‍රසිද්ධ රහසක් වුවත්, මෙවන් පුද්ගලයන් හා එක්වන මාධ්‍යය ද මෙම ආයතනවල දුෂණ, වංචා, අක‍්‍රමිකතා යටපත් කිරිමට උදව් වෙති.

මේ සඳහා කතා කිරිමට, ජනයා පෙළඹිය යුතුයි. මෙම ආයතනවල වංචා දුෂණ අක‍්‍රමිකතා, නීති විරෝධී ක‍්‍රියා, සදාචාර විරෝධී ක‍්‍රියා නොබියව හෙළි කළ යුතුයි.

මේ සියලූ තත්ත්වයන් තුළ, අධිකරණය ද, නීතිපති, පොලිසිය හා එ්වාට පිටින් පිහිටුවා ඇති කොමිෂන් සභා හා අධිකාරී, පූර්ණ වෙනස්කම්වලට භාජනය කරවීමේ අරගලය තීව්ර කළ යුතුයි.

අවසාන වශයෙන්, පසුගිය කාලයේ අපරාධ කළ බවට සැකකරන ලද පුද්ගලයන් රැුසක් අත්අඩංගුවට ගෙන අමු අමුවේ මරා දමන ලද බව අමතක නොකළ යුතුය. එ් ඝාතන සියල්ලම මාධ්‍යය ද උදව් කරගෙන සාධාරණය කර, යුක්ති සහගත කරන ලදි.

වාසනාවට, ඞී.එන්.එ්. තාක්ෂණය හඳුන්වා දීම සමග, සේයා දැරියගේ ඝාතනයට, ආදේශකයකු යොදවා, මහා ප‍්‍රචාරයක් ලබාදී, තවත් ඝාතනයක් සිදුවන තෙක් අමතක කරවන්නට තිබූ අවස්ථාව පොලිසියට අහිමිවීම ගැන පොලිසියේ ලොක්කන් දැඩිසේ කම්පා වන බව නම් සහතිකය.

යහපාලනය යනු සටන් පාඨයක් නොව නියමිත ක‍්‍රියාමාර්ග ඇතුළත් ප‍්‍රායෝගික කාර්යයකි. එහි ප‍්‍රථිඵලයකි, ආණ්ඩුව එක්සත් ජාතීන්ගේ මරණ දඬුවම අහෝසි කිරීමේ සම්මුතියට අත්සන් කිරිමට  දරන ප‍්‍රයත්නය. එය කඩිනම් කර, අපේ නීති පොත්වලින් මරණ දඬුවම ඉවත් කළ යුතුව තිබේ.

ටිබෙට් ජාතික බෞද්ධ නායක දලයි ලාමා 1999 දී මරණ දඬුවම අහෝසි කිරිම සඳහා ලෝකවාසීන් ගෙන් ඉල්ලීමක් කරමින් නිකුත් කළ ප‍්‍රකාශය මේ රටේ එල්ලූම් ගහට පක්ෂ සියලූ ඊනියා බෞද්ධයන් ගේ අවධානයට පහත දක්වමු.

Message Supporting a Global Moratorium on the Death Penalty- by the Dalai Lama

In general, death is something none of us wants, in fact it is something we don't even like to think about. When death takes place naturally, it is a process beyond our control to stop, but where death is willfully and deliberately brought about, it is very unfortunate.

Of course, within our legal systems there are said to be certain reasons and purposes for employing the death penalty. It is used to punish offenders, to prevent them ever repeating their misdeed and to deter others. However, if we examine the situation more carefully, we will find that these are not the real solutions.

Harmful actions and their tragic consequences all have their origin in disturbing emotions and negative thoughts, and these are a state of mind, whose potential we find within all human beings. From this point of view, every one of us has the potential to commit crimes, because we are all subject to negative disturbing emotions and negative mental qualities. And we will not overcome these by executing other people.

What is deemed criminal can vary greatly from country to country. In some countries, for example, speaking out for human rights is considered criminal, whereas in other countries preventing free speech is a crime. The punishments for crimes are also very different, but usually include various forms of imprisonment or hardship, financial penalties and, in a number of countries, physical pain. In some countries, crimes that the government considers very serious are punished by executing the person who committed the crime.
The death penalty fulfills a preventive function, but it is also very clearly a form of revenge. It is an especially severe form of punishment because it is so final. The human life is ended and the executed person is deprived of the opportunity to change, to restore the harm done or compensate for it.
Before advocating execution we should consider whether criminals are intrinsically negative and harmful people or whether they will remain perpetually in the same state of mind in which they committed their crime or not. The answer, I believe, is definitely not.
However horrible the act they have committed, I believe that everyone has the potential to improve and correct themselves. Therefore, I am optimistic that it remains possible to deter criminal activity, and prevent such harmful consequences of such acts in society, without having to resort to the death penalty.
My overriding belief is that it is always possible for criminals to improve and that by its very finality the death penalty contradicts this.
Therefore, I support those organizations and individuals who are trying to bring an end to the use of the death penalty.
Today, in many societies very little importance is placed on education or the development of human values through social programs and entertainment. In fact, if we take television programming as an example, violence, including killing, is regarded as having a high entertainment value. This is indicative of how misguided we have become.
I believe human beings are not violent by nature. Unlike lions and tigers, we are not naturally equipped to kill with sharp teeth and claws.
From a Buddhist viewpoint, I believe that the basic nature of every sentient being is pure, that the deeper nature of mind is something pure. Human beings become violent because of negative thoughts which arise as a result of their environment and circumstances.  August 29, 1999
මරණ දඬුවම ක‍්‍රියාත්මක කරන ලෙසට තප්පුලන රංජන් රාමනායක, ජෝන් අමරතුංග වැනි අය කොතරම් ම්ලේච්ඡු ද යන්න පැහැදිළි කරන්නේ පාප් වහන්සේ මරණ දඬුවම ඉවත ලන ලෙසට ජත්‍යන්තරයෙන් කරන ලද ඉල්ලීම සැලකිල්ලට ගැනීමෙන්ය.

Pope Francis Calls Death Penalty Inappropriate "No Matter How Serious the Crime"
In a letter to the President of the International Commission Against the Death Penalty, Pope Francis expressed the Catholic Church's opposition to the death penalty, calling it "inadmissible, no matter how serious the crime committed." He continued, "It is an offence against the inviolability of life and the dignity of the human person, which contradicts God's plan for man and society, and his merciful justice, and impedes the penalty from fulfilling any just objective. It does not render justice to the victims, but rather fosters vengeance." He acknowledged society's need to protect itself from aggressors, but said, "When the death penalty is applied, it is not for a current act of aggression, but rather for an act committed in the past. It is also applied to persons whose current ability to cause harm is not current, as it has been neutralized -- they are already deprived of their liberty." He also addressed questions of methods of execution, saying, “There is discussion in some quarters about the method of killing, as if it were possible to find ways of 'getting it right'. … But there is no humane way of killing another person.”
(The pope had previously offered remarks in opposition to the death penalty when he spoke to the International Association on Penal Law in October 2014.)

ජේ.ආර්. ජයවර්ධන මෙන් මහින්ද රාජපක්ෂ සිය ධූර කාලයේදී, ජනාධිපති බලතල උපයෝගී කරගනිමින් අධිකරණය විසින් අපරාධකරුවන් බවට නිගමනය කරන ලද පුද්ගලයන්ව නිදහස් කර හැරියේය.


නොපමාව කළයුතු දෙයක් ඇත. අධිකරණය මගින් වරදකරුවන් කළ පුද්ගලයන්ට සිය අභිමතය පරිදි නිදහස් කර හැරීමට ජනාධිපතිවරයාට තිබෙන වරම ඉවත් කිරීම.

2 comments:

  1. කොන්ඩයන් , කොන්ඩ කුරුල්ලන් වන රටක , මරණ දඬුවම කෝකටත් තෛලයද ?

    www.nursinglk.com/2015/09/174.html

    ReplyDelete