Saturday, November 26, 2011

ශ්‍රී ලංකාවේ නොවේ.


ප්‍රජාතන්ත්‍රීය ආයතනයන් -  අධිකරණය පිළිබ`දව අවධියෙන් සිටිය යුතුයි. -  ඉන්දීය කොමියුනිස්ට් පක්ෂයේ -  නීතිඥවරයෙක් -  
ප්‍රකාශය පහත දැක්වේ. 



Thursday, November 24, 2011

නීති විරෝධීව හා හිතුවක්කාර ක්‍රියා කළ ඇල්පිටිය ප්රායෙද්ශීය සභාවේ සභාපතිට හා සංවර්ධන සහයකට රු60,000 ක් - ගෙවන්න වෙයි.



ප්‍රාෙද්ශීය සභා ලේකම්වරිය ලෙසට පත්වූ තැනැත්තියට වැඩ බාර නොදුන් -  ඇල්පිටිය ප්‍රාෙද්ශීය සභාවේ සභාපති රංජිත් ජයසිංහ සහ එම සභාවේ සංවර්ධන සහයක නිලන්ත ජයක=e පන්ඩිත යන දෙදෙනා, නීති විරෝධී සහ හිත=වක්කාර ලෙසට ක්‍රියාකර ඇති බව තීරණය කරන ශ්‍රේෂ්ඨාධිකරණය, වහාම ක්‍රියාත්මක වන පරිදි තෙල්මා =මාරි මහත්මියට ලේකම් ධූරයේ වැඩ බාර දෙන ලෙසටත්, ඔවුන් විසින් රeපියල් හැටදහසක් වන්දි හා නඩු ගාස්ත= වශයෙන් ඇයට ගෙවිය යුත= බවත් නියම කළේය.

2008.10.22 දින, තෙල්මා =මාරි මහත්මිය විසින්, ප්‍රාදේශීය සභා ලේකම් දූරයට පත්වීම ලැබූ තමන්ට,සභාපති රංජිත් ජයසිංහ හා ලේකම් ධූරයේ වැඩ බැලූ, සංවර්ධන සහයක නිලන්ත ජයක=e පන්ඩිත වැඩ බාරදීම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ, මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.




නඩු වාර්ථාව බැලීමට හෝ බාගත කර ගැනීමට පහත සබැඳිය මත ක්ලික් කරන්න

http://goo.gl/gc8C9







Wednesday, November 23, 2011

“ජෙට්ලයිනර් ” නරඹන්නට ගිය රාජපක්ෂ රාලහාමිටත් පොලිස් ප්‍රහාරයක්.


ජෙට්ලයිනර් නරඹන්නට ගිය රාජපක්ෂ රාලහාමිටත් පොලිස් ප්‍රහාරයක්.


පොලිස් නිලධාරීන්, පොලිස් නිලධාරීන්ට පහරදීම් වාර්තාවන්නේ අඩුවෙන්. ඒ තම තමන්ගේ එවුන් අතර හබ - මානව හිමිකම් වලින් විසදාගන්නට තරම් ධෛර්යයක් නැති නිසා වන්නට පුලුවන.

ඒ නිසාම මෙම සිදුවීම වැදගත් තැනක් ගන්නවාය. පොලිස් කොස්තාපල් විජේසිංහ රාජපක්ෂ - ජනාධිපති ආරක්ෂකයෙකි. කොල්ලුපිටිය පොලිසියට අනුයුක්තය.
2011. 11. 05 දින බිරිද හා බිරිදගේ ඥාතීන් සමග කොළඹ වරායට ගියේ ජෙට්ලයිනර් නැව නරඹන්නටය.

එහෙත් වුනේ - පිටකොටුව පොලිසියේ මහත්වරුන්ගෙන් ගුටි කන්නටය.
රජපක්ෂ රාලහාමි, පිටකොටුව පොලිසියේ ස්ථානාධිපතිට තමා ජනාධිපති ආරක්ෂක අංශයේ යයි පැවසූවිට - මමත් රජපක්ෂගේ මිනිහෙක් අඩෝ, මට උඹ කවුරුවුනත් කමක් නැහැ යයි පවසා ඇත.

පොලිස්කාරයින්ගේ ක්‍රියාවන් විවේචනය කිරීම - පොලිස් දෙපාර්තමේන්තුවට කරන විවේචන ලෙසට,- කරට ගන්නට සූදානම් පොලිසියේ ඉහළ නිලධාරීන්ට කිවයුත්තක් ඇත.
මේ සිද්ධියෙන් පොලිසිය සමානාත්මතාවය රකින බව නම් පෙනෙන්නට තිබෙන බවය.
කියවන්න - රාජපක්ෂ රාලහාමිගේ දිව්රැම් ප්‍රකාශය.


ලිපිය මත ක්ලික් කර විශාල කර බලන්න





ශ්‍රී ලංකාවේ නොවේ


මරණ දඬුවම නියම වූවන්ගේ අභියාචනාවන් මෙතෙක් සලකා බැලූවේ -  ඉන්දීය ජනාධිපතිය. එ සම්බන්ධයෙන් පවතින අක්‍රමිකතා ගැන අවධානය යොමු කළ ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය, අභියාචනා පිළිබ`ද තීන්දු ගන්නාවූ පිළිවෙල පිළිබ`ද පූර්ණ විස්තරයක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට -  රජයට නියම කළේය.


සාකච්ඡාව


Monday, November 21, 2011

පොලීසිය පිරිහුනේ 1977 න් පස්සේලූ.



හිටපු නියෝජ්‍ය පොලිස්පති වරයෙකු වූ මෙරිල් ගුණරත්න මෙම ප්‍රකාශය කර ඇත්තේ  -  පසුගිය මහවැලි කේනද්‍රයේ පැවති රැස්වීමකදීය.

ඔහු විසින් රචිත zz cops on crosstireZZ    නැමති පොත එලිදැක්වීම මෙහි සිදුවිය. සාකච්ඡාව පහත දැක්වේ.

Monday, November 14, 2011

2018 දී ගෝල්ඩ් කොස්ට් යමු.


2018 පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල හම්බන්තොට ට ලබා ගැනීමට නොහැකිවූ ආණ්ඩුව - සැලසුම් වෙනස් නොකරන බව ප්‍රකාශ කරයි.

රුපියල් මිලියන දෙසීයයකට ආසන්න මුදලක් ජන්ද සටනට යෙදවූ ආණ්ඩු නියෝජිතයින් හැත්තෑහයකු ගෙන් සමන්විත පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා සම්මේලනයේ බහුතරය දිනා ගැනීමට - කැරේබියානු දූපත් කරා ගිය ශ්‍රී ලාංකික දූත පිරිස දෙසියයකට වැඩිය.

ශ්‍රී ලංකාව ජයගන්නා බව - මෙරට වැසියන් අතර ප්‍රචාරය රජය ගෙන ගියද, බුකී කරුවන් ප්‍රථිඵලය දැනගෙන සිටි බව නොරහසකි. ඔවුන් ගෝල් කෙන්ට් 1.5ක් ලංන්සවක් තිබූ අතර, හම්බන්තොට 2.5ක් ලන්සුවක් වෙන්කලේ ඒ නිසාය.

හම්බන්තොට - පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල ලබා ගැනීම සදහා ජනතා උන්නනදුවක් නොතිබූ බව පෙන්වා දෙන විචාරකයින්, ක්‍රීඩා උළෙලේ සියලු පහසුකම් 2016 වන විට සම්පූර්ණ කන බව රාජපක්ෂ ආණ්ඩුව දුන් පොරොන්දුව - බහුතරයක් සම්මේලන නියෝජිතයින් විශ්වාස කර නැති බව, අවම වශයෙන් තරගයක්වත් දීමට බැරිවීමෙන් තහවුරු විය.

2010 දිල්ලි පොදු රාජ්‍ය මණ්ඩල තරගයේ අත්දැකීම් 2018 දී හම්බන්තොටදී විදීමට - නියෝජිතයින් අකමැත්ත පල කර තිබින.

ශ්‍රී ලංකාවේ පොරොන්දු ගැන ලොවම දන්නා බව- පරාජයෙන් පෙන්නුම් කල තවත් සත්‍යයකි.   
ජාතියක් වශයෙන් මෙවන් අවස්තාවක් රටට අහිමිවීම සොම්නසට හේතුවක් නොවේ. එහෙත් පසුගිය අත්දැකීම් අනුව මෙවන් අතිවිශාල මුදල් ස්ථාවරයක් වියදම් කිරීමෙන් - අල්ප දෙනෙකුගේ බලාපොරොත්තුව සංසිදවා බලා පසුතැවීමට සිදුනොවීමද සොම්නසට හේතුවකි. ජාතියේ වාසානාවකි.

තවද,  ක්‍රීඩකයෝ හා පරිවාර ජනයා හම්බන්තොටට වඩා ගෝල්ඩ් කොස්ට් තේරීමට කැමති වනවා නිසැකය.

Wednesday, November 9, 2011

නෝනාව බේරාගන්න - ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරියා ෆයිල් උස්සලා





රන්මුතුගල සහතික පාසලේ සියලුම පොත්පත්, පාසල් පතිනියගේ සැමියා උස්සලා.ඔහු මධ්‍යම රජය යටතේ පාලනය වන පරිවාස හා ළමා ආරක්ෂකදෙපාර්තමේන්තුවේ ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරියෙකි.

පසුගිය මස 26(2011.10.26)රන්මුතුගල රජයේ සහතික පාසලේ ගැහැණු ළමුන්   කෘෘරත්වයට පත්කිරීම අදාලව, පාසල්පතිනිය අත්අඩංගුවට ගෙන රිමාන්ඩ්බාරයට පත්කරනු ලැබීය.

අද දින (2011.11.09) මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධීකරණයේ මෙම නඩුව කැදවූ අවස්තාවේ, පරීක්ෂණ ඉදිරියට ගෙනයාමට, සහතික පාසලේ පොත් පත්,ලේඛන නැති බව ප්‍රකාශ කල ළමා අධීකාරිය, එම පොත් පත් ලේඛණ, පසල් පතිනියගේ සැමියා විසින් රැගෙන ගොස් ඇති බව අධිකරණයට වාර්තා කළේය.

රජයේ මෙන්ම, පුද්ගලික ළමා රැදවුම් නිවාස වල සිදුවන අක්‍රමිකතා පිළිබදව සොයා බැලීමට රජය අපොහොසත්වීම නිසා මෙම අවාසනාවන්ත තත්වය උද්ගතවී ඇති බව ප්‍රකාශ කල යුතුය.

විශේෂයෙන් රජයේ මෙම ආයතනවලට නුසුදුසු පුද්ගලයන් පත්කිරීම හා නිසි ලෙස පුරප්පාඩු පිරවීමට පියවර නොගැනීම හා සුපරික්ෂාව බිදවැටීම මෙයට හේතුව බව කිවයුතුය.


නීතිය පිළිබදව ලංකාවේ ඇතිවී ඇති මහා පරිමාණ වෙනස


         
 පසුගිය සතියේ ස්වාධීන රූපවාහිනී සේවයේ පවත්වන ලද ප්‍රචාරක සාක්ච්ජාවකදී ආරක්ෂක ලේඛම් ගෝටාභය රාජපක්ෂ මහතා කියා සිටියේ තමා අධීක්ෂණය කිරීමට ජනාධිපතිතුමා හැර වෙන කිසිවෙකු නැති බවය. ඔහු අධීක්ෂණය කිරීමට ලංකාවේ පාර්ලිමේන්තුවට හෝ ලංකාවේ අධිකරණයට හැකියාවක් ඇත්ද යන ප්‍රශ්නය යාන්තමකටවත් ඔහුට මතුවුනේ නැත. ඇත්ත වශයෙන්ම එවැනි අධීක්ෂණ බලයක් ක්‍රියාත්මක නොවන තත්වයට රටේ දේශපාලන ක්‍රමය වෙනස් වී ඇති බව ඔහු ඉතා හොදින් වටහා ගෙන ඇති බව පෙනේ. 1978 ව්‍යවස්ථාවෙන් පසු ඇතිවුණු මහා පරිවර්ථනය මේ මගින් ඇගවේ. නීතියට ඉහළින් පිහිටා සිටින ජනාධිපතිවරයා හැර වෙන කිසිවෙකු රජයේ ක්‍රියාකලාපයන් අධීක්ෂණය කිරීමේ සැබෑ බලයකින් තොරවීම ලංකාවේ නීතිය මුහුණ දෙන ප්‍රබලම ගැටඵව බවට පත්වී ඇත.

මෙසේ ලංකාව තුල 1978 ව්‍යවස්ථාවෙන් පසු වසර 33ක් පුරා ඇතිවූ පරිවර්ථනය වටහා ගැනීම සදහා නීතිය මත පාලනය හා නීතිය හා පිළිවෙල හෝ නීතිය හෝ නීතිය හා සාමය යන සංකල්පයන්ගේ ඇති එකිනෙකට හාත්පසින් වෙනස් අදහස් වෙන්කර හදුනාගත යුතුවේ. ලංකාවේ දැන් සදහන් වෙන්නේ නීතිය හා පිළිවෙල හෝ නීතිය හා සාමය යන වචන මිස නීතිය මත පාලනය යන නෛතික මූලධර්ම නොවේ.

නීතිය හා පිළිවෙල (Law and Order)

නීතිය හා පිළිවෙල හෝ නීතිය හා සාමය යන වචන වලින් කියවෙන්නේ කිසියම් හෝ ආණ්ඩුවකට කැමති පරිදි ඇතිකරණු ලබන පිළිවෙලකි. එම පිළිවෙල මොනයම්ම හෝ නීතිමය දර්ශනවාදයකට සම්බන්ධවී නැත. ආණ්ඩුව කැමති පිළිවෙලක් අනුගමනය කරමින් තමුන් කැමති දේ කරයි. උදාහරනයක් වශයෙන් යම් පැල්පත්වාසීන් ඔවුන් පාරම්පරිකව පදිංචිවී ඇති ස්ථානයෙන් එළියට දැමීම ආණ්ඩුවේ අභිමතාර්ථය නම් කිසිදු නෛතික ක්‍රියාමාර්ගයකින් තොරව ඔවුන් සිටි තැන් වලින් එළියට ඇද දමයි. අපරාධකාරයන් මර්ධනය කිරීම සදහා ප්‍රසිද්ධ අපරාධකාරයන් මරා දැමිය යුතු යැයි ආණ්ඩුවේ මතයක් ඇතිවුවහොත් ඒ අනුව ඔවුන් අත්අඩංගුවට ගෙන මරා දමනු ලබයි. මිනීමරු චෝදනාවක් ඇත්තෙකු නීතියේ රැහැනින් බේරා තැබීමට ආණ්ඩුවකට අවශ්‍යනම් ඔහුට විරුද්ධව අපරාධ නීතිකෘත්‍යයක් ගෙන ඒම වළක්වනු ලබයි. දේශපාලන විරුද්ධකාරයන්ගේ දේපල අත්පත් කරගැනීම මගින් විරුද්ධ පක්ෂයේ බලය මැඩලිය යුතුයැයි ආණ්ඩුව සිතනවානම් ඔවුන්ගේ දේපල රජය සතු කරගැනීම මගින් රජයේ උවමනාව ඉටුකරගනී. අපරාධ චෝදනා ලැබ සිටින්නෙකු නිදහස් කල යුතුයැයි ආණ්ඩුවට සිතේ නම් නීතිපතිවරයා මගින් ඔහු නිදහස් කරණු ලබයි. දේශපාලන විරුද්ධවාදියෙකු නිදහසේ සිටීම දේශපාලන තර්ජණයක් යැයි සිතන්නේනම් ඔහු බොරු නඩුවක පටලවා ඇප අහිමි කොට හිරදඩුවමකට යටත් කරයි. දේශපාලන විරුද්ධවාදියෙකු එම විරුද්ධවාදීකම් අuතක කොට රජය සමග එක්වී කටයුතු කිරීමට කටයුතු කරයි නම් ඔහුට විරුද්ධව පවතින නීතිමය ක්‍රියාමාර්ගයන් අත්හිටුවනු ලබයි. මැතිවරණ පැවැත්වීමේදී ස්වාධීන් මැතිවරණ කොමසාරිස්වරයෙකු සිටීම තමන්ට අවාසිදායක වන්නේනම් එසේ ස්වාධීන කොමසාරිස්වරයෙකු නැති තත්වයක මැතිවරණ පවත්වයි. මේ ආකාරයට නීතිය සහ පිළිවෙල හෝ නීතිය සාමය යන අදහස යටතේ කර ඇති හා කළ හැකි ක්‍රියාවන් දීර්ඝ වශයෙන් ලැයිස්තු කල හැකිය. නීතිය හා පිළිවෙල හෝ නීතිය  හා සාමය යන වචන වලින් කියවෙන්නේ ආණ්ඩුවක් තමන්ට කැමති ආකාරයේ පිළිවෙක් සාදා ගැනීම යන්නය. මෙසේ සාදා ගන්නා පිළිවෙල ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක මූලධර්මවලට හා නීතිය මත පාලනයේ මූලධර්ම වලට අනුකූල විය යුතු නොවේ. පවතින ආණ්ඩුවක් ඔවුන් කැමති පිළිවෙල රට මත පටවනු ලබයි.

නීතිය මත පාලනය (Rule of Law)

නීතිය මත පාලනය යනු දේශපාලන සංකල්පයකි. එම සංකල්පය තුළින් රටක් තුළ පැවතිය යුතු නීතියත් නීතිය අධිකරණමය ක්‍රියාදාමයන් තුළින් ක්‍රියාත්මක වීමත් සනිටුහන් කරයි. නීතිය මත පාලනය පිළිබදව zටොම් බින්හම්Z නැමැති බ්‍රිතාන්‍යයේ හිටපු නීතිය පිළිබද ස්වාමිවරයා විසින් කර ඇති පහත සදහන් කෙටි විස්තරය මෙසේය.

zz පවතින මූලධර්මයන්ගේ හරය මෙසේ යැයි මම යෝජනා කරමි. යම් රාජ්‍යයක් තුළ සිටින සියඵම පුද්ගලයන් හා රජයේ හා පුද්ගලික අංශයේද  බලධාරීන් ප්‍රසිද්ධියේම නිර්මාණය කරන ලද නීතිවලින් බැදෙන අතර ඒවායින් ලැබෙන ඵල ප්‍රයෝජන වලට අයිතිවාසිකම් කියන අතර එම ඵල ප්‍රයෝජන සාමාන්‍යයෙන් ක්‍රියාත්මක වන්නේ අනාගතයේදී. එම නීති ප්‍රසිද්ධියේ අධිරකරණ මගින් ක්‍රියාත්මක කල යුතුවේ.ZZ

නීතිය මත පාලනය පිළිගන්නා දේශපාලන ක්‍රමයක් තුළ නීතියේ ආධිපත්‍යයට මුල්තැන ලැබෙන අතර නීතියට ඉහළින් කිසිවෙකුට පිහිටා සිටීමට බැරිය. නීතිය ඉදිරියේ සියඵම රටවැසියන් සමාන අයිතිවාසිකම් වලට හිමිකම් කියති. මෙම අයිතිවාසිකම් පිළිබද ගැටඵ ස්වාභාවයෙන්ම ඇතිවන හෙයින් ඒවා නිරාකරණය කිරීම පැවරෙන්නේ ප්‍රසිද්ධියේ කටයුතු කරන අධිකරණ ක්‍රියාවලියකට පමණය.

නීතිය මත පාලනය තුළ ඇතිවන පිළිවෙල එක් එක් රජයක හිතුමතය අනුව හැඩගැස්සිය හැකි එකක් නොවේ. රජයේ සියඵ නිලධාරීන්ම ඔවුන්ගේ ක්‍රියාකලාපයන් කල යුත්තේ නීතිය තුළ පනවා ඇති බලයන් හා සීමාවන් ඔස්සේය. ඒ සීමාවන් ඒ ආකාරයෙන් ක්‍රියාත්මක වන්නේද යන්න පිළිබදව අවසාන තීරණය ඇත්තේ අධිකරණ ක්‍රියාදාමයකටය.

එහෙත් නීතිය හා පිළිවෙල යන සංකල්පය යටතේ ආණ්ඩුවකට කිසියම්ම හෝ නීති මූලධාර්මකයකට යටත් විය යුතු නැත. නීති මූලධර්මයත් ආණ්ඩුවේ ක්‍රියාකලාපයට බාධකයක් නම් නීතිය හා පිළිවෙල යන අදහස යටතේ කටයුතු කරන ආණ්ඩුව තමන්ට බාධකයක් වන නීති මූලධර්ම ඉවත්කර දමනු ලබයි. තමන් කිරීමට යෝජනා කරන වැඩකටයුතු අධිකරණයකට යොමු කිරීම මාර්ගයෙන් තමන්ට බාධකයක් වේයැයි සිතන ආණ්ඩුව එම කටයුතු කෙරෙහි අධිකරණයට ඇති බලය ඉවත්කොට තමන් කැමති දෙයක් කරගනී. අධිකරණයකට කල හැක්කේ ආණ්ඩුවක් ඔවුන්ට කිරීමට ඉඩ හැර ඇති දේ පමණය.
නීතිය හා පිළිවෙල හෝ නීතිය හා සාමය යනුවෙන් හැදින්වෙන හිතුවක්කාර පිළිවෙත තුළ අධිකරණයට පමණක් නොව පාර්ලිමේන්තුවටද හිමිවන්නේ නොවැදගත් ස්ථානයකි. නීතිය මත පාලනය පවතින දේශපාලන වාතාවරණයට නීති සම්පාදනය පිළිබදව පිලිගත් සම්ප්‍රදායන් ඇත. නීතියක් සෑදීම ජනතාවගේ සහභාගීත්වයෙන් සිදුවිය යුතු බව හා එම සහභාගීත්වය නාමිකව නොව සැබවින්ම පැවතිය යුතු බව නීතිය මත පාලනයේ අඩිතාලමක් වේ. නීති සම්පාදනය රටක ජනතාවකගේ ක්‍රියාවලියක් මිස ආණ්ඩුවක හිතුවක්කාර ක්‍රියාමාර්ගයක් නොවේ. විවිධාකාර කූට උපක්‍රම මගින් ආණ්ඩුවක් තමන්ට කැමති ක්‍රියාමාර්ගයක් නීතියක් සේ සම්මත කර ගනී නම් එය නීතිය මත පාලනය යන අදහස යටතේ නීතියක් නොවේ. 1978 ව්‍යවස්ථාව තුළින් ඉක්මන් පනත් ගෙනඒමට හා සම්මත කර ගැනීමට සකස් කරගෙන ඇති ක්‍රියාපිළිවෙල නීතිය මත පාලනයට මුඵමනින්ම පටහැනිය. එය ජනතාවගේ මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේද අයිතිවාසිකම් අහිමි කිරීමක් වේ.

මේ අනුව බලන කල දැන් තමා අධීක්ෂණය කිරීමට ජනාධිපතිවරයා හැර වෙන කිසිවෙක් නැතැයි ආරක්ෂක ලේඛම්වරයා කියන ප්‍රකාශය සත්‍යයකි. දැන් රටේ ඇත්තේ නීති හා පිළිවෙල යන හිතුවක්කාර ක්‍රියාදාමය මිස නීතිය මත පාලනය නොවේ. මේ තත්වය තුළ පාර්ලිමේන්තුවේ හා අධිකරණයේ අධීක්ෂණ බලය කප්පාදු වී හමාරය.

නීතිඥ බැසිල් ප්‍රනාන්දු.

Sex abuser at Large (ලිංගික අපයෝජකයා සහ විදුහල් පති.)


ලිංගික අපයෝජකයා සහ විදුහල් පති....


දිනෙන් දින උග්‍ර වන නීතිය කඩා වැටීම හේතුවෙන් පාසැල් ළමුන්ද දැන් අසරන තත්වයට පත් වෙනවා. අප කියන්න යන කතාවද එවැනිම  දෙයක්. මේ පිරිමි ළමයා අපයෝජනයට ලක්වුනේ ගමේ තරුණයෙක්ගෙන් හා පනස් පස් හැවිරිදි ගමේ වැඩිහිටියෙකුගෙන්. සවන් දෙන්න මේ කතාවට... යමක් ගන්න සිතට... 



...

Saturday, October 29, 2011

ශ්‍රී ලංකාවේ පොලිස් අත්තඩංගුවේදී සිදුකරන අමානුෂික පහරදීම් සහ ඝාතනයන් පිළිබඳ වැඩසටහනකි



බී.බී.සී සංදේශය විසින් පටිගත කල ගුවන් විදුලි වාර්තාමය වැඩසටහනක්. ශ්‍රී ලංකාවේ පොලිස් අත්තඩංගුවේදී සිදුකරන අමානුෂික පහරදීම් සහ ඝාතනයන් පිළිබඳ වැඩසටහනකි.


  BBC Sandeshaya AHRC and Sri Lanka Police. by janasansadaya

විදුහල්පතියෙකුගේ තිරිසන් වැඩක් >> විඩියෝව නිකුත් උනා





14 හැවිරිදි  , මොහොමඩ් ජිල්ලාන් සිනර් පළමු ශ්‍රේණියේ සිට ගියේ, පානදුර උපාධ්‍යා විද්‍යාලයට.

2011.10.17 දින විදුහල්පති බර්ටි, සුපුරුදු පරිදි වේවැල අතින් රැගෙන පංතිය ඉදිරියට පැමිණ වේවැල දික්කර මෙහෙ වරෙන් කියා ළමයින්ට කතා කරලා. ළමයි පංතියෙන් එළියට ආවත් බර්ටි විදුහල්පති  පෙනෙන්න ඉදලා නැහැ. ළමයි එළියට වෙලා බලන් ඉදලා.

එක පාරටම මතුවුනු බර්ටි විදුහල්පති, ඉස්සරහින්ම හිටිය මොහොමඩ් ජිල්ලාන් සිනර් ව අතින් අල්ලලා කරකවලා දිගට හරහට පහර දීලා. මේ තිරිසන් විදුහල්පති, ඊට පස්සේ  මොහොමඩ් ජිල්ලාන් සිනර් ලවා ඩෙස්, පුටු අද්දවලා, තනකොළ ගලවලා.

මීහරක් දක්කන්න වාගේ කෙවිට්ට අතේ තියාගෙන සැරිසැරූ බර්ටි විදුහල්පති - මේ අසරණයට පහරදීලා, සෙන්පති වෙස්ගෙන ගිහිල්ලා.

Friday, October 28, 2011

කතෝලික සභාව අතුරුදහන් කරවීමට සැරසෙන අතුරුදහන් වූවන්ගේ ස්මාරකය





1988, 89, 90 අත=reදම් කරවීම් මතකයෙන් ඈත් නොකිරීමට ගන්නා ලද උත්සාහයකි රද්දොලුව ‘’අත=eදන්වූවන්ගේ ස්මාරකය”

වාර්ෂිකව අත=eදන්කරවූවන්ගේ මාපිය දරeවන් මෙතනට එක් වූයේය.ඒ සාමූහිකව බලයෙන් වෙන් කළ පුතා,දුව,සැමියා,බිරි`, ඥාතියා සිහිකිරීමටය.තම විශ්වාසය අනුව පිං පැමිණ වීමටය.

මෙම ස්මාරකය ජනතාවට ලොවට දෙන පනිවිඩය එතරම් සරල වූවක් නොවේ.එය ඉතා ගැඹqre.මෙම ස්මාරකය - අත=eදහන් කරවීමේ රාජ්‍ය හා ආණ්ඩුවේ ප%;sපත්තිය අමතක කරන්නට ඉඩ නොදෙන්නෙකි.;=eදන් කරවීමේ සංස්කෘතිය, තිරිසන් සංස්කෘතිය පවත්වාගෙන යෑමට අභියෝගයකි.

මෙම ස්මාරකය ඉදි කිරීමට සියලු ආගම් එක්විය.දේශපාලන පක්ෂ විවිධ සංවිධාන එක්විය.

එදා කතෝලික සභාව දේවස්ථානයට අයත් ඉඩම ඒ සදහා වෙන් කර දුනි.
ආගමික සමගිය වේදිකාවට සීමා වූවක් නොවීය යුතය යන පනිවිඩය දීමට පුරෝගාමී විය.

දැන් කාලය එළඹී ඇත. අත=eදන් කරවීම් අමතක කරන්න - ඒ සදහා අත=eදන් කරවූවන්ගේ ස්මාරකය ඉවත්විය යුත=.

මේ වන විට අත=eදන්වූවන්ගේ ස්මාරක +මියට අයිතිවාසිකම් කියන්නට ඉදිරිපත්ව සිටින කතෝලික සභාව ස්මාරකය පොළවට සමතලා කර දැමීමට අදිටන් කර ගෙන ඇත.

අනෙක=ත් ආගමික සංවිධාන එක්ව කතෝලික සභාව,රාජ්‍යයේ පංග=කාරයෙකි. ආණ්ඩුවේ  ආශිර්වාදය නොමැතිව එයට පැවතිය නොහැක.

මානව හිමිකම් කතා කරන කතෝලික පූජක වරeනි, ඔබේ හෘද සාක්ෂිය උරගා බලන්නට මෙය කදිම අවස්ථාවකි.අත=eදන් කරවීම, දසපනතේ හය වැන්නට පටහැනි නොවන්නේද?
නිහඩතාවය බිද දමන්න.   

Wednesday, October 26, 2011

නීතියට ඉහළින් ඉන්න තවත් එකෙක්




පහලොස් හැවිරිදි සිසුවකුට පහර දුන්න - ගාල්ල, ලබුදූව, සිරි ධම්ම විදුහලේ විදුහල්පති නීතියට ඉහළින් ඉන්න අයෙක්ද ?

පසුගිය 14 වෙනිදා, පහලොස් හැවිරිදි හරිත විකල්ප සිසුවාට, විදුහල්පති කාමරයට ගෙන්වා අතින් පයින් පහරදී ඇත්තේ, එම විදුහලේ විදුහල්පති ප්‍රේමසිරි ඈපා නැමැති අයයි.

ඊට පෙරදින පාසලේ සිසුන් අතර ඇතිවූ ප්‍රශ්ණයකට, එක් දෙමාපියෙකුගේ අවශ්‍යතාවයට කිසිදු සෙවිල්ලක් බැලිල්ලක් නැතිව තාරක විකල්පට අතින් පහරදී ඇති බව පවසන ඔහුගේ පියා - සිද්ධිය සම්බන්ධයෙන් අක්මීමන පොලිසියට පැමිණිල්ලක් කරන ලද බව ප්‍රකාශ කර සිටී.

තම පුතාගේ කණට කරන ලද පහරදීම නිසා, තවමත් පුතා වේදනාවෙන් සිටින බවද, කරාපිටිය රෝහලේදී ලබාදුන් ප්‍රතිකාරවලට සුවයක් නොලැබූ හෙයින් පෞද්ගලිකව වෛද්‍යවරුන්ට පෙන්වා බෙහෙත් ලබාගත් බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

විදුහල්පති ප්‍රේමසිරි ඈපා ගෙන් පොලිසිය කටඋත්තරයක්වත් ලබාගෙන නැති බව පවසන හරිත විකල්පගේ පියා, සිද්ධිය සමථ මණ්ඩලයට දමන බවට පොලිසිය ප්‍රකාශ කරන ලද බව පවසා සිටී.

දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව - සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක්වත් සිදුකර නැත.

දණ්ඩ නීති සංග්‍රහයට අනුව, පහරදීම අපරාධයකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව - මූලික අයිතීන් උල්ලංඝණය කිරීමකි. අධ්‍යාපන චක්‍රලේඛ වලට අනුව විෂමාචාර ක්‍රියාවකි.

එහෙත්, ලබුදූව සිරි ධම්ම විද්‍යාලයේ විදුහල්පතිට මේ කිසිවක් වලංගු නැති බව පෙනී යයි.

Monday, October 24, 2011

ගඩාපිට යුක්තිය ඉටුවිය යුතුයි



අතීතයේ පටන් කෘෘර පාලකයින් බලයෙන් පහ කිරීමට ජනතාව පසුබට වූයේ නැත.

ආසන්නතම උදාහරණය ගඩාපිය. ගඩාපිගේ අවසානය කෙතරම් මිලෙච්ජ ආකාරයෙන් සිදුවීද යන්න අද ලෝකයම දනී.

එහෙත් ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් රකින බවට පොරොන්දු දී, පීඩාවට පත්වූ ජනයාගේ ලේ දහඩියෙන් බලයට පැමිණ සිටින වත්මන් පාලකයෝ, ගඩාපිගේ මරා දැමීම වසන් කිරීමට බොරු කීමට පටන්ගෙන තිබීම, පිලිකුල් කල යුතුය.

කවුරුවුවත් අස්වාභාවික ලෙසට මිය ගියා නම් පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්විය යුතුය. එය ශිෂෟඨකමේ ලක්ෂණයයි.

මෘතදේහයට - නිසි ගෞරවයක් දැක්විය යුතුය. එයද ශිෂෟඨ කමේ ලක්ෂණයයි.

ජීවත්ව සිටියදී ඔහු මිනීමරුවෙකි. දූෂිතයෙකි. ඔහුගේ මරණය අපේක්ෂා කල අය බොහෝය. එහෙත් අත්අඩංගුවට ගත් පසුව වධහිංසාවට පත් කිරීමට, මරා දැමීමට කිසිවෙකුටවත් අයිතියක් නැත.

ගඩාපි ඉස්ලාමීය සංස්කෘතියට අයත් නොවුනානම්, බෞද්ධ හෝ හින්දු වූවානම් මෙලහකටත් මළ සිරුර අදුනාගන්නට නොහැකිවන පරිදි පුලුස්සා දමා හමාරය.

ගඩාපිගේ මරණය ගැන - පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවත්වීමට, සෑම ශිෂ්ඨ රාජ්‍යයක්ම ලිබියානු නව නායකයින්ට බලකල යුතුය.

දැනටමත් ජගත් සංවිධාන පෙන්වාදී ඇති අයුරු කැරළි හමුදා, ගඩාපි පරාජය කිරීම සදහා දියත් කල සන්නද්ධ අරගලයේදී මානවවාදී නීති උල්ලංඝණය කර ඇත.

ගඩාපිගේ සහ ඔවුන්ගේ සගයින්ද, ඔහුට පක්ෂවූ හමුදා සොල්ලාදදුවන්ද අත්අඩංගුවට පත්වීමෙන් පසුව මරා දැමූ බවට පළවන සියලු පුවත් පිළිබද වින්දිත භාවයෙන් යුතුව පරීක්ෂණවලට භාජනය කෙට, වැරදි කල අයට නිසි දඩුවම් පැමිණවිය යුතුය.

එසේ නොකරන්නේනම් ගඩාපි පාලනය     මර්දනකාරී හා දූෂිත පාලනයකින් ලිබියානු ජනයා පීඩාවට පත්වනු ඇත.

යුද්ධ අපරාධ කවුරු කලත්, මොන තත්වයන් යටතේ කලත් අපරාධය. මිලේච්ජය. අත්අඩංගුවට ගත් පුද්ගලයා කවරෙකු වුවත් වධහිංසා පැමිණවීම, මරා දැමීම පිළීකුල් කල යුතුය. හෙලා දැකිය යුතුය. එසේ කරන ලද අයවලුන්ට නීතිය ඉදිරියට ගෙන ආ යුතුය.

ගඩාපි ජීවතුන් අතර සිටි වකවානුවේ ඔහුගේ මිතුරන්, ඔහුගෙන් ලාබ ප්‍රෙයා්ජන ගත්තවුන් -මේ අවස්තාවේ නිහඩව සිටිනවානම්, ඔවුන් ශිෂෟඨ මිනිසුන් නොවන්නේය.

ගඩාපිගේ මරණය පිළිබදව පශ්චාත් මරණ පරික්ෂණ පවත්වන ලෙසට හා ගැටුමේදී යුද අපරාධ සම්බන්ධයෙන් එල්ලවී ඇති චෝදනා පිළිබදව - ජාත්‍යන්තර ප්‍රජාවගේ මැදිහත්වීම ඇති නිසි පරීක්ෂන පැවැත්විය යුතු බවට, නගන ජාත්‍යන්තර හඩට ශ්‍රී ලංකාව එක්විය යුතුය.

එහෙත් යමක් කළ යුත්තේ තමා සම්මතයේ පිහිටා විය යුතු බවට වන - කියමන සිහියට තබාගෙන බව මතක තබාගත යුතුය.

Wednesday, October 19, 2011

විධායක ශාපය



ප්‍රේමදාස ජනාධිපතිවරයා අනාරක්ෂිත ‘‘දුම්රිය හරහා පාර’’ උනබම්බු ගේට්ටු සවි කරන්න නියෝග කළා.

විධායක ජනාධිපති දුන්න නියෝගයට අනුව - ඉවක් බවක් නැතිව උනබම්බු ගේට්ටු සවි කරන්න දුම්රිය දෙපාර්ථමේන්ත=වට සිද්ධවුනා.

‘‘උනබම්බු’’ හොයන්න අමාre නැහැ.නමුත් ඒවාට ගේට්ටුකරeවන් සෙවීම,පඩි ගෙවන්න සල්ලි, මේ සියල්ලට උත්තරත් විවධායක ජනාධිපති දුන්නා.

උනබම්බු ගේට්ටු 1988 ජනවාරි 22 පටන් ගත්තා.

අවු 45ට අඩු, 8 වන පන්තිය සමත්, ජනසවිලාභීන් (මේ කාලයේ සමෘද්ධි ලෙසට `ÿන්වන) ඒ සදහා පත් කරන්න නියම කලා.

පත්වීම් තාවකාලික. පඩිය දිනකට රපියල් 33.00යි.

ප්‍රේමදාස ගියා. වෙන අය ආවා.

දැන් ‘‘උනබම්බු ගේට්ටු කරeවන්’’ රටටම ප්‍රශ්ණයක් - මාසෙකට රe 1000/= ක පඩියට පැය 12 ක් වැඩ කරන්න වෙලා.

උනබම්බු ගේට්ටුකරeවන් - වෘත්තීය ඉල්ලීම් ඉදිරිපත් කරනවා.දැන් ප්‍රශ්ණයක්.

ඊට පස්සෙ ආපු අය
ප්‍රශ්ණෙට විසදුම් දුන්නේ නෑ -
පැලැස්තර දැම්මා-
බලාපොරොත්;= දුන්නා-

කාලයත් සමග - විවිධ ආකාරයට
සමහරe තම ප්‍රශ්ණය විස`දා ගත්තා
මේ එහෙම විස`දුමක් නැතිව ඉන්න අයෙක්.

දැන් උනබම්බු ගේට්ටු නැහැ-
උනබම්බු ගේට්ටු කරeවොත් නැහැ 56 වයස දැන් 
අවු. 23 ක්, ගේට්ටු ඇරලා වහලා, ජීවිතයම ගේට්ටුවට ගෙවී ගිහිල්ලා.
අපේ විධායකhත් - සැලැස්මක් නැතිව,රට ගැන ජනයා ගැන හිතන්නේ නැති, ප්‍රශ්ණය දන්නේ නැති.

ප්‍රවෘත්තිවලට- කරන වැඩ
විධායකය මුඵ රටටම ශාපයක්


ජනතාවගෙ දිවි රකින්න
අවු 23   උනබම්බු ගේට්ටුවල
දිවි ගෙව්වා