Tuesday, June 10, 2014

පොලිසියෙන් කියා කියද්දීත් අපිට හොදටම ගැහුව්වා.

Aruna & Asoka

තමන් පොලිසියේ නිලධාරින් තිදෙනෙකුට පහර දුන් බවට චොදනා කරමින් දෙදෙනෙකුව අධිකරණයට ඉදිරිපත් කරමින්  කඵතර දකුණ පොලිසිය කියා සිටීයේ - එක් අයෙකුට හොඳටම තුවාල බවයි.

පසුගිය සිතුරාදා (6) කඵතර කටුකුරුන්දේදී, ත්‍රී රෝද රථයක් පැහැර ගැනීමට උත්සාහගත් කඵතර දකුණ පොලිසියේ තිදෙනෙකුට පහරදී - එම උත්සාහය වැළැක්වීමට හැකිවී තිබේ.

එම උත්සාහයේ නිරතවූ සංගීත කණ්ඩායම් සාමාජිකයෙකු වූ අරුනව හා කාර්මික ශීල්පියෙකු වූ අශෝක ට, එයින් අනතුරුව, පොලිස් ජීප් රථයකින් පැමිණි පිරිසක් අත්අඩංගුවට ගෙන, කඵතර දකුණ පොලිසියට ගෙනගොස් තිබේ. පොලීසියේදි අලුයම 3.00 පමණ වන තෙක් ඔවුන්ට කොසු මිටවලින්, තුවක්කු බට වලින් හා පයින් පහරදී ඇත්තේ, පොලිස් සිර මැදිරිය ඉදිරිපිට බිම දමා, එක් අතක් ඔසවා - සිර මැදිරියේ යකඩ කූරුවලට තබා මාංචු දැමීමෙන්ය.

මෙම පහරදීමට, ත්‍රී රෝද රථය පැහැර ගැනීමට උත්සාහ ගත් නිලධාරීන් හා එදින රිසව් එකේ සිටි නිලධාරීන් සම්බන්ධවී ඇත.

පසු දින මොවුන් දෙන්නාව - වැඩ බලන මහේස්ත්‍රාත්වරියකට ඉදිරිපත් කර - 9 වන දා තෙක් රිමාන්ඩ් කරවා තිබේ.

09 දින කඵතර මහේස්ත්‍රාත් අධිකරණයට ඔවුන්ව ඉදිරිපත් කල අවස්ථාවේ - කඵතර දකුණ පොලිසිය අධිකරණයට කියා ඇත්තේ අරුණ හා අශෝක යන දෙන්නා, පොලිස් නිලධාරීන් තුන්දෙනෙකුට පහරදුන් බවත්, එයින් පොලිස් නිලධාරීන් තුවාල ලබා සිටින බවත්ය.

රාත්‍රී 8.30 ට පමණ, තිදෙනෙක් ත්‍රී රෝද රථය නවතා පැහැර ගැනීමට ගත් උත්සාහය වැලැක්වීමට, එම ත්‍රී රෝද රථයේ පැමිණි තමන් උත්සාහ ගත් බවත් ඒ අවස්ථාවේ එම තිදෙනා තමාටද, තමාට පරහ දෙන්නේ ඇයි ද යයි විමසමින් එතැනට පැමිණි තම සොහොයුරාටද පහරදි, පොලිසිය ගෙන්වා අත්අඩංගුවට ගනු ලැබු බව අරුණ කියා සිටි.  හොදටම බීලා  සිවිල් ඇදුමින් සිටි ඔවුන්, පොලිස් නිලධාරීන් බව පසුව හැදිනගත් බව ද ඔහු අධිකරණයට කියා සිටියේය.


ඔවුන් දෙන්නාව ඇප මත නිදහස් කල මහේස්ත්‍රාත්වරයා - උසාවියට එනකොට පමණක් යුනිෆෝම් එකෙන් ආවට මදියයි - පොලිසියට කියා සිටියේය.

No comments:

Post a Comment