Monday, June 30, 2014

ආරක්ෂක ජින්ස් හා බ්‍රෙසියර් ඉන්දීය සිසුවියන්ගේ නිපදවීමක්.


ඉන්දියාව පුරා පැතිර යන ස්ත්‍රී දූෂණ අවම කිරීමටවත්, එරට පොලීසියට නොහැකි වී ඇති අතර, ඒ සම්බන්ධයෙන් පාලක පකෂය තවමත් දක්වන්නේ උදාසීන පිළිවෙතකි.

සෑම මිනිත්තු 22 කටම, එරටින් ස්ත්‍රී දූෂණයක්  වාර්තා වේ. බහුලව ස්ත්‍රී දූෂණ වාර්තා වන්නේ ඉන්දියාවේ උත්තර  ප්‍රෙද්ශයෙනි.

ස්ත්‍රී දූෂණ වලට එරෙහිව එරට ස්ත්‍රී සංවිධාන උද්ඝෝෂණ පවත්වනු ලබන, බරනාසි (බරණැස) රාජ්‍යය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සිසුවියන් පිරිසක් එක්ව, ස්ත්‍රී දූෂකයින්ට මුහුණදීම සඳහා ආරක්ෂක මෙවලම් නිර්මාණයට පෙළඹෙන ලදි.

ඔවුන්ගේ පළමු අවධානය යොමු වූයේ සෙරෙප්පු ආරක්ෂක මෙවලමක් ලෙසට යොදා ගත හැකි බවයි.

විදුලි සැර යොදන ලද සෙරෙප්පුවකින් දූෂකයාට පහර දීමෙන් ස්වල්ප වේලාවකට ඔහුව අකර්මන්ය කිරීමට හැකියාව ලැබෙන අතර, එම කාලය තුළදී යම් ආරක්ෂක පියවරකට ඉඩ තිබේ.

එයට අමතරව, හදිසි පණිවුඩ නිකුත් කළ හැකි උපකරණ, ජින්ස් වලට හා බ්‍රෙසියර් සවිකිරීම මගින් තම හිතවතුන්ට පමණක් නොව අසල පොලීසි වලට පවා SOS පණිවුඩ නිකුත් කිරීමට හැකි වේ.

මෙම මෙවලම් ඉතා පහසුවෙන් ක්‍රියාත්මක කළ හැකිවන අතර, ඒවා වෙළඳපොලට හඳුන්වාදීමට ද, ඔවුන් පියවර ගෙන තිබේ.

තාක්ෂණයෙන් යම් යම් කරුණු සඳහා පිලිතුරු සෙවිය හැකි බව එම සිසුවියන්ගේ විශ්වාසයය.





No comments:

Post a Comment