Saturday, June 7, 2014

අධිකරණ ලේඛනාගාරයේ ලිපකාරිණිය නඩු වාර්තාව ඉරා දැම්මේ පොලිස් කාරයින් සනසන්නටද?




අංගොඩ පොලීසියේ පොලිස්කාරයින් විසින් පවරන ලද බොරු නඩුවකට වරද පිළි නොගැනීම ගැන උරන වූ කොළඹ අංක 04 මහේස්ත්‍රාත් උසාවියේ, ලේඛනාගාරයේ ලිපිකාරිනියක්, එම නඩු වාර්තාව ඉරා දමා, සැකකරුව පීඩාවට පත් කිරීම පිළිබ ආශ්චර්යමත් පුවතකි මේ.

මේ පිළිබ සැකකරු වන 18 හැවිරිදි පාසල් සිසුවෙකු ගේ පියා අධිකරණ සේවා කොමිෂන් සභාවට කර තිබෙන පැමිණිල්ලට අනුව තම පුතාව නීති විරෝධි ව අත්අඩංගුවට ගෙන පාරේ බියර් බිව්වා කියා චෝදනාවක් දමා කොළඹ අංක 04 මහේස්ත්‍රාත් උසාවියට ඉදිරිපත් කළේය.

එම චෝදනාවම නගා ඉදිරිපත් කළ ඔහුගේ මිතුරා දුප්පත්කම් නිසා අමූලික  බොරු චෝදනාවට වරදකර බව පිළිගෙන රුපියල් 5000/= ක දඩය ගෙවීය.

එහෙත් මොහු වරද පිළි ගත්තේ නැත. නිවැරදිකරු බව කියා ඇප මත නිදහස්ව, නඩු විභාගයට මුහුණ දීමට අදිටන් කර ගත්තේය.

නඩු කියන්න නඩු වාර්තාව ලබා ගත යුතුයි. ඒ අනුව නඩු වාර්තාවේ සහතික පිටපතක් ඉල්ලා ඇයදුමක් කොළඹ අංක 04 මහේස්ත්‍රාත් උසාවියේ රෙජිස්ට්රාරවරිය වෙත ඉදිරිපත් කළේය.

ඒ අනුව අදාල මුදල් ගෙවා, නියම කරන ලද දිනයේ රෙජිස්ට්රාර් කාර්යාලයට ගියේ නඩු වාර්තාව ලබා ගැනීමටය.

නඩු වාර්තාව ඉල්ලූ විට, රෙජිස්ට්රාරවරිය එම ඉල්ලීම ලිපිකාරිණියකට බාර දෙයි. ඒ සහා අය කරන මුදලින් ගානක් එකී ලිපකාරිනියට හිමි වේ.

නියමිත දිනයේ අදාල ලිපිකාරිණිය නැති නිසා වෙනත් දිනයක එන ලෙසට රෙජිස්ට්රාර් කාර්යාලයේ සේවිකාවක් ඔහුට දැන්වීය.

මේ ආකාරයට දින 03 ක්ම ඔහු කාර්යාලයට ගියද, එකම දිනකවත් ඇය නැති බව පවසමින් වෙනත් දිනක එන ලෙස දැනුම් දුන්නා.

පසුදින පුතා වෙනුවට පියා යන ලදි. පියා ඇයි මෙහෙම කරන්නේ කියා ප්‍රශ්න කළේය. පියාගෙන් ගැලවීමක් නැති බව දැනගත් රෙජිස්ට්රාරවරිය නඩු වාර්තාව ලබා දීමේ වගකිම බාර ලිපිකාරිණිය කවුදැයි පොත පෙරලා බැලීය.

ඇය නමින් ශෂිකලා විය.

වැඩේ දුරදිග යන බව තේරුම්ගත් එක් කාරුණික ලිපිකාරිණියක් මැදිහත්ව වාර්තාව සෙවීය.

ඉරා විසිකර තිබෙන වාර්තාව හමු විය.

වහාම සෙලෝ ටේප් ගසා වාර්තාව යාවත්කාලීන කොට, එහි පිටපත් කර බාර දීමට පියවර ගත්තේය.

මේ අපේ අධිකරණය. මේ අහඹු සිදුවීමක්  ‍ෙනවේ. අධිකරණවෙල නඩු වාර්තා ගැනීමට අදාල පාර්ශවය ගිය විට මුහුණ දෙන සාමාන්‍ය දෙයකි.

නමුත් ඒ ගැන කතා කරන්නේද අයිතිය සහා ඉදිරිපත්  වන්නේ ද ඉතා ටික දෙනෙකි.

අංක 2499/04 දරණ එම නඩුවේ සැකකාර සුදේශ් රුවන්ත ගේ පියා වන ඩබ්.ඒ. සුනිල්  මහතා, අදාල බලධාරින්ට මේ පිළිබ පැමිණිල්ල කර තිබේ.






No comments:

Post a Comment