Sunday, June 8, 2014

උසාවි රෙජිස්ට්‍රා කූඨ ලේඛන සකස් කරලා.



පොලීසියේ හා නීතිඥවරුන්ගේ අවශ්‍යතාවයට මාරවිල මහේස්ත්‍රාත් උසාවියේ රෙජසිට්‍රාර් වරයා නඩු වාර්ථා කූඨ ලෙස සකස් කර තිබෙන බවට චෝදනා කරමින් මාරවිල පොලීසියට පැමිණිල්ලක් කර තිබේ.

මෙම පැමිණිල්ල කර තිබෙන්නේ මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින අංක 75241/සී දරන නඩුවේ පැමිණිලිකරුය. හේ නමින් ඇන්ටනී ජාන්ස්  ය.

ඔහු ප්‍රකාශ කරන්නේ, මාරවිල පොලීසිය 2012.12.24 වන දින, මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයේ පවරන ලද බී 1461/12 දරන නඩුවේ වාර්තාව තමා, 2013.07.17 වන දින, නිසි පරිදි ලබා ගත් බවයි.

එම වාර්තාව පරීක්ෂා කිරීමේදී, දැනට පවත්වාගෙන යන 75241/සී දරන නඩුවට ගොනු වී තිබෙන නඩු වාර්තාවේ සත්‍ය පිටපත් බවට සටහනක් යොදා තිබෙන බව ට හෙළිවු බවයි.

මෙය වංචනිකව කරන ලද්දක් බව ඔහු අවධාරණය කරයි.

මාරවිල  මහේස්ත්‍රාත් අධිකරණයේ නීතිඥවරයෙකු වන ඉන්ද්‍රරසිරි සේනාරත්නට එරෙහිව, ඇන්ටනී ජාන්ස් මහතාගේ පැමිණිල්ල මුල් කරගෙන බී 1461/12 දරන නඩුව පවරණ ලදි.

මෙම නඩුවේදී සැකකරුවූ නීතිඥ ඉන්ද්‍රරසිරි සේනාරත්න, අධිකරණය නියම කළ ඇප කොන්දේසි සම්පූර්ණ නොකර, අයුතු ලෙස මග හැරියේය.

එම තත්ත්වය තුළ මාරවිල පොලීසිය මගින් එකී නඩුව ඉල්ලා අස්කරවා ඒ වෙනුවට 75241/සී නඩුව ආදේශ කළේය.

මේ පිලිබඳව ඇන්ටනී ජාන්ස් මහතා තමාම, තමා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටිමින්, කරුණු දක්වමින් ඉහත කරුණු හෙළි කර තිබේ.

මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජසිට්‍රාර් වරයා, එකි තත්ත්වය තුළ මේ ආකාරයට අධිකරණය නොමග යැවීමට නඩු වාර්තාව කූට ලෙස වෙනස් කර තිබෙන බව ඇන්ටනී ජාන්ස් මහතා චෝදනා කර සිටී.


No comments:

Post a Comment