Saturday, June 7, 2014

මානව හිමිකම් කොමිෂමේ පොලිස් ගැත්තෙක්


පොලිස් නීති විරෝධී ක්‍රියාවන් පිළිබ පැමිණිලි කිරීමට එන වින්දිතයින් අධෛර්යට පත් කරන මානව හිමිකම් කොමිෂමේ පොලිස් ගැත්තෙකු පිළිබ කතාවයි මේ.
මෙවර අ.පො.ස. (උ.පෙළ) විභාගයට පෙනී සිටින තරුණ ශිෂ්‍යෙයකු අත්අඩංගුවට ගෙන බොරු නඩු පැවරීම පිළිබ පැමිණිල්ලක් කිරීමට, මානව හිමිකම්  කොමිෂමට ගිය අංගොඩ සුනිල් මහතාට සිදුවූයේ විමර්ශන නිලධාරියෙකුගේ පයිතියන් ප්‍රශ්න වලට පිළිතුරු දෙන්නටය.
සුනිල් මහතා පවසන අන්දමට 2014.02.17 වන දින, මානව හිමිකම්  කොමිෂමට ගිය විට ඔහු පිළිගැනීමේ කවුන්ටරය අසල කාමරයකට යොමු කරන ලදි. එහි සිටි මහතා, දුටුවොත් අුනා ගන්නට හැකි, සිද්ධිය හා අදාල පසුබිමද විස්තර වශයෙන් අසා සිටියේය.
ඒ අනුව, සිද්ධිය හා සිද්ධිය ට අදාල පසුබිමද සුනිල් මහතා විමර්ශන නිලධාරියාට ප්‍රකාශ කර සිටියේය.
විමර්ශන නිලධාරියා, සුනිල් මහතාගෙන් ප්‍රශ්න 02 ක් අසා සිටින ලදි.
1       වන ප්‍රශ්නය  - ඇයි පරණ ත්‍රීවිල් එකක් ගත්තෙ අලුත් එකක් ගන්න තිබුණනෙ.
2       වන ප්‍රශ්නය - ඔය වැඩේට ඇයි පුතාව යැව්වේ, වෙනත් අයෙකු යවන්න තිබුණනෙ.
එම ප්‍රශ්න 02 ට සුනිල් මහතා දුන්න පිළිතුරු මෙසේය.
1.     මහත්තයා, අලුත් ත්‍රීවිල් එකක් ගන්න ඉතුරු සල්ලි ටික දෙනවාද?
2.     පුතා යැව්වෙ යවන්න වෙන කවුරුත් හිටියේ නැති හින්දා, ඒ වැඩේට මහත්තයා එනවාද?
රු ජුවල් ගිය විමර්ශන නිලධාරියා වහා පෝරමය දී එය පුරවා දෙන්න යැයි සුනිල් මහතාට කියා සිටියේය.
සුනිල් මහතා තමාට හැකි අයුරින් පෝරමය පුරවා දෙන ලදි. එය බාර ගත් විමර්ශන නිලධාරියා අංකයක්ද ලබා දෙන ලදි.
මාස තුනකට ආසන්න කාලයක් ගතව ඇතත් තවමත් විමර්ශනය ආරම්භ කර නැති බව පෙන්වා දෙන සුනිල් මහතා නොපමාව තම පැමිණිල්ල පිළිබ විමර්ශන ආරම්භ කරන ලෙසට මානව හිමිකම් කොමිෂන් සභාෙෙන් ඉල්ලා සිටී.



No comments:

Post a Comment