Sunday, June 8, 2014

කාගේවත් නඩුවකට මාව ගෙයින් එලියට ඇද දැම්මා.




බඩුත් හාමුදුරුවන්ගේ, නඩුත් හාමුදුරුවන්ගේ, මහේස්ත්‍රාත් අධිකරණයේ වැරැද්ද වහගන්න නීතිඥයෝ ඇපෑල අයින් කර ගත්තා.

මේ බව ප්‍රකාශ කරන්නේ, වතුකම්කරුවෙකු වූ  නුවරඑළියේ විජේරත්න ලියනගේ මහතාය.

වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය මගින් විශ්‍රාම ගිය වතු කම්කරුවන්ට, ඉන්න හිටින්නට තැනක් නොදී, ඔවුන් පදිංචිව සිටි නිවාස වලින් දොට්ට නොදැමිය යුතු බවට තීරණයක් පවතී.

එම තීරණයට පටහැනිව යමින්, අධිකරණ නියෝග ලබා ගෙන විශ්‍රාම ගිය වතු කම්කරුවන්, වත්මන් වතු පාලනය කර සමාගම් වල අවශ්‍යතාවයට, ඔවුන් පදිංචිව සිටි නිවාස වලින් එළියට දැමීමට  වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ නිසි බලධාරිණී ප්‍රිරදර්ශණී යාපා නැමැත්තිය ක්‍රියා කර ඇති බව ඔහු වැඩිදුරටත් කියා සිටී.

විජේරත්න ලියනගේ හා ඔහුගේ පවුල වත්තේ නිවසින් එලියට දැමීමට පළමුව නඩු පවරන්නේ නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයේය.

රීති ප්‍රශ්නයක් මත නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය මෙම නඩුව ඇසීමට බලයක් නැති බව තීරණය කරයි.

ඒ අනුව එම නඩුව වලපනේ මහේස්ත්‍රාත් අධිකරණයට මාරු කරයි. ඒ අවස්ථාවේ විජේරත්න ලියනගේ මහතාට අධිකරණය උපදෙස් දෙන්නේ, වලපනේ මහේස්ත්‍රාත් අධිකරණයෙන් සිතාසි ලැබුණ විට එම අධිකරණය ඉදිරියේ පෙනී සිටින ලෙසටය.

නමුත් විජේරත්න ලියනගේ මහතාට සිතාසි ලැබෙන්නේ නැත. නමුත් නඩුවක් අසා ඔහුව නිවසින් දොට්ට දැමීමට මහේස්ත්‍රාත්වරයා තීන්දු කර ඇති බව ඔහුට ආරංචි වේ.

ඔහු වහා වලපනේ මහේස්ත්‍රාත් අධිකරණයට ගොස් විමසූ විට, කාරණය ඇත්ත බව වැටහිණ.

මේ අතර, විජේරත්න ලියනගේ නිවසේ නොසිටි අවස්ථාවක උසාවි නියෝගය රැගෙන පැමිණි පිස්කල්, වතු අධිකාරී හා ග්‍රාම නිලධාරී එක්ව විජේරත්න ලියනගේ මහතාගේ නිවස කඩා, අලුත් ඉබි යතුරු දමා දැන්වීමක් ගසා ගොස් තිබිණ.

නඩු වාර්තා රැගෙන, වලපනේ මහේස්ත්‍රාත් අධිකරණයේ තීන්දුව වෙනස් කරන ලෙසට, ඉල්ලා නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයට අභියායචනයක් ඉදිරිපත් කරන ලෙසට නීතිඥ උපදෙස් ලැබිණ. ඒ අනුව ඔහු කටයුතු කළේය.

නඩු වාර්තාවේ ඔහුට පවරා තිබුණ නඩුව වෙනුවට, වෙනත් අයෙකුගේ නඩු වාර්තාවක් අමුණා ඒ මත තීරණය ගෙන තමාව ගෙයින් දොට්ට දමා ඇති බව ඉතා පැහැදිළිය.

එහෙත් තමන් වෙනුවෙන් ඉදිරිපත් වූ නීතිඥවරයා කළේ නඩුව ඉල්ලා අස්කරගන්නා බව මහාධිකරණය ඉදිරියේ කියා සිටීමය.

මෙය ඉල්ලා අස්කර ගැනීමට එකම හේතුව විජේරත්න ලියනගේට එරෙහි නඩුව, ඔහුට සිතාසි නොයවා, විගාක කර ඔහුව නිවසින් දොට්ට දැමීමේ තීරණය හෙළිදරව් වීම වැලික්වීම සහ එම තීරණය ගැනීමට කූඨ ලෙස වෙනත් අයෙකුගේ නඩු වාර්තාවක්,  විජේරත්න ලියනගේ මහතාගේ නඩු වාරත්වට අමුණා එම තීරණය ගැනීම මගින් කළ අපරාධය වසන් කිරීමට බව ඔහු පැහැදිලිව කියා සිටී.

අප රටේ අධිකරණ පද්ධති තුළ විවිධාකාරයේ සිදුවන දූෂණ පිළිබඳව කතා කිරීම වලක්වා ඇත්තේ මේ දූෂණ වලින් අයුතු ප්‍රෙයා්ජන ලබන වාසි ලබන මේ රටේ උගත් යයි කියා සිටින පිරිස රැකීමටය.

අධිකරණය මගින් මෙවන් අපරාධ සිදුකරාවිය යන්න විජේරත්න ලියනගේ කිසි දිනක සිතුවේ නැත.
මෙය අහඹු සිද්ධියක් නොවන බවත් ප්‍රකාශ කරමු.




No comments:

Post a Comment