Friday, June 6, 2014

බොරු නඩු දාන්න දොස්තරවත් හවුල් කරගෙන


බොරු නඩු දැමීමට හා අපරාධය වසන් කිරීමට පොලීසිය සමග වෛද්‍යවරුත් ඉදිරිපත් වෙලා.
අත්අඩංගුවට ගත් සැකකරුවෙකු අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර, රජයේ වෛද්‍යවරයෙකු හමුවට පත් කිරීම නීතිමය අවශ්‍යතාවයක්.
මෙම නීතිමය අවශ්‍යතාවය, පොලීසිය හා සමහර වෛද්‍යවරු එකතු වී අපරාධ වසන් කිරීමට හා බොරු නඩු දැමීමට උපයෝගී කරගනු ලබනවා.
හික්කඩුව පොලීසියේ, නීති විරෝධී ක්‍රියාවන් පිළිබඳව නොසැලී ක්‍රියා කරන හැරිසන් මහතා ට විරුද්ධව හික්කඩුව පොලීසිය 2008.04.02 වන දින, බීමත්ව, අශෝභන ලෙසට හැසිරීම යන චෝදනාව යටතේ බොරු නඩුවක් පවරනවා.
සම්ප්‍රදායට අනුව මේ වගේ චෝදනාවක් අභියෝග කරන්නේ නෑ. නීතඥයෙකු මගින් ඉදිරිපත් වෙලා වරද පිළි ගන්නවා. නීතඥවරයාට ගාස්තුවත් ගෙවලා දඩයකුත් ගෙවලා හැමෝගෙම අම්මලාට බැන බැන ගෙදර යනවා.
මේ නඩු වලින් ආණ්ඩුව දිනනවා. නඩුකාරයාත් දිනනවා. පොලිස්කාරයොත් දිනනවා.
හෙණ ඉල්ලුවාට වදින්නේ නැති වුණත් කරන්න පුළුවන් එකම දෙය එය කියලා හිත සනසා ගන්නවා.
නමුත් හැරිසන් මහතා, එසේ කරන්නේ නෑ. ඔහු නිවැරදිකරු බව කියනවා. පොලීසිය සාක්ෂි සඳහා පොලිස්කාරයෝ දෙන්නෙක්ව හා හැරිසන් මයාව පරීක්ෂා කළ, හික්කඩුව රජයේ රෝහලේ ප්‍රදාන වෛද්‍ය නිලධාරී කේ.කේ.එස්.පී.සී. කොඩිතුවක්කු ව ඉදිරිපත් කරනවා.
මේ නඩුව අහන්න පටන් ගන්නවා. ඉවර වෙන්නේ 2014.04.28 වන දින. එනම් වසර 06 කට පසුව. නඩුවෙන් හැරිසන් ව නිදොස් කොට නිදහස් කරනවා.

තවදුරටත් නිහඬව සිටිනවාද? සමහර වධහිංසාව ගැන කතාකරන රාජ්‍ය නොවන සංවිධාන ඩොලර් මිලියන ගනන් අරගෙන කරන්නේ, ඉංග්‍රීසියෙන් කතා කරමින්, ඉංග්‍රීසියෙන් ප්‍රකාශ ගසමින් සංචාර කරමින් මුදල් ගරා ගැනීම බව වගකීමෙන් ප්‍රකාශ කරනවා.

No comments:

Post a Comment