Monday, June 9, 2014

තෙලිකඩ පොලිසිය යලිත් ග්‍රීස් යකාට අඳියි.



තෙලිකඩ පොලිසිය ගංජා ලග තබා ගත් බවට බොරු නඩු දාන්නේ - පොලිසියට විරුද්ධව මා පවරා තිබෙන නඩුවට බලපෑම් කරන්න.

ගිනිමැල්ලගහ, 20 හැවිරිදි - සජිත් සුරංග පැමිණිලි කරමින් කියා සිටින්නේ - 2011 වසරේ ආණ්ඩුව රට පුරා ග්‍රීස් යක්කු නටවපු කාලයේ - තමාව අල්ලාගෙන ගොස් දස වධ දී, බොරු නඩු දමා, රිමාන්ඩ් බාරයට පත් කරනු ලැබූ බවයි.

2011.08.23 දින, ඔහුට පවරන ලද බොරු නඩුවෙන්, නිදොස් කොට නිදහස් වුනේ 2013.06.20 දින. වසර දෙකක් ඔහු නඩු කිව්වා.

මෙම බොරු නඩු දැමීම හා වධහිංසා පැමිණවීම සම්බන්ධයෙන් ඔහු තෙලිකඩ පොලිසියට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩුවක් ගොණු කලා.
එම නඩුව විභාගයට ගෙන තිබේ.

මෙම පසුබිම යටතේ, සජිත් සුරංගට කෙනෙහිලිකම් කරන තෙලිකඩ පොලිසිය, පසුගියදා අත්අඩංගුවට ගෙන, ගංජා ලග තබාගත් බවට බොරු නඩුවක් දැම්මේ - මූ තමයි අපිට විරුද්ධව නඩු දාලා තියෙන්නේ - පුලුවන්නම් නඩු කියලා දිනපන් කියමින්ය.

මේ ආකාරයට - සජිත් සුරංගට පොලිසිය බලපෑම් කරන්නේ, ආණ්ඩුවේ උවමනාවට බව - ඔහුට දැන් වැටහී තිබේ.


No comments:

Post a Comment