Monday, June 9, 2014

ස්ත්‍රී දූෂකයින්ට මෝඩිගේ අනුකම්පාව



ඉන්දියාව පුරා පැතිර යන ස්ත්‍රී දූෂණ, රංචු ගැසී කරනු ලබන ස්ත්‍රී දූෂණ හා දූෂණය කර මරා දැමීම් පිළිබදව - වත්මන් මෝඩිගේ ඉන්දීය ආණ්ඩුව අනුගමනය කරන්නට සූදානම් ලිහිල් ප්‍රතිපත්තියට එරට ජනතා විරෝධය එල්ලවෙමින් පවතී.

චටිස්ගුහාර් ප්‍රාන්ත ආණ්ඩුවේ මෝඩි පාක්ෂික ස්වදේශී කටයුතු ඇමති - රාම් සේවක් පයිකරා ප්‍රකාශ කරන්නේ - ස්ත්‍රී දූෂණ අහම්බෙන් සිදුවන දෙයක් බවයි.

පාලක භාරතීය ජනතා පක්ෂයේ නායකයකු වන මොහු ප්‍රාන්ත ආණ්ඩුවේ නීතිය හා පිළිවෙල පිළිබදව ඇමතිවරයාද වේ.

මෙයට පෙර අවස්ථාවක, මෝඩිගේ පක්ෂයේ එනම්, භාරතීය ජනතා පක්ෂයේ, උත්තර ප්‍රදේශයේ මහ ඇමති - අකිදේෂ යාදෙව් ස්ත්‍රී දුෂකයින්ට මරණ දඩුවම පැමිණවීම ඇතුලු තද බල දඩුවම් පැමිණවීමේ නීති වලට එරෙහිවූයේ - කොල්ලන් වැරදි කරනවා තමයි පවසමින්ය.

මේ දක්වා - ඉන්දියාව පුරා පැතිර යන ස්ත්‍රී දූෂණ රැල්ලට විදේශකයින්ද ගොදුරු වී තිබේ.


එහෙත්, වත්මන් අගමැති මෝඩි මේ පිළිබදව තවමත් නිහඩව සිටීම ගැන, විශේෂයෙන් එරට කාන්තා සංවිධානවල විරෝධය හේතු වී තිබේ.

No comments:

Post a Comment