Sunday, June 8, 2014

දුම්රිය මගියාට පහර දුන් මැරයින් අත්අඩංගුවට ගන්නේ නෑ.......



රාජපක්ෂ ආණ්ඩුවේ ගුන්ඩන් පිරිසක් මැයි 20 වන දින, වරකාපොලදී මහව - කොටුව කාර්යාල දුම්රියේ රියදුරාට පහර දෙන ලදි.

එයට හිලව්වට, දුම්රිය රියදුරන්, ආරක්ෂකයින් හා මරදාන පොලීසිය එක්ව, එම දුම්රියෙන් පැමිණි කාර්යාල සේවකයින්ට පහර දෙන ලදි.

මේ පහර දීම් දෙකම රාජපක්ෂ ආණ්ඩුවේ ගුන්ඩන් විසින් කරන ලද්දකි.

අද දක්වාම, වරකාපොල දුම්රිය රියදුරාට පහර දුන් පිරිසේ එකෙකුවත් අල්ලාගෙන නැත. අඩුම වශයෙන් ඒ ගැන පරීක්ෂණ ද නැත.

එම සිද්ධිය හිලව් කරවන්නට රාජපක්ෂ ආණ්ඩුව සිය ගුන්ඩන් ලවා මගීන්ට ගැස්සවීය.

අධිකරණ නියෝගයක් දී තිබිය දී එම නියෝග ගණන් නොගන්නා පොලීසිය, මරදානේදී මගීන්ට පහර දුන් දුම්රිය මැරයින් අත්අඩංගුවට ගන්නේ නැත.

ඒ වෙනුවට බරපතල ලෙස පහර කෑමට ලක් වූ මගීන් දෙදෙනෙකුට විරුද්ධව නඩු පවරයි.

මෙය පොලීසිය සිදුකරන සාමාන්‍ය ක්‍රියාවකි.

මෙම මගීන් දෙදෙනා තවමත් රෝගාතුරව සිටින අතර, පොලීසිය මැරයින් ආරක්ෂා කරමින් සිටී.















No comments:

Post a Comment