Monday, April 4, 2016

පොලිස් නීති විරෝධී ක‍්‍රියාවන්ට, රු: 1,50,000/= ක වන්දිය ගෙවන්න රජයට සිදුවෙයි.



කටුගස්තොට පොලිසියේ හය දෙනෙකු පුද්ගලයෙකුගේ මූලික අයිතීන් උල්ලංගණය කලාට, වන්දි වශයෙන් එම පුද්ගලයාට රුපියල් ලක්ෂ එකහාමාරක් ගෙවන්න රජයට නියම කරන ලදි.
පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණය රජයට නියෝග කළේ, 2007 වසරේ කටුගස්තොට විජොට්මන් මහතාව අත්අඩංගුවට ගෙන, රඳවාගෙන වධදීම සම්බන්ධයෙන් ඔහු විසින් පවරන ලද මූලික අයිතිවාසිකම් නඩුවේ තීන්දුව ප‍්‍රකාශයට පත් කරමින්ය.
විජොට්මන්න මහතා 2007.02.04 වන දින, කටුගස්තොට නගරයේදී බස් රථයකට ගොඩ වූ විට පාපුවරුවේ ඉඩ හරස් කරමින් සිටි පුද්ගලයෙකුට ඉඩදෙන්න යයි කිව්විට - එම පුද්ගලයා මොහුට පයින් ගසා තිබේ. එ් අවස්ථාවේ වචන හුවමාරුවක් සිදුව තිබේ.
පසුදින උදේ - කටුගස්තොට පොලිසිය ඔහුව අත්අඩංගුවට ගෙන, වධදී, සුපුරුදු පරිදි ගංජා සමග නුවර මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.
මෙම ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවේදීත්, පොලිසිය බොරු නඩු දැමීම ගැන, නීති විරෝධී අත්අඩංගුවට ගැනීම හා වධදීම් ගැන අවධානය කැඳවන අතර අත් අඩංගුවට ගන්නා පුද්ගලයින් මහේස්ත‍්‍රාත් අධීකරණයට ඉදිරිපත් කිරිමේ දි, පොලිසියේ ක‍්‍රියා කලාපය ගැන - විනිසුරුවරු විනිසුරු මනසකින් යුතුව කරුණු සලකා බැලිය යුතු බව අවධාරණය කර තිබේ.
එවක කටුගස්තොට පොලිසියේ සේවය කල, පොලිස් පරීක්ෂක සමරකෝන්, උප පොලිස් පරීක්ෂක බණ්ඩාර, පොලිස් සැරයන් දිසානායක, පො.කො. 47093,  29277 හා පො.සැ.ජයවර්ධන වගඋත්තරකරුවන් ලෙසට මෙම නඩුවේ නම් කර තිබිණ.
විජොට්මන්න මයා වෙනුවෙන් නීතිඥ ජේ.සී.වැලිඅමුණ මයා පනී සිටි අතර, ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු - චන්ද්‍ර එ්කනායක, ජනාධිපති නීතිඥ විනිසුරු වනසුන්දර, ජනාධිපති නීතිඥ විනිසුරු ජයවර්ධන යන ත‍්‍රී පුද්ගල විනිසුරු මණ්ඩලය හමුවේ විභාග විය. මෙම නඩුවේ තීන්දුව ප‍්‍රකාශයට පත්කළේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු චන්ද්‍ර එ්කනායක මහතාය.
සටහන

මෙම තීන්දුව පොලිස් කොමිෂම හා සංක‍්‍රාන්තික යුක්තිය පිලිබඳව කතා කරන විද්වතුන්ගේ අවධානයට යොමුවිය යුතුයි.

No comments:

Post a Comment