Friday, April 15, 2016

වධහිංසාවෙන් සපිරි ශ‍්‍රි ලංකාවක් උදෙසා පොලීසීය සුර්ය මංගල්‍යය සමරයි. පරණ අවුරුද්දෙන් පටන් අරන්, නැකතටත් පණදෙයි.


පරණ අවුරුද්දේ අත්අඩංගුවට ගෙන, මේ ලියන මොහෙත දක්වාම 19 හැවරිදි තරුණයෙකු රඳවා ගෙන වධ දෙන පානදුර දකුණ පෙලීසිය, ආණුඩුවේ යහපාලනය, සංහිඳියාව හා නීතිය, ලැබුවා වු නව වසරේ දිත් විගඩමක් බවට පත් කරන බවට සපත කරයි.
2016.04.15 දින, 43 හැවරිදි ශ‍්‍රියාලතා ප‍්‍රකාශ කරන පරිදි, නිවසේ සිටි තම 19 හැවරිදි කිතුම් පුතාව, 10 වන ඉරිදා දවල් 1.00ට පමණ අත්අඩංගුවට ගත්තේ සිවිල් පිට යතුරු පැදියකින් පැමිණි පානදුර දකුණ පොලිසියේ නිලධාරින් දෙදෙනෙකු විසිනි. ඔවුන් පැමිණි යතුරු පැදැයේ මැද තියාගෙන පුතාව රැුගෙන ගිය ද, කාරණය කියා නැ.
එදින සිට අද දින දක්වාම පොලිසියේ රඳවා ගෙන වධදෙනු ලබන බව පවසන ඇයථ විටින් විට කුඩුවෙන් එලියට අරන් උඩ තට්ටුවේ අපරාධ අංශයට ගෙන ගොස් පහර දෙන බවත්, මේ වන විට ා. වැඩියෙන් ම ගහලා තියෙන්නේ යටි පතුවලට බව කියා සිටි. මෙම වධදීම් කරන්නේ අපරාධ අංශයේ ටෙරන්ස් සිල්වා නැමැති නිලධාරියා බවද ඇය වැඩිදුරටත් කියා සිටි.
දින 10ක් ගතව ඇතත් පුතාව උසාවියට දාන්නේ නැත්තේ තුවාල නිසා බවද, බොරු චොදනා දාලා උසාවි දාන්න හදන බවද සඳහන් කරයි.
යහපාලනය යනු නීතිය මත පාලනයයි. රටක පොලීසිය ආණ්ඩුවේ ප‍්‍රපත්ති වලට පටහැනිව යමින් නිතිය රකින ආයතණයක් බවට පත් කරන්නට බැරි නම්, යහපාලනය විගඩමක් වනු ඇත. පොලිස් කොමිසම උදවිය නින්දෙන් ඇහරෙන්නේ නැතිවම සුරලොව යයිද?


No comments:

Post a Comment