Tuesday, April 5, 2016

පනදුර උතුර පොලිසියේ වධකයින් 8කට හා ආණ්ඩුවට වන්දි ගෙවන්න සිදුවෙයි මු`ඵ වන්දිය රු: 85,000/=යි.


DIG වරයෙකු විසින් ඉදිකරගෙන යනු ලැබූවායයි කියනු ලැබූ සුවිසල් මැදුරකට සවිකරන්න ගෙනා ටයිල් සොරකම් කල බවට පානදුර, කෙසෙල්වත්තේ, ත‍්‍රී රෝද රියදුරෙකු වූ දිනේෂ්ව, 2011 ජනවාරි 23 අත්අඩංගුවට ගෙන වධ හිංසවාට පත් කළේය. 
දිනේෂ්, 2011 ජූනි මස 27 වන දින, පානදුර උතුර (කෙසෙල්වත්ත) පොලිසියේ නිලධාරීන් 8කු හා තවත් 8කුට එරෙහිව මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කරන ලදි. 
මෙම නඩුව 2014.07.17 වන දින, විභාගයට ගත් අතර, තීන්දුව 2016.04.01 ප‍්‍රකාශයට පත් කරනු ලැබීය.
විනිසුරු චන්ද්‍ර එ්කනායක, විනිසුරු ප‍්‍රියසාත් ඩෙප් හා විනිසුරු බුවනෙක අ`ඵවිහාරේ යන ත‍්‍රී පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මණ්ඩලය ඉදිරියේ විභාග වූ මෙම නඩුවේ- 
පෙත්සම්කරු දිනේෂ් වෙනුවෙන් නීතිඥ සරීටා ද ෆොන්සේකා මෙනවිය පෙනී සිටි අතර, වගඋත්තරකාර පොලිස් නිලධාරීන් 8 දෙනා වෙුවෙන් පෙනී සිටියේ ජනාධිපති නීතිඥ දුලින් ද වීරසූරිය මයාය.
මෙම නඩුව ආරම්භයේදී, ජනාධිපති නීතිඥ දුලින්ද වීරසූරිය මයා, මෙම නඩු පවරා ඇත්තේ, දින 30 ඉක්ම ගිය පසුව බව පෙන්වා දෙමින්, එ් මත නඩුව විසි කරන ලෙසට අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
එම නීති තර්කය ශ්‍රේෂ්ඨාධිකරණය ප‍්‍රතික්ෂේප කළේය. එහිදී, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ ප‍්‍රතිපාදන හා මානව හිමිකම් කොමිෂම් සභා පනතේ ප‍්‍රතිපාදන සැලකිල්ලට ගනිමින්, මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කිරීමට නියමිත දින 30 කාලය පිළිබඳව අර්ථකතනයක්ද ලබාදෙන ලදි. 
එ් අනුව ගත්කල මෙම නඩු තීන්දුව මූලික අයිතිවාසිකම් නඩු පැවරිමේ කාල සීමාව හා මානව හිමිකම් කොමිෂමට පැමිණිලි කිරීම පිලිබඳව ලබාදුන් වටිනා තීන්දුවකි.
මෙම නඩුවේ ඉදිරිපත්වූ කරුණු සලකා බලා, ජානාධිපති නීතිඥ විනිසුරු බුවනෙක අ`ඵවිහාරේ මහතා, සෙසු විනිසුරුවරුන්ගේ එකඟතාවය මත ප‍්‍රකාශයට පත්කල තීන්දුවෙන්, -
1. රජයට - වන්දි වශයෙන් රු: 20,000/=ක් හා නඩු ගාස්තු වශයෙන් රු: 10,000/= ක් වශයෙන් රු: 30,000/=ක් -
2. පානදුර උතුර පොලිසියේ (කෙසෙල්වත්ත),   පො.කො.61118, පො.කො.සමරවීර 66940, පො.කො.77994, පො.කො.රෝහණ කුමාර තනි තනිව රු: 10,000/= බැගින්ද,
3. වැඩ බැලූ ස්ථානාධිපති රම්‍යා ද සිල්වා රු: 15,000/= ක් ද,
දිනේෂ් ට ගෙවන ලෙසට නියම කරනු ලැබීය.
මේ අනුව ඔහුට නියමිත වූ මු`ඵ වන්දිය රු: 85,000/= කි.
මෙම නඩු තීන්දුවේ දී ද, වධහිංසා ව අවතක්සේරු කළ නොහැකි අයිතිවාසිකමක් බවත්, දරුණු අපරාධකාරයෙකුට වුවද වධහිංසාවෙන් මිදී සිටීමට අයිතිය තිබෙන බවත් අවධාරණය කර තිබේ. 
සටහන:- මේ පිළිබඳව රජයේ හා ජාතික පොලිස් කොමිෂමේ දැඩි අවධානයට ලක්කර පොලිස් වධදීම් බොරු නඩු දැමීම් වලක්වාලීමට දැඩි පියවර ගතයුතුයි. වධකයින් ආරක්ෂා කිරීම අපරාධයක් බව සියලූ දෙනා දැනගත යුතුයි.

විඩිෙයා්ව නරඹන්න





No comments:

Post a Comment