Saturday, April 9, 2016

ලොයර්ට උසාවි ගිහිල්ලා පු....... දීපන්! මට එක එකාට පු....... දෙන්න ඔනි නෑ!!, පොලීසියට ගිහිල්ලා බලා ගමු ..........!!! OIC අපරාධ, පනදුර දකූණ පොලීසිය.



පානදුර දකුණ පොලීසය සිදුකළ  ‘‘ නීති විරෝධීව අත්අඩංගුවට ගැනීම, ර`දවා ගැනීම හා නින්දා අපහස කිරීම’’ අදාලව, පානදුර දකුණ පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති ටෙරන්ස් ද සිල්වා ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසට, පානදුර නගරයේ රුපලාවන්නි වේදියකු විසින් මානව හිමිකම් කොමිෂන් සභාව ට, ජාතික පොලිස් කොමිෂන් සභාව ට හා , පොලිස්පතිවරයා ට කරන ලද ලිඛිත පැමිණිල්ලක් කරමින් ඉල්ලා සිටි.

හිටපු පොලිස් ස්ථානාධිපති වරයෙකුගේ දියණියකට එරෙහිව කලූතර මහේස්ත‍්‍රාත් අධිකරණයේ පවතින නඩුවක සාක්ෂිකරයා වු මොහුට බලපෑම් කිරිම සඳහා මෙම නීති විරෝධි ක‍්‍රියාව සිදුකරන්නට ඇති බවට සැකයක් පවති.

ඔහු සිය පැමිණිල්ලෙ මෙසේ සඳහන් කරයි.
2016.04.08 වන දින සවස 05ට පමණ මම, මාගේ, සැලොන් එකේ රාජකාරි කරමින් සිටියදි, පානදුර දකුණ පොලීසායේ නිලධාරි දෙදෙනෙක් සිවිල් පිට පැමිණ,වරෙන්තුවක ට අත්අඩංගුවට ගන්න අවශ්‍ය බව කියා සිටියා. එවිට මා, කලූතර මහෙස්ත‍්‍රාත් අධිකරණයේ පවතින, මා පැමිණිලිකාරය වන, අංක 16936 නඩුවට අදාලය වරෙන්තුව ආපසු කැඳවා ඇති බව පවසා, එ් හා අදාලව අධිකරණය නිකුත් කළ ලිපිය පෙන්නා සිටියා. එවිට එම ලිපිය පරික්ෂා කළ එම නිලධාරින් එය පිළිගෙන යන්න ගියා.

විනාඩි 10කින් පමණ, පානදුර දකුණ පොලීසියේ ජිප්රථය පැමිණයා. එහි ඉදිරිපිට සිවිල් ඇඳුමින් අසුන් ගෙන සිටි නිලධාරියා මට අතින් ජිප් රථය ලඟට කැඳෙව්වා. මා එවෙත ගියා. මා දැන ගත්තා නැවත මොවුන් පැමිණ ඇත්තේ පෙර සඳහා ‘‘වරෙන්තු’’ ප‍්‍රශ්ණයට බව. එ් නිසා මම, එම නිලධාරියාට දැනුම් දුන්නා ‘‘ කලූතර මහෙස්ත‍්‍රාත් අධිකරණයේ පවතින, මා පැමිණිලිකාරය වන, අංක 16936 නඩුවට අදාලය වරෙන්තුව ආපසු කැඳවා ඇති බව’’. එ විට එම නිලධාරියා ‘‘මට එවායින් වැඩක් නෑ, නැගපන් ජිප් එකට කිව්වා’’.

එ් අනුව මා ජිප් එකට නැග්ගා. ජිප් එක පොලිසියට නොගොස් අ`ථබොමුල්ල දෙසට ධාවනය කරන විට, මට බියක් දැනි, මා ගේ මහතාට දුරකථන ඇමතුමක් අරගෙන ‘‘මාව වරෙන්තු ප‍්‍රශණයට අත්අඩංගුවට ගෙන රැුගෙන යන බව කියන කොටම ඔක නවත්ව පන් කිවිවා’’. මම කිව් කථාකරන්නේ මාගේ නිතිඥ මහතාට බව. එවිට ඔහු ‘‘ලොයර්ට උසාවි ගිහිල්ලා පුක දීපන් කිව්වා’’. මම දුරකථනය විසංධිකලා. එ් සමග නිතිඥ මහතා මට දුරකථනයේන් කථා කළා. මට ඒ මහතා කිව්වා සහකාර පොලිස් අධිකාරි මහතා ‘‘වාහනයේ අංකය ඉල්ලන බව, කථා කරන්න ඔන බව’’ කියන්න කියලා. මම එ්ය නිලධාරිවරයාට කිව්වාම ‘‘ ඔහු මට එක එකාට පුක දෙන්න ඔනි නෑ, පොලීසියට ගිහිල්ලා බලා ගමු කියලා. උඹ කටවහ ගනින් කිව්වා. මා අසල සිටි සිවිල් සිට නිලධාරියා ‘‘ මු අපි ගැන දන්නවා, දන්නේ නැ වගේ ඉන්නවා කියා’’.

පැය තුකට පමණ පසුව පානදුර දකුණ පොලිසියට ගෙන ආවා. පැය බාගෙට පමණ පසුව ප‍්‍රකාශයක් ගන්න ඔනි කියා, උඩ තට්ටුවේ තියෙන, අපරාධ අංශයට ගෙන ගියා. එතන සිවිල් පිට හිටිය නිලධාරියෙක් මාගෙන් ප‍්‍රකාශයක් ගත්තා. මට අධිකරණය දුන්න වරෙන්තු ඉවත් කළ ලිපිය මට ආපසු දුන්නේ නෑ. ප‍්‍රකාශය කියවන්න හෝ කියවා තේරුම් කර දුන්නේ නෑ. බලෙන් අත්සන් ගත්තා.

මා එ් අවස්ථාවේ දැන ගත්තා මාව අත් අඩංතුවට ගත්තු නිලධාරියා අපරාධ අංශයේ ස්ථානාධිපති ටෙරන්ස් ද සිල්වා බව.

මෙහිදි මා විශේෂෙ ප‍්‍රකාශ කර සිටින්නේ මෙම සිද්ධියට අදාලව කලූතර මහේසත‍්‍රාත් අධකරණයේ පවතින අංක 16936 නඩුවේ විත්තිකාරිය නමෝජනි ජයසේකර, ෙදාඩන්ගොඩ පොලිසියේ හිටපු ස්ථානාධිපති ජයසේකර ගේ දිණියක් බව.

No comments:

Post a Comment