Saturday, April 9, 2016

ගැස් ලිපයි,ගැස් සිලින්ඩරයයි, බැරල් බාග දෙකක් යිෟෟ පොලිසිය මංකොල්ල කයි!!!


මෙම පොලිස් මංකොල්ලය සිදු කර ඇත්තේ බණ්ඩාරගම පොලීසියේ උ.පො.ප. දයාරත්න ප‍්‍රමුඛ නිලධාරින් පිරිසක්.
ගිහාන් මධුසංක හිටපු රණවිරුවෙක්. පොලිස් නිලධාරියෙකුගේ පුතෙක්. සත්ව ගොවිපොලක් පවත්වා ගෙන යන අයෙක්.
ඔහු මානව හිමිකම් කොමිෂන් සභාව, ජාතික පොලිස් කොමිෂන් සභාව හා පොලිස්පති වරයා ට ලිඛිතව කර තිබෙන පැමිණිල්ලේ මෙසේ සඳහන් වේ.
2016.04.02 වන දින උදේ 7.00 ට පමණ බණ්ඩාරගම පොලීසියේ නිලධාරින් තිදෙනෙක් නිවසට පැමිණ මා ගැන බිරිඳගෙන් විමසා තිබේ. කාරණය කියා නැහැ. මා එ් අවස්ථාවේ අසල වැඩකට ගොස් සිටියා. මව, මට දුරකථනයෙන් කථා කර කිව්වා පොලීසියේ ඇවිත් ඉන්නවා එන්න කියා. මා එ් විගසම නිවසට පැමිණියා.

මා එනවිට එම නිලධාරින් ගේ හා අවට සොදිසි කර තිබුනා. මා පැමිණි විගසම, උ.පො.ප. දයාරත්න, නිවසේ තිබු ගැස් ලිප, ගැස් සිලින්ඩරය හා බැරල් බාග පෙන්නා විස්තර විමසුවා. මා එ් සම්බන්ධ සියලූ විස්තර ඔහුට කිව්වා.

එ් සියල්ල අසා සිටි ඔහු, බැරල් බාග 2ක්,  ගැස් ලිප සහ ගැස් සිලින්ඩරය සමග මාව අත්අඩංගුවට ගනු ලැබුවා. ඉන් අනතුරුව ත‍්‍රිවිල් එක ක බරල් බාගයක්, ගැස් ලිප සහ ගැස් සිලින්ඩරය පටවා ගෙන ගිය අතර, අනෙක් බැරල් බාගය සමග මාව යතුරු පැදියකින් පොලීසියට ගෙන ආවා.

පොලිසියේ දි මාව කුඩුවට දැම්ම. සවස 4.00ට පමණ කූඩුව ඇතුලේ දි කොළ කැබැල්ලකට අඟිලි සළකූණු ගත්තා. ඉන් පසු මා ගේ පුද්ගලික තොරතුරු විමසා ලියන ලද ප‍්‍රකාශයකට අත්සන් ගත්තා. ප‍්‍රකාශය කියවන්න හෝ කියවා තේරුම් කර දුන්නේ නෑ. බලෙන් අත්සන් ගත්තා.
සවස 6.30ට පමණ, 2016.04.08 උසාවි එන ලෙසට දැනුම් දි පොලිස් ඇප මත නිදහස් කළා.

එ් අනුව, මා 2016.04.08 හොරණ මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් වුනා. මට විරුද්ධව ගෝඩා ලඟ තබා ගැනීම ගැන චෝදනාවක් දමා තිබුනා. මම එම චෝදනාව ප‍්‍රතික්ෂේප කළා. උසාවියට මාගෙන් ලබා ගත් බැරල් බාග දෙක, ගැස් ලිප සහ ගැස් සිලින්ඩරය ඉදිරිපත් කර තිබුනේ නෑ. එ් වායේ වටිනාකම රුපියල් දසදාහක් (රු.10,000/-* පමණ වේ.

මෙයින් පැහැදිලි වන්නේ උ.පො.ප. දයාරත්න මාගෙන් ලබා ගත් බැරල් බාග දෙක, ගැස් ලිප සහ ගැස් සිලින්ඩරය සොරකම් කර ඇති බවයි.

මා ගේ බිරිඳ ඇප දෙන අවස්ථාවේ පොලිසිය බැරල් බාග දෙක, ගැස් ලිප සහ ගැස් සිලින්ඩරය ලබා ගත් බවට ලියවිල්ලක් හෝ රිසිට් පතක් දෙන ලෙසට කරන ලද ඉල්ලීම, රිසව් එකේ සිටි  පොලිස් නිලධාරියා ප‍්‍රතික්ෂේප කර තිබුනා.





No comments:

Post a Comment