Saturday, April 16, 2016

අයමපාලනයකට අරඅඳින පාදුක්ක පොලිසිය.


අප්‍රිෙයල් 03 රෑ  7ට පමණ පාදුක්ක පොලිසියේ උ.පො.ප.සම්පත හා තවත් නිලධාරියෙක් යතුරු පැදියකින් පැමිණ, මානව හිමිකම් එකේ දාපු නඩු අයින් කරපන්. අරක්කු නඩුවට වැරදිකරු බව පිලිගනින් යයි කියමින්, අත්අඩංගුවට ගෙන යතුරු පැදියේ මැද තබාගෙන පාදුක්ක පොලිසියට ගනෙවිත්, දින 3ක් රඳවා තබාගෙන කසිප්පු බෝතල් 8ක් ලඟ තබාගත් බවට බොරු චෝදනාවක් ලියා අවිස්සාවේල්ල උසාවියට ඉදිරිපත් කරනු ලැබූ ලසන්ත කුමාර, අධිකරණසේදි චොදනා වලට නිවරැදි කරු බව කිව්ෙව්, නොකළ වැරදි වලට වැරදිකරු කියන්න ට තරම් නිවටයෙකු නොවන බව පෙන්වා දෙමින්ය. 
මාර්තු 02 වන දින, මෙම උප පොලිස් පරීක්ෂක සම්පත්, නීති විරෝධීව අත්අඩංගුවට ගෙන, වධ දී, බොරු චෝදනා මත උසාවියට ඉදිරිපත් කල අවස්ථාවේ, එම චෝදනාවලට නිවැරදිකරු බව ප‍්‍රකාශ කිරීම, මෙසේ දෙවන වරටද, ලසන්ත කුමාරව අත්අඩංගුවට ගෙන වධදි, බොරු නඩු දැම්මේ පළිගැනීමට බිය වැද්දීමට ය. 
පාදුක්ක පොලිසියේ ස්ථානාධිපති හා උ.පො.ප.සම්පත් ඇතුලූ නිලධාරීන් උත්සාහ ගන්නේ, යහපලනය වෙනුවට පවතින යමපාලනය තහවුරු කිරිමටය. 
මේ ශ‍්‍රී ලංකා පොලිසියේ  ඉහලයන්ගේ අනුග‍්‍රහය ඇතිව, පොලිසිය බාර ඇමතිගේ අනු දැනුම යටතේ, හා ජාතික පොලිස් කොමිෂමේ බෙලහීනකම උපයෝගී කරගෙන අනුගමනය කරන පොදු පිළිවෙතයි මේ.
මෙය වහාම නැවැත්වීමට යහපාලන ආණ්ඩුව පියවර ගත යුතුයි.
එසේ නැතිව ගොඩ නැගිය හැකි සංහිඳියාවක් නොමැති බව අවධාරණය කරමු.
පහත දැක්වෙන්නේ, ලසන්ත කුමාර මුහුණ දුන්න, සිද්ධීන් දෙක පිළිබඳව මානව හිමිකම් කොමිෂමට, ජාතික පොලිස් කොමිෂමට හා පොලිස්පති අමතා ඉදිරිපත් කරන ලද පැමිණිලි දෙකයි. 
රටේ මානව හිමිකම් තත්වය ගැන එක්සත් ජාතීන් මොනවා කිව්වත් යථාර්තය මෙම සිද්ධීන්ගෙන් පැහැදිලි වනු ඇත. 

1. 2016.03.10 දින පළමු පැමිණිල්ල:- 
‘‘ අත්අඩංගුවට ගෙන, වධ දී, බොරු නඩු දැමීම.
2016 මාර්තු 02 වන දින උදේ 10.00 ට පමණ, මිල්ලෑව රාජ්‍ය වතු යායේ, මී හරක් 23 කු කවන්න දිගේලි කර, එම සතුන් බලාගෙන හිටියා. 
එසේ සිටින විට, හතර දෙනෙක් මා අසලට ආවා. ඔවුන් පොලිස් නිලධාරීන්. එක් අයෙක් පමණක් නිල ඇඳුමින් සිටියා. ඔවුන්ගේ නම්, උ.පො.ප. සම්පත්, කොස්තාපල්වරුන් වන පසිඳු, විශ්ව හා සිල්වාය. ඔවුන් දුටුවොත් අඳුරන්න පු`ඵවන්. ඔවුන් සියලූම දෙනා පාදුක්ක පොලීසියට අයත් අය.
එස්.අයි. සම්පත් නිල ඇඳුමින් සිටියා. මට කිව්වා දීපන් අරක්කු කියා. මම කිව්වා අරක්කු විකුණන්නේ නෑ කියලා. 
මට එච්චරයි කියන්න හම්බ වුනේ, එස්.අයි. සම්පත් මිට මොළවා මගේ මුහුණට හතර පස් වතාවක් ගසා, පිස්තෝලය ඇදලා අරන් පිස්තෝලයේ මිටෙන් කටට ගැහැව්වා. ලේ දැම්මා. ඊට පස්සෙ බිම දමා දෙන්නෙක් අත්දෙක උඩ නැග පාගා, එක් අයෙක් පපුව උඩට නැග්ගා. ඊට පසුව පොලූවලින් ගහන්න පටන් ගත්තා. මට කල්පනාව නැති වෙනකම් ගැහැව්වා. නැගිට ගන්න බැරිවුණා. ඊට පස්සෙ මාව අත් දෙකෙන් ඇගෙන හරක් මඩුව ළඟට ගෙනත් දැම්මා.  
මඩුවේ ඇතුලේ ඉඳන් බත් පිඟාන අතේ අරගෙන මා සමග වැඩ කරන සිරිඥන එළියට ආවා. එස්.අයි. සම්පත් සිරිඥන ළඟට ගොස් ඔහුට ගහන්න පටන් ගත්තා. වැටුණු සිරිඥනට එස්.අයි. සම්පත් පයින් ගැහුවා. 
ඊට පස්සෙ මගේ ළඟට ඇවිල්ලා මාගේ අත් දෙකෙන් අල්ලා බිම දිගේ මීටර් 200 ක් විතර එහා තිබූ පාරට ඇදගෙන ආවා.
එතැන බටර් පාට පොලීසියේ ත‍්‍රී රෝද රථයට මාව දැම්මා. එ් හතර දෙනා මාව පාදුක්ක පොලීසියට ගෙන ආවා. 
මාව ගෙන ගියේ පොලීසියේ පිටුපස්සට. මාව බස්සා, මට පරණ මේස් බැනියමක් දුන්නා ලේ පිහදා ගන්න කියා. මගේ කටෙන් හා නාසයෙන් ලේ දමන්නට වුණා. කකුල්වලින් අත්වලින් ලේ ගලමින් තිබුණා. 
මේ වනතුරු ද මාගේ කටින් හා නාසයෙන් ලේ ගලනවා.
ඉන්පසු පොලීසිය ඇතුළට ගෙනිහිල්ලා රිසව් එකෙන් පෝරමයක් රැුගෙන, එම ත‍්‍රී රෝද රථයේම දාගෙන හෝමාගම රෝහලට ගෙන ආවා. ගෙන එන අතර මගදී නවත්වා, එස්.අයි. සම්පත් මට කිව්වා උඹ එළියේ ඉන්න කැමති නම් අපි කියන දේ කරන්න කියා. 
මම මොකක්ද කරන්න  ඕන කියා ඇහුවා. එස්.අයි. සම්පත් කිව්වා, න්‍ඵධ මහත්තයා ළඟට දැම්මාම, උඹ දුවන්න ගිහිල්ලා වැටුණා කියලා කියපන්, නැති නම් අවුරුදු 2ක 3ක් ඉන්න බෝම්බයක් දාලා යවනවා කිව්වා.
මාව හෝමාගම රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී ළඟට ගෙන ගියා. එස්.අයි. සම්පත් ළඟ හිටියා. මම වෛද්‍යවරයාට කිව්වා දුවන්න ගිහිල්ලා වැටුණා කියලා. පරීක්ෂා කරන්නේ නැතිව නම, වයස, ලිපිනය අසා මට එළියට යන්න කිව්වා. 
නැවත මාව පාදුක්ක පොලීසියට ගෙනවිත් කූඩුවට දැම්මා. පහුවදා උදේ වෙනකම් ලේ පෙරමින් කූඩුව ඇතුලේ හිටියා. 
පසුවදා උදේ (2016.03.03* 10.30 ට විතර මාව එළියට අරන්, කෑන් එකකටයි, බෝතලේකටයි ඇඟිලි සලකුණු බලෙන් අරගත්තා. නැවත කාමරයකට අරන් පොතක මොනවද ලියා මගෙන් අත්සන් ගත්තා. ඊට පස්සෙ නැවත කූඩුවට දැම්මා. උදේ 10.00 විතර අවිස්සාවේල්ල මහේස්ත‍්‍රාත් අධිකරණයට ගෙන ගියා. 
අධිකරණයේදී මගෙන් අරක්කු බෝතල් පහකට වැරදිකරු ද, නිවැරදිකරු ද කියා ඇසුවා. නීතිඥ මහතා මගින් මා නිවැරදිකරු බව ප‍්‍රකාශ කළා. එ් අවස්ථාවේ මාගේ නීතිඥවරයා ප‍්‍රකාශ කළා මට ගහලා තිබෙන බව. එ් වෙලාවේදීත් මගේ ඇහැ ඉදිමිලා තිබුණා. නඩු කාරයා මගේ දිහා ටිකක් වෙලා බලන් ඉඳලා රු: 10,000/- ක මුදල් ඇපයක් හා රු: ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හැරියා. 
සවස 2.30 ට පමණ උසාවියෙන් පිට වුණා. මා ත‍්‍රී රෝද රථයකින් ගෙදර ඇවිත් ඇඳුම් මාරු කරගෙන හෝමාගම රජයේ රෝහලට ගෙදර අය සමග පැමිණියා. රෝහලේදී පොලීසිය ගහපු බව ප‍්‍රකාශ කළා. 
දින 05 ක් රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ගත්තා. අධිකරණ වෛද්‍ය නිලධාරී බැලූවා. මගේ ඇස්වලට ලේ බැහැලා තිබුණා. දත් හතරක් බුරුල් වෙලා මුහුණේ පැත්තක් හිරිවැටිලා තිබුණා. මුහුණේ හිරි වැටීම සුව වෙනකම් දත්වලට ප‍්‍රතිකාර කරන්න බැරි බව ප‍්‍රකාශ කළා.
රෝහලේ සිටියදී මාගෙන් පොලීසිය ප‍්‍රකාශයක් ගත්තා. මා සියලූ විස්තර කියා සිටියා.
මා පසුගිය වසරේ නීති විරෝධී මත්පැන් අලෙවි කළා. මට විරුද්ධව නඩු 8 ක් පමණ දැම්මා. එ් නඩු සියල්ලටම මම වැරදිකරු බව පිළිගෙන දඩ ගෙව්වා. මා ඉන්පසු එම නීති විරෝධික‍්‍රියාව නවතා දැම්මා.
මේ අවස්ථාවේ මාව අත්අඩංගුවට ගත්තේ බොරුවට. එ් නිසා මා නිවැරදිකරු බව ප‍්‍රකාශ කළා.
මා ඉල්ලා සිටින්නේ, 
(1) අමානුෂික ලෙසට පහර දී වධහිංසා පමුණුවා 
(2) බොරු නඩු දැමූ 
පාදුක්ක පොලීසියේ උප පොලිස් පරීක්ෂක සම්පත්, කොස්තාපල්වරුන් වන පසිඳු, විශ්ව හා සිල්වා යන අයට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසටය.’’  

2. 2016.04.06 දින දෙවන පැමිණිල්ල:- 
‘‘ අත්අඩංගුවට ගෙන, වධ දී, බොරු නඩු දැමීම.  2016.04.03 වන දින රාත‍්‍රී 7.00 ට පමණ, මා, මොරගහහේන, කිදෙල්පිටිය, නාකන්දල ගමේ පිහිටි, හරක් පට්ටිය ළඟ වැඩ කරමින් සිටිය දී,
පාදුක්ක පොලීසියේ, උ.පො.ප. සම්පත් හා තවත් නිලධාරියෙක්, කලූපාට යතුරුපැදියකින් පැමිණියා. මගේ බෙල්ල මිරිකා, මාව යතුරුපැදියේ මැද තබාගෙන පාදුක්ක පොලීසියට ගෙන ආවා.
පොලීසියේදී, උ.පො.ප. සම්පත්, මට කිව්වා, උඹේ මානව හිමිකම් එකේ දාපු නඩු අයින් කර ගනින්, අරක්කු නඩුවට වැරදිකාරයා කියපන් කියා.
මම බෑ කිව්වා. එවිට කූඩුවට දැම්මා. ගෙදර අයට බලන්න දුන්නේ නෑ. වෙනත් අයව බලන්න එන අය මට කෑම දුන්නා.
මාව, ඊයේ 2016.04.05 දවල් 12.30 පමණ අවිස්සාවේල්ල මහේස්ත‍්‍රාත් උසාවියට ගෙන ගියා. මා වෙනුවෙන් නීතිඥ විජයානන්ද පත්මසිරි මහතා පෙනී සිටියා.
මට විරුද්ධව කසිප්පු බොතල් 08 ක් ළඟ තබාගත් බවට බොරු චෝදනාවක් දමා තිබුණා.
මාව උසාවියට ඉදිරිපත් කළ වෙලාවේ කසිප්පු බෝතල් ඉදිරිපත් කර තිබුණේ නැහැ.
නීතිඥ මහතා මාව, 2016.04.03 අත්අඩංගුවට ගත් බවත්, දින 03 ක් නීති විරෝධීව රඳවා තබාගෙන සිටි බවත්, මීට පෙරද බොරු නඩු දමා ඇති බවත් කියා සිටියා.
මාව රුපියල් 5000/- ක මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදාහැරියා. 
නඩු අංකය : 98499 වේ. මීළඟ නඩු දිනය 2016.07.14
මා ඉල්ලා සිටින්නේ,
මේ ආකාරයට වධ දීමට හා බොරු නඩු දැමීමට එරෙහිව නොපමාව නීතිය ක‍්‍රියාත්මක කරන ලෙසටය.
මේ සමග මා 2016.03.10 දින කරන ලද පැමිණිල්ලේ පිටපත ද ඉදිරිපත් කරමි.’’

No comments:

Post a Comment