Sunday, April 17, 2016

ඔලූවට හෝස බටයෙන් ගසා කැ...යා, දණගහපන්කිව්වා. කූඩුවට දැම්මා.බොරු චොදනාවක් දාලා උසාවි දැම්මා

.
  ,
මීට පෙර දාපු බොරු නඩුවට නිවැරදිකරු කිව්වාට තමයි මේ නඩුවත් දැම්මේ. 
හතලිස් හැවිරිදි දයානන්ද කිරි ගොවියෙක්. මාර්තු 27 පාදුක්ක පොලිසියේ කොස්තාපල් සොයිසා හා ජගත් පැමිණ මොහුගෙන් ‘‘බඩු’’ ඉල්ලා ඇත. 

ටික වේලාවකින් උප පොලිස් පරීක්ෂකවරු දෙදෙනෙක් ද එතැනට පැමිණ ඇත. ඉන් අයෙක් උප පොලිස් පරීක්ෂක එ්කනායක. ඔවුන් කාරණය සඳහන් නොකර මොහුව පොලිසියට ගෙනගොස් ස්ථානාධිපතිට ඉදිරිපත් කලවිට, උඹද දයානන්ද කියා අසා, හෝස් බටයක් අරන් ඔලූවට ගසා කැ..යා දණගහපන් කියා  දණගස්සවා ඇත. 

එයින් අනතුරුව කූඩුවට දමා, බොරු චෝදනා මත උසාවියට ඉදිරිපත් කර තිබේ.

පොලිසියේ සිටින කාලය තුල උ.පො.ප. සම්පත් තමාට අසභ්‍ය වචන කියා බැණ වදිමින්, මිරිහාන පොලිසියට කියා ඔ 56රැු බෝම්බ දමා හිරේ දාන බවට තර්ජණය කර තිබේ.

මේ ආකාරයට මොහුට විරුද්ධ පොලීසිය කටයුතු කරන්නේ, ඔහු යටතේ සේවය කරන සේවකයින් දෙදෙනෙකුව අත්අඩංගුවට ගෙන පොලිස් වධදීම පිළිබඳව මැදිහත්ව එම වින්දිතයින් දෙදෙනාට යුක්තිය ඉටු කරවා දීමට කටයුතු කිරීම නිසාය.

දයානන්ද - අධිකරණයේදී බොරු චෝදනා සියල්ලම ට නිවැරදිකරු බව කියා ඇත. බොරු චෝදනාවලට නිවැරදිකරු කීම තරම් පාපයක් ශ‍්‍රී ලංකා පොලිසියට නැත.

වධදීම හා බොරු චෝදනා දැමීම මගින් පොලිස් කාරයින් මානසික තෘප්තියක් ලබන අතර, අතිරේඛ ආදායමක් ලබා, රාජ්‍ය ආදායම තර කරයි.
දයානන්ද මානව හිමිකම් කොමිසම හා පොලිස් කොමිසමට කරන ලද පැමිණිල්ලෙන් කරුණු පැහැදිලි වනු ඇත.

‘‘ 2016.04.06 දිනදීය. 

1. 2016.03.27 වන දින උදේ මම මිල්ලෑව, කිඳෙල්පිටිය, නාකන්දල පිහිටි මාගේ සත්ව ගොවිපලට කිරි ගැනීම සඳහා ගියා.
මම එතැන සිටින විට, යතුරු පැදියකින් සිවිල් පිට, පාදුක්ක පොලිසියේ පො.කො.සොයිසා හා පො.කො.ජගත් පැමිණියා.
ඔවුන් මා සමග තොරතුරු විමසමින් සිටින විට, යතුරු පැදියකින් තවත් දෙන්නෙක් ආවා. එයින් එක් අයෙක් උ.පො.ප.එ්කනායක. අනෙක් අය දුටුවොත් අඳුරන්න පු`ඵවන්. ඔහු උප පොලිස් පරික්ෂකවරයෙක්. ඔවුන් සිටියේද සිවිල් පිට.
ඔවුන් මාව රඳවා ගත්තා. ඔවුන්ද මගෙන් බඩු ඉල්ලූවා. මම කිව්වා මම ”බඩු” ගැන දන්නේ නැහැ කිව්වා.
එ් සමග මම දුරකතනයෙන් බිරිඳට කතාකර, පොලිසියෙන් ඇවිත් සිටින බව කියා, ඇයට එන්න කිව්වා. ඇය ද එතැනට පැමිණියා.
එ් අවස්ථාවේ මා අසල බිරිඳ හා චමින්ද ලසන්ත ද සිටියා.
උ.පො.ප.එ්කනායක මට හා ලසන්තට කිව්වා යන්න ලැහැස්තිවෙන්න කියා. 

කිසිම කාරණයක් කිව්වේ නැහැ. ස්ථානාධිපති කිව්වා කියා, මගේ ගේ ලගට එක්ක ගෙන ගියා. ලසන්තව පො.කො.සොයිසා, ඔහු අත තිබූ කිරි කෑන් එකද සමග යතුරු පැදියෙන් ගෙන ගියා. මම වෙනම මාගේ යතුරු පැදියෙන් බිරිඳ සමග නිවස ලඟට පැමිණියා.
බිරිඳ ඔවුන්ට කිව්වා ලක්ෂ ගානක හරක් ඉන්නවා, මම විතරයි තනිවම, එ්වාට වගකියන්න සූදානම් වෙන්න කියා. එ් සමග ඇය මානව හිමිකම් කොමිෂමට කතා කිරීමට උත්සාහ ගත්තා. නමුත් එය සාර්ථක වූයේ නැහැ.
එ් අතර, ලසන්තට උඹට නඩුවක් දාලා තියෙන්නේ කියා, මාව පමණක් පොලිසියට ගෙන ගියා. 
මාව ගෙනගියේ යතුරු පැදියේ. එ් ගෙන ගියේ උප පොලිස් පරීක්ෂක. ඔහුගේ නම දන්නේ නැහැ. දුටුවොත් අඳුරන්න පු`ඵවන්.
දිග හෝස් බටය අරන් මගේ ඔලූවට වේගයෙන් ගැහුව්වා. ඔලූව මැදට. එ් පාර වැදුනා. මාව හිරි වැටුනා. ඊට පස්සේ මට කිව්වා ”කැරියා, දණ ගහපන්” කියා. මම දණ ගැහුව්වා. විනාඩි 5ක් විතර ඉන්න කොට, නැගටපන් කියා, උ.පො.ප.එ්කනායකට කතාකරලා කිව්වා. මූට ගහලා නඩුවක් දාපන් කිව්වා. 
උ.පො.ප.එ්කනායක මාව ගෙනගොස් කූඩුවට දැම්මා. මම කූඩුවේ ඉන්නකොට, රාත‍්‍රී 10ට විතර උ.පො.ප.සම්පත් කූඩුව ලඟට ආවා. මට ෙදාර ලඟට කතා කලා. උඹේ පැත්තක් වැඩියි කිව්වා. උඹේ චන්ඩිකම් වලට ම මබය නැහැ,  ඕන කොමිෂමකට පලයන් කිව්වා. උඹව මම ආයෙත් ගන්නවා කිව්වා. 
පසුදා උදේ 9ට විතර, මාව ෙදාර ඇර, පො.කො.කෙනෙක් පැමිණ එළියට අරන් පිටිපස්සේ කාමරයකට ගෙන ගියා. මාගෙන් මොකද කියන්නේ කියා ඇසුවා. මම කිව්වා කියන්න දෙයක් නැහැ කියා. මම ඇහුව්වා මාව ගෙන ආවේ මොකටද කියා. 
ඔහු මට කිව්වා අපිට කරන්න දෙයක් නැහැ, ලොකු මහත්වරු කියනදේ තමයි අපිට කරන්න තියෙන්නේ කියා.
ඔහු මට කිව්වා ලොකු මහත්වරු කියපු විදිහට, මම ලියලා තියෙනවා අරක්කු බෝතල් 2ක් දාලා. මේකට අත්සන් කරපන් කිව්වා. 
මම බෑ කිව්වා. ගුටි කන්න වෙයි කිව්වා. මම බයේ අත්සන් කලා.
එ් සමග එතැනට පො.කො.ජගත්, පො.කො.මහේෂ් ආවා. ප‍්‍රකාශ ලියාගත් පො.කො.වරයා කිව්වා චමින්ද උඹේ ගෝලයානේ, මේ ගොල්ලන්ට විරුද්ධව දාලා තියෙන පැමිණිල්ල අයින් කරලා දීපන් කියා. මම බලන්නම් කිව්වා. නැවත මාව කූඩුවට ගිහින් දැම්මා. 
දහවල් 2.00 ට පමණ හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණයට ගෙන ගියා. මා වෙනුවෙන් නීතිඥ ගම්ලත් මහත්මිය පෙනී සිටියා. එ් මහත්මිය අධිකරණයට සියලූ විස්තර කියා සිටියා. මම චෝදනාවලට නිවැරදිකරු බව ප‍්‍රකාශ කලා. ශරීර ඇප මත මුදාහැරියා.මීළඟ නඩුව 2016.04.29 දින වේ.

2. ඉන් අනතුරුව, 2016.04.03 ඉරිදා, උදේ 9.30 ට මා රාජකාරිකරන හයිලෙවල් පාරේ,ගලගෙදර හංදියේදී, මාව පාදුක්ක පොලිසියේ උ.පො.ප.සම්පත් විසින් නතර කලා. ඔහු මගෙන් යතුර පැදියේ ආදායම් වාර්තාව, රක්ෂණ සහතිකය හා ජංගම දුරකථනය ලබා ගත්තා. ඔහු එ් සියල්ලම සාක්කුවේ දාගෙන මට බයිසිකලය ගනින් කියා, මාව අඬගහගෙන මීපේ හංදියේ, වාහන පරීක්ෂා කරන තැනට ගෙන ගියා. එතැනදී මාගේ ජංගම දුරකථනයට කෝල් එකක් ආවා. මම එ්වාට පිළිතුරු දෙන්න ඉල්ලූවා. නමුත් දුරකථනය මට දුන්නේ නැහැ.
මම ඔහුට කිව්වා මම දැන් යන්නේ වෛද්‍ය කාර්යාලයට හදිසි වැඩකට, මට එයට කෝල් එකක් ගන්න දෙන්න කියා ඉල්ලා සිටියා. 
එවිට ඔහු කෝල් එක අරන් දුන්නා ශබ්දය වැඩි කරලා. මම ඔහුට විස්තරය කිව්වා. පොලිසියෙන් අල්ලන් ඉන්න බව කිව්වා. එය ලබාගත් මලිත් නැමැති නිලධාරියා එතැනට ආවා. මම ඔහුට විස්තර කියා ගෙදරට දන්වන්න කියා එම නිලධාරියාට කිව්වා. 

මාව පොලිසියට ගෙනයන විට ගේට්ටුව ලඟ බිරිඳ හිටියා. එයා කෑ ගැහුව්වා. පර්ස් එක, දුරකථනය මට දුන්නා ඇයට දෙන්න කියා. 
එතැනින් මාව පාදුක්ක පොලිසියට ගෙන ගියා. මාව පොලිසියට ගෙනගොස් කූඩුවට දැම්මා. 
මාව බිරිඳට බලන්න ඉඩදුන්නේ නැහැ. මාව කූඩුවට දාන අවස්ථාවේ චමින්ද ලසන්ත කූඩුවේ සිටියා. 
එදිනම මාගේ බිරිඳ, හොරණ එ්.එස්.පී.කාර්යාලයට පැමිණිලි කරන්න ගියද, පැමිණිල්ල බාරගෙන නැහැ. ඊට පස්සේ බිරිඳ නීතිඥ රංජිත් ආරච්චිගේ මයාව, පොලිසියට එවා තිබුනා. එ් මහතා සමග කතා කලා. 
එදින රාත‍්‍රියේ, උ.පො.ප.සම්පත් මාව එළියට අරන් කාමරයකට ගෙන ගොස් විනාඩි 45 ක් පමණ තියාගෙන, සිට මාව යලිත් කඩුවට දැම්මා. එ් අතර මට මෙහි සඳහන් කරන්න බැරි තරමේ කුණුහරප කියමින් බනිමින්, ඔ56 ක්, බෝම්බයක් දානවා, මිරිහාන පෙලාසිය මගින් මාව හිරේ දාන බවට දිව්රා ප‍්‍රකාශ කලා. උඹට පුලූවන්නම් මෙතනට නඩු කාරයාව ගෙනාවත්, මම කරන දේ දන්නවා, නිවැරදි කාරයා කියූ නඩුවට වැරදි කාරයා කියපන් කිව්වා.
පසුවදා උදේ, 2016.04.05 දින උදේ 9.00 ට පමණ මගෙන් ඔවුන් ලියපු ප‍්‍රකාශයකට අත්සන් ගත්තා. 
එදින දහවල් 12.30 ට පමණ අවිස්සාවේල්ල උසාවියට ගෙන ගියා. එහිදී මා වෙනුවෙන් නීතිඥ විජයානන්ද පත්මසිරි මයා අධිකරණයට කරුණු වාර්තා කලා. මා නිවැරදිකරු බව ප‍්‍රකාශ කලා. මට රුපියල් 5000/= මුදල් ඇප හා රුපියල් ලක්ෂයක් වටිනා ශරීර ඇපයක් මත මුදා හැරියා. මීලඟ නඩුව 2016.07.14 දින වේ. නඩු අංකය 98502 වේ. 

මා ඉල්ලා සිටින්නේ,
ඉහත සඳහන් ආකාරයට නීති විරෝධීව අත්අඩංගුවට ගැනීම, රඳවා තබා ගැනීම, බොරු නඩු දැමීම ගැන - නීතිමය පියවර ගන්නා ලෙසට හා මේ ආකාරයට පොලිසිය සිදුකරන අපරාධ වලක්වාලන ලෙසට ය.’’



No comments:

Post a Comment