Thursday, January 13, 2011

2011 සුභ නව වසරක් - කාටද? උන්ටද ? අපිටද











එළඹි නව වසර, පොලිස් නීති විරෝධී ක්‍රියාවන් තව දුරටත් උග්‍රවන්නාවු වසරක් ලෙසට - ගෙවී ගිය වසර සනිටුහන් කර තිබේ. නීතියේ ආධිපත්‍ය කඩා වැටීමට සාපේක්ෂව, පොලිස් නීති විරෝධී ක්‍රියාවන් වර්ධනය වීය. එම ක්‍රියාවන්ට යුක්තිය පසදලීම හා සම්බන්ධ සියලු ආයතනවල නොමද සහයෝගය ලැබින. දේශපාලන අධිකාරියේ ආශිර්වාදය හිමිවීම කැපීපෙනෙන්නක් විය. 2010 වසරේදී ජනසංසදයට වාර්තාවූ පොලිස් නීති විරෝධී ක්‍රියාවන්ගේ සංඛ්‍යාව එකසිය අසූ දෙකකි. මේ අතුරින් එකසිය පනස් තුනක්ම නීති විරෝධී අත්අඩංගුවට ගැනීම්, වධහිංසා පැමිණවීම්,නීති විරෝධී රදවා තබාගැනීම් හා ව්‍යාජ චෝදනා මත නඩු පැවරීම්ය. රට පුරා - වසර පුරා අපට වාර්තා නොවූ පොලිස් නීතිවිරෝධී ක්‍රියාවන් මෙපමණකැයි අනුමාන කල නොහැක. පොලිසිවල පීඩාවට එරෙහිව පැමිණීල්ලක් දැමීමට, හඩක් නැගීමට ඉදිරිපත්වන්නේ නැත. එයට හේතුවන කරුණු විවිධය.

මෙයට අමතරව, වෙනත් රාජ්‍ය ආයතන වලින් යුක්තිය ඉටු නොවීම සම්බන්ධයෙන් තම දුක් ගැනවිලි ඉදිරිපත් කිරීමට අප ආයතනයට යොමුවූ පිරිස එකසියපනස් තුනකි. රජයේ පාසල්වලින් සිසුන්ව වධහිංසාවට පත්කිරීම, අදාලව සිද්ධීන් දොළහක් වාර්තා වින. මේ සියලු සිද්ධීන්ට ද්විතීයික පාර්ශවයක් ලෙසට පොලිසිය සම්බන්ධ වින. මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වෙනුවට - උල්ලංඝණය කරන්නවුන් රැක ගැනීමට ආණ්ඩුව සෘජුව සම්බන්ධ වසරකි - 2010.
පවතින නීති ක්‍රියාත්මකවීම වැළැක්වීම, අකර්මන්‍ය කිරීම හා සමගාමීව දණ්ඩමුක්තිය ප්‍රතිපත්තිය ලෙසට ප්‍රකාශ වින. මෙම තත්වය තුල පීඩාවට පත්වන පුද්ගලයින් නොමග යැවීමටද සැලසුම් සහගතව පියවර ගන්නා ලදි.

පොලිසියට සෙත් පැතීම, ප්‍රචාරක පුවරු සකස් කිරීම හා පොලිසි ඉදිරිපිට අති විශාල බුද්ධ ප්‍රතිමා ඉදිකිරීමේ සිට පොලිස්පති හමුවීම, මහජන පැමිණීලි අංශ ඇති කිරීම, හදිසි දුරකථන ඇමතුම් අංක එලි දැක්වීම හා පොලිස්පතිට ජංගම දුරකථන හරහා කෙටි පණිවුඩ යැවිය හැකි බව ප්‍රසිද්ධ කිරීම - එම විහිලු අතර කැපීපෙනෙන ඒවාලෙසට හැදින්විය හැකිය. පාලකයින් ජනතාව රැවටීමට ගන්නා ප්‍රයත්නවල ප්‍රතිඵල ඇත. මේ සියල්ලටම ජනතාව රැවටී තිබේ. ඒවා ගැන කතාකරති. හුවා දක්වති. ඒ මාධ්‍ය, බුද්ධීමතුන් හා ඉහළයින්ය. ලැබූ නවවසරට සුභ පැතීමට අප එක් නොවන්නේ - සුභ නොවන බවට කරුණු කාරණා ඇති හෙයිනි.

No comments:

Post a Comment