Wednesday, January 12, 2011

උතුරු නැගෙනහිර පළාත් ඡන්දේටත් සිංහල භීතිය






හැමදේම සිංහලෙන් පමණක් වියයුතුයි යන්න තිරණය කිරිම භීතියක් මිස අන්කවරක්ද? රාජපක්ෂගේ මෙම භීතිිකාව ගැන දෙමළ ජාතික සන්ධානය තවමත් නිහඩ ඇයි?

යාපනයේ විශ්වාසදායක ආරංචි මාර්ග වලට අනුව ලග එන පළාත් පාලන මැතිවරණයට අදාලව නිකුත් කරන සියලු චක‍්‍රලේඛ සහ රෙගුලාසි ආණ්ඩුව සිංහලෙන් පමණක් මුද්‍රණය කර ඇත. මෙිනිසා උතුරු නැගෙනහිර මැතිවරණ නිළධාරින් බලවත් අපහසුතාවයකට පත්ව තිබෙි.

මෑතකදි යාපනේ දෙමළ සිසුන්ට ශ‍්‍රී ලාංකාවෙි ජාතික ගීය සිංහලෙන් ගැයිමට බලකිරිම ගැටලු සහගත විය. මෙම සිද්ධියෙන් පසුව කොළඔ සෑම දෙයම සිංහලෙන් පමණක් විය යුතුයැයි ප‍්‍රතිපත්තියක් ක‍්‍රියාවට නැගෙමින් තිබෙන බව සිවිල් සමාජ කොටස් ප‍්‍රතාශ කරති.

යාපනේ මැතිවරණ නිළධාරින් මෙි තත්වය තුළ තමන්ට සිංහල භාෂා ප‍්‍රවිණයන් අවශ්‍යයව ඇතැයි මැසිවිලි නගති. තවද පරිවර්තන ක‍්‍රියාදාමයට සතියක පමණ කාලයක් අවශ්‍යය බවත් ඔවුන් ප‍්‍රකාශ කර සිිටිති.

මමත් සිංහල. නමුත් මෙි දේ වැරදියි. පොඩිඩක් හිතන්න සිංහලයෙක් වන ඔබටත් මටත් දෙමළ පමණක් කතා කරන්නට හෝ ලියන්නට බල කලවිට ඇතිවන තත්වය කුමක්ද කියලා. අද මෙි දේ වෙන්නේ අප වැනිම මිනිසුන් කොටසක් වන දෙමළ ජාතිකයින්ට. එකම වෙනස අපි බහුතරය ඔවුන් සුලුතරය විමයි. අපි මෙි ගැන තවමත් නිහඩයි. හෙට දවසේ අපිට අසාධාරණයක් වුනොත් අපේ නිහඩබව ඔවුන්ද අනුගමනය කරනු ඇත.










හර්ෂි සි. පෙරේරා විසින් ලංකා ගාඩියන් වෙබ් අඩවියට ලියු ලිපියකි




No comments:

Post a Comment