Monday, January 17, 2011

නීතිය ක‍්‍රියාත්මකවිම කෝලමක් මිස අන්කවරක්ද?



ආණ්ඩුවේ නීතිය ක‍්‍රියාත්මක කරන ආයතනය පොලිසියයි. පොලිස් ස්ථානයක සිදුවන සියලු කටයුතු වලට වගකිවයුත්තේ ස්ථානාධිපතිවරයාය. මෑතක සිට ස්ථානාධිපතිවරුන් ලෙස පත්විමි ලැබිමට ලොක්කාගේ මල්ලිගෙන් ලියුමක් අවශ්‍යය බව කියවෙි. රටෙි සිදුවු ප‍්‍රකට ඝාතන ගණනාවක් සමිබන්ධයෙන් පොලිසිය මෙතෙක් විමර්ශන පවත්වා නැත. මිට වසර දෙකකට පෙර මාධ්‍යයවේදි ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය කෙරිණි. දැනට වසරකට පෙර මාධ්‍යවෙිදි ප‍්‍රගිත් එක්නැලිගොඩ අතුරුදහන් කෙරිණි. පොලීසිය මොකද කළේ?

මේ  ආකාරයට රට තුළ ඝාතන ගණනාවක් සිදුවෙමින් තිබේ. ඊයේ මාධ්‍ය වාර්තා කළේ ඉතාලියේ සිට පැමිණි කොළඹ කොස්වත්ත මුහන්දිරම් මාවතේ තරුණයකු මරාදමා ඇති බවයි. ඔහු ඉන්ද්‍රජිත් රාජපක්‍ෂ (35) වේ . මිට මාස දෙකකට පමණ පෙර බොරැල්ල සර්පන්ටයින් හංදියේදි පුද්ගලයින් දෙදෙනකු වෙඩි තබා ඝාතනය කළේ ත‍්‍රාසජනක චිත‍්‍රපටියක ආකාරයෙනි.

මේ මෙරට අවනීතිය රජ කරන බව පෙන්විමට ඇති නිදසුන් සියගණනක් අතරින් අතලොස්සක් පමණි. එහෙත් අපට හොදින් කෙටුමිපත් කල නීතියක් ඇත. ඒ නීතිි ඉතා ලස්සනට පොත්වල ලියවි ඇත. සරලව කිවහොත් අපේ අපරාධ යුක්තිය පසිදලිම පිළිබද ක‍්‍රමමේදය වෙන කිසිදු රටකට දෙවෙනි නොවේ. එහෙත් මෙරට එය ඒ අයුරින් ප‍්‍රායෝගිකව ක‍්‍රියාත්මක වේද?

නීතිපති දෙපාර්ථමෙින්තුව ලිපි ගොනු යටියන්තොට යැවිම පිළිබද ප‍්‍රසිද්ධියක් උසුලයි. ඇතැමි නඩු වලට නීති උපදෙස් ගොනු කිරිමට වසර 06 කටත් වඩා කල්ගත් අවස්ථා වලට නිදසුන් ඇත. නීති විද්‍යාලයේ ප‍්‍රශ්න පත්තර විභාගයට පෙර සිසුන් අතට පත්වි
මේ තත්වයක් මෙන්ම ලොක්කාගේ පුතාට විභාග වලදි වැඩි වරප‍්‍රසාද ලබාදිමක්ද සිද්ධ වේ.
මේ අයුරින් ප‍්‍රයෝගිකව නිසි පරිදි ක‍්‍රියාත්මක නොවන නීතිය කෝලමක් මිස අන්කවරක්ද?










හර්ෂි සි. පෙරේරා විසින් ලංකා ගාඩියන් වෙබ් අඩවියට ලියු ලිපියකි

No comments:

Post a Comment