Thursday, January 20, 2011

මාධ්‍යය මර්ධනයට නිහඩ ශ‍්‍රී ලාංකීය මාධ්‍යවෙිදියෝ



මාධ්‍යයට අදාල පුවතක්                                                                                                                                                                

වාරණයට එරෙහි මාධ්‍යවේදියෝ සංවිධානය සහ වෘත්තීය පත‍්‍රකලාවේදීන්ගේ සංගමය එක්ව අද දහවල් කොටුව දුම්රියපොළ ඉදිරිපිට දී උද්ඝෝෂණයක් පැවැත්වීය. මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩ ඇතුරුදන් වී වසරක් ගත වීමත් සන්ඬේ ලීඩර් කර්තෘ ලසන්ත වික‍්‍රමතුංග ඝාතනයේ පරීක්ෂණ ගැන රජයේ අවධානය යොමු කිරීමත් එහි අරමුණ විය. පාර්ලිමේන්තු මන්ත‍්‍රීන් වන විජිත හේරත්, ටිරාන් අලස්, මහත්වරු ද ඊට එක්වූහ. 

මාධ්‍යයට අදාල තවත් පුවතක්                                                                                  



ශ‍්‍රී ලංකාවේ ඇතැම් වෙබ් අඩවි රජයේ නිලධාරීන්ට හා ඇතැම් ආයතන වලට වගකීම් විරහිතව අනවශ්‍ය ලෙස පහර ගැසීම් කරන නිසා එම ආයතන වලට විරුද්ධව ක‍්‍රියා කරන ලෙසට රජයේ ‘සිළුමිණ’ පත‍්‍රයේ කර්තෘ කරුණාදාස සූරියආරච්චි මහතා ජනාධිපතිවරයාට යෝජනාවක් කර තිබේ. ලංකා ඊ නිව්ස්’ වෙත වාර්තා වන අන්දමට ‘සිළුමිණ’ කර්තෘවරයා මේ යෝජනාව කර තිබෙන්නේ අරලියගහ මන්දිරයේ අද (13* පෙරවරුවේ ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවැති මාධ්‍ය ආයතන ප‍්‍රධානින්ගේ හා කර්තෘවරුන්ගේ හමුවේදීය.

මේ කර්තෘවරයා ඉහත ප‍්‍රශ්නය ජනාධිපතිවරයා වෙත ඍජුවම යොමු කරමින් අසා තිබෙන්නේ, එවැනි වෙබ් අඩවි වලට විරුද්ධව පියවරක් නොගන්නේ මන්ද කියායි. රටටත්, රජයටත්, ජනාධිපතිවරයාගේ පවුලේ අයටත් සමහර අවස්ථාවල එම වෙබ් අඩවි වලින් අපටත් පහර ගසනවා යැයි කියා ඇති සූරියආරච්චි කර්තෘවරයා ඒ සම්බන්ධව රජය නිහඬ මන්දැයි අසා ඇත. 

රාජ්‍ය විරෝධී හා විශේෂයෙන් ආරක්ෂක හමුදාවලට එරෙහිව රටට අහිතකරලෙස වෙබ් අඩවි වල පුවත් පළවන බව පවසා ඇති ජනාධිපතිවරයා සමහර වෙබ් අඩවි රටින් පිට සිට පවත්වා ගෙන යන බවත් එම වෙබ් අඩවි පවත්වාගෙන යන අය සම්බන්ධයෙන් හා ඒවාට මෙරට සිට උදව් කරන අය ගැන වෙනම අංශයක් මගින් පරීක්ෂණයක් කරගෙන යන බවත් එම තොරතුරු අනාවරණය කර ගැනීමෙන් පසු ඒ අයට විරුද්ධව පියවර ගන්නා බවත් ප‍්‍රකාශ කොට තිබේ. (ලංකා ඊ නිව්ස් 2011 ජන.13, ප.ව. 6.00*

මාධ්‍යවෙිදින් ඝාතනයට සහ අතුරුදහන් කිරිමට විරෝධය පල කළ යුතුයි. එහි විවාදයක් නැත. නමුත් මෙි කෑගසන මාධ්‍යවෙිදින් ජනාධිපතිවරයාගේ වෙබි අඩවි භීතිකාව ගැන නිහඩ ඇයිි? එය ඔවුන්ගේ ආචාර ධර්ම වලට අදාලත්වයක් නැති නිසාද? නැතිනමිි ඔවුන්ද ජනාධිපතිවරයාගේ ලාබ ප‍්‍රයෝජන බලාපොරොත්තුවෙින් සිටින නිසාද?
 










හර්ෂි සි. පෙරේරා විසින් ලංකා ගාඩියන් වෙබ් අඩවියට ලියු ලිපියකි

No comments:

Post a Comment